IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අල ගොවියාට රජයෙන් දෙකෝටියක පොල්ලක්

(කාංචන කුමාර ආරියදාස)
 
දේශීය අර්තාපල් ගොවියා ගෙන් 2018 වසරේදී  ආණ්ඩුව මිලදීගත් අර්තාපල් සඳහා රුපියල් දෙකෝටි දාහත්ලක්ෂ  විසිදහස් හාරසිය අසුහතක  මුදලක්  රජය ගොවියාට ගෙවිය යුතුව ඇති බව  සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරයි.
 
සමුපකාර දෙපාර්තමේන්තුව සිදුකර ඇති මෙම  සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම අද (09)  සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී පැවැත්විණි.
 
එහිදී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ 2018 වසරේ අර්තාපල් අල ගොවීන් ගෙන් රුපියල් කිලෝවක් රුපියල් 92 බැගින් රජය අර්තාපල් අල කිලෝ  වීසි ලක්ෂ හතළිස් දහස් පන්සිය අසූ දෙකක ප්‍රමාණයක් මිලදී ගත් බවයි.
 
අවස්ථා කිහිපයකදීම ගොවීන්ට ටික ටික මුදල් ලබාදී මේ වන විට රුපියල් රුපියල් දෙකෝටි දහත්ලක්ෂ  විසිදහස් හාරසිය අසුහතක  මුදලක් සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මගින් ලබාදිය යුතු බවයි.
 
ශ්‍රී ලංකා සමුපකාර පාරිභෝගික සමිතියෙ සභාපතිත්වය දරනු ලබන්නේ හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයෙකු වූ රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
 
වසරක පමණ කාලයක් ගත වී ඇතත් අර්තාපල් අල ගොවීන් ගේ මෙම මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද දිනෙන් දින කල් දමන බවත් සියලු මුදල් මේ මස 9වැනි දිනට පෙර ගෙවා අවසන් කරන බවට ලිඛිත පොරොන්දු වී තිබෙන බවද ඔහු ලිපියක් පෙන්වමින් පෙන්වා දුන්නේය.
 
සමුපකාර අමාත්‍යාංශයට අයත්   ශ්‍රී ලංකා පාරිභෝගික සමිතිය වෙත රජය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් අර්තාපල් අල මිලදී ගැනීමට ලබාදී තිබෙන බවත් එහෙත් මෙතෙක් රජයට එම මුදල හෝ ගෙවා නැතැයි නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය.
 
ඌවපරණගම ප්‍රදේශයේ අර්තාපල් අල ගොවීන්ට මේ වන විට සිදුව ඇති පාඩුවට වන්දි මුදල සමග වහාම මෙම මුදල ගෙවිය යුතු බවත් එසේනොවන්නේ නම් ඉදිරියේ දී ගොවීන් ඒකරාශී කර දැවැන්ත අරගලයකට යන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
 
එමෙන්ම මේ දිනවල කෝප් කමිටුව හරහා හෙළිදරව් වන රාජ්‍ය දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් වෙද්දී රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යටතේ පවතින සමුපකාර ව්‍යාපාරය අර්තාපල් අල ගොවියාට සිදු කර ඇති මෙම මහා අපරාධය ගැන ලබාගැනීමට හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමටද සැලසුම් සකස් කොට තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
 
එමෙන්ම මේ දිනවල ගොවීන් වෙනුවෙන් වැඩි කතාබහක් ලක් කරන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට ද සිය වගකීම මතක් කර දෙන බවත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයෙකු මෙහි සභාපතිත්වය දරමින් ගොවීන්ට මුදල් ගෙවීම් පැහැර හැර තිබෙන බවත් එම නිසා ඒකාබද්ධ විපක්ෂයට ද මෙහි වගකීමක් පැවරෙන බව සඳහන් කළේය.



අදහස් (0)

අල ගොවියාට රජයෙන් දෙකෝටියක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site