IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපේ ප්‍රචාරය අලුත් තේමාවකින් එය සාර්ථකයි - ටිල්වින්


x ඡන්දෙට සුමානයයි. ජවිපෙ කට්ටිය ලෑස්ති ද පාර්ලිමේන්තු යන්න?
අපේ කට්ටිය කලිනුත් පාර්ලිමේන්තුවේ හිටියා. මේ වතාවෙ තවත් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යන්න සූදානම් කියලා පේනවා. ජනතාවත් ඒ සඳහා සූදානම්. අපි මේ සැරේ අලූත් තේමාවක් එක්ක අපේ ප‍්‍රචාරක කටයුතු කළා. ඒක ඉතාම සාර්ථකයි. ඒකෙ ප‍්‍රතිඵල මේ වනවිටත් අපිට පේනවා.
x ජවිපෙ ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මිනිස්සුන්ට අල්ලලා ගිහිල්ලද?
අපි මේක ඡුන්දෙටම ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධ පිරිස්වල අදහස් එකතු කරමින් ඒවාත් සලකා බලලා තමයි අපි මේක සකස් කළේ. ඇත්තටම ඒක ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් මේ සඳහා ලැබෙන ප‍්‍රචාර ඉහළයි. එක්සත් ජාතික පක්ෂයයි, නිදහස් සන්ධානයයි ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ දෙක නම් ඡුන්දෙන් පස්සෙ කුණු කූඩෙට දානවනේ. ඒත් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එහෙම එකක් නෙවෙයි. අපි හදලා තියෙන්නේ රට හදන වැඩපිළිවෙලක්.
x සමහරු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු කතා තිබුණට වැඬේ බාර දුන්නම කර ගන්න අමාරුයි කියලා. පෙට්ටි කඩයක් කළාට සුපර් මාර්කට් එකක් කරන්න ජවිපෙට පුළුවන්ද කියලා ඒ අය අහන්නේ?
ඔය වගේ සැකයක් තියෙන  ඕන මහත්තයකුට අපි කියන්නේ  අවුරුදු පහක් අපට දීලා බලන්න කියලා. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා. අපි ඒක හොඳට කරගෙන යනකොට බලෙන් ඒක උදුර ගත්තා. අපි අවුරුද්දක් ඇමැතිකම් හතරක් කරලා පෙන්නුවා. ඒවා හරියට කරන්නේ කොහොමද කියලා. අපි අවුරුදු පනහක් තිස්සේ පක්ෂය පවත්වාගෙන යනවා තර්ජන ගර්ජන මැද්දේ. අපි  ඕන දෙයක් පිළිවෙලට කරන හැටි පෙන්නලා තියෙන්නේ. අපි මැයි දිනේ වුණත් සමුළුවක් වුණත් ආකර්ශණීය විදියට කරනවා. අපේ පක්ෂයේ අයට කැපවීමෙන් වැඩ කිරීමේ ශක්තිය  ඕනවටත් වැඩිය තියෙනවා. ඒ ගැන කවුරුවත් සැකයක් තියා ගන්න  ඕන නෑ. අපි කියන්නේ වැඩිය  ඕන නෑ අවුරුදු පහක් අපට බලය දීලා බලන්න අපට හරියට රට කරන්න පුළුවන්ද බැරිද කියලා.
x ඔබ කියන්නේ අවුරුදු පනහක් තිස්සේ ශක්තිමත්ව පක්ෂය පවත්වාගෙන එනවා කියලා එහෙනම් සැරින් සැරේට පක්ෂයේ ජනප‍්‍රිය චරිත ගැලවිලා යන්නේ ඇයි?
එවැනි චරිත ගැලවිලා යද්දිත් අපි පක්ෂය ශක්තිමත්ව මේ දක්වා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. අපිට  ඕනම දුෂ්කර තත්ත්වයක් තුළ වැඩ කරන්න පුළුවන්. පක්ෂයට  කැපවීමෙන් වැඩ කරන්න බැරි අය පක්ෂයෙන් අයින් වෙලා යනවා. ඒක ස්වභාවිකයි.
x ජවිපෙ කිය කිය හිටියේ මේ ඡුන්දෙට හොඳම අය තමයි දාලා තියන්නේ කියලා. ඒත් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජවිපෙ කණ්ඩායම් නායක සමන්ත කෝරළේ ආරච්චි ඡුන්ද නීති කඩලා මාට්ටු වුණා නේද?
අපි ඔහුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළා. ඔහු දැන් මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. මෙතන තියෙන්නේ ආයතන ගැටුමක්. ඔහු අපේ පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිතියේ ප‍්‍රධානියා. ඔහු ඔය කියන රෝහලට යන්න එතන ප‍්‍රධානියාගෙන් අවසර අරගෙන තියෙනවා. නමුත් එතන ඉදපු අපිට විරුද්ධ කෙනෙක් දීපු කෝල් එකකට තමයි ඔහුව ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතන පත‍්‍රිකා බෙදීමක් හෝ ඡුන්ද නීති කැඞීමක් වෙලා නෑ. ඔහුත් එක්ක පක්ෂයේ තවත් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් පත‍්‍රිකා බෙදන්න යන අතරතුර තමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ළඟ පත‍්‍රිකා තිබිලා තියෙනවා. ඒත් ඔවුන් එතන ඒවා බෙදලා නෑ. ඒක අනවබෝධය නිසා වෙච්ච සිදුවීමක්. දැන් ඔහුට පොලිසියෙන් ඇප ලැබිලා තියෙනවා. දැන් ඔහු ඔහුගේ මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා.
x ඔබලා පසුගිය සති අන්ත පත්තර එක්ක දැන්වීම් අතිරේකයක් පළ කළා ”ඒ විසල් සීනු නාදය” කියලා. ඒත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කියන්නේ දැන් සීනුව අලියගෙ හොඬවැලෙත් නෙවෙයි ඒක දැන් අලියගෙ නැට්ටෙ එල්ලලා කියලා.
දැන් එයා දේශපාලනයෙන් බංකොලොත්ම අඩියට වැටිලනේ ඉන්නේ. දැන් එක එක කතා විකාරෙන් වගේ කියවනවා. එයා ජනාධිපති කාලේ එක එක්කෙනාට මඩ ගහන්න කට්ටිය වටේ තියාගත්තා. මිනිස්සුන්ට ගහන්නත් තව කට්ටිය තියාගත්තා. එයාලා දැන් ඔහුත් එක්ක නෑ. දැන් මඩ ගහන වැඩෙත් එයාටම කරන්න සිද්ධ වෙලා. දැන් මහින්ද රාජපක්ෂ මිනිස්සුන්ට ගහන වැඩෙයි මඩ ගහන වැඩෙයි දෙකම කරනවා. අකුරැුස්සේදී එයාගෙ රැුස්වීම් බලන්න ආපු කෙනෙකුටම ගහන්න පැන්නා. අපිට මඩ ගහන මහින්ද මහත්තයට තියන්නේ තමන් ගැන කල්පනා කරලා බලන්න කවුද බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. රනිල් වික‍්‍රම සිංහලගෙ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තෙ මහින්ද රාජපක්ෂගෙ පක්ෂෙ මහත්වරුනේ. අලියගේ නැට්ටේ එල්ලූනේ මහින්ද එක්ක හිටපු අය. රාජිතලා, අර්ජුනලා අද කොහේද ඉන්නේ. නිදහස් පක්ෂෙ හිටපු භාණ්ඩාගාරික නාවින්න අද කොහේද ඉන්නේ. අපි මහින්ද මහත්තයාගෙන් අහන්නේ අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්නෙ එයාගෙ අයද අපිද කියලා.
x මේ සැරේ ජවිපෙට දෙන හැම මනාපයක්ම අලියට දෙන මනාපයක් කියලා ඔබලගෙ පක්ෂෙ හිටපු මුසම්මිල්ලා එහෙම කියන්නේ?
අපේ ප‍්‍රතිපත්ති ගැන වැරැද්දක් අල්ල ගන්න බැරි වුණාම අපිට අවලාද ගහනවා. අපි යු.එන්.පීය. එක්ක සම්බන්ධයක් තියෙනවා නම් තනියම ඡන්දෙට ඉල්ලන්නෙ නැතුව එයාලගෙ පෙරමුණට යන්න තිබුණානේ. දින 100 ආණ්ඩුවෙ ඇමැතිකම් ගන්නත් තිබුණනෙ එහෙනම්. පසුගිය ඡුන්දෙ පැරදිලා මහින්ද රාජපක්ෂ ගෙදර ගියෙත් රනිල්ට කතා කරලා. රාජපක්ෂ නෝනගෙන් පසුගිය දවසෙ කට උත්තරයක්  ගන්න  ඕන වුණාම ඒකත් වෙන තැනකදී කරන්නේ මේ දෙගොල්ලො කතාබහ කරලා. ඒක නිසා ඞීල් ගහන්නේ ඒ දොගොල්ලෝ. ඒගොල්ලො ඞීල් දාගන්න ගමන් අපට බොරු අවලාද ගහනවා. අපිට නම් මහින්දයි, රනිලූයි දෙන්නම එකයි. ඒ දෙන්න එකම කාසියේ දෙපැත්ත. ඔය පක්ෂ දෙකත් එක වගේ. අලියා දිනුවොත් බලන්නකො බුලත්කොලකාරයො කී දෙනෙක් අලියාගෙ පැත්තට බල්ටිය ගහනවද කියලා.
x රෝහණ වීරසිංහ කියන සංගීතකරුවා පසුගිය දවසක කිව්වා ජවිපෙට රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නෑ කියලා.
රෝහණ වීරසිංහ ගැන අපිට නම් තියන්නේ කණගාටුවක්. දක්ෂ කලාකරුවෙක් මහින්ද රාජපක්ෂට විකිණිලා එක එක පැත්තට අවලාද කියනවා. රෝහණ වීරසිංහ තාම ජීවත් වෙන්නේ අවුරුදු විසිපහකට විතර එහා අතීතයේ. අපි කියනවා ඔහුට ඔය නින්දෙන් අවදි වෙන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන කලාකරුවෝ දැන් ඉන්නේ ජවිපෙ වටා. එදා නන්දා මාලනීගේ ”පවනේ” ”සත්‍යයේ ගීතයේ” සිංදු හදපු රෝහණ වීරසිංහමද මේ කතා කරන්නේ කියලා අපට සැකයි. එදා එයාලා නියෝජනය කරපු අතීතයට අද එයාලම පස්ස හරෝපු එක ඉතිහාසයේ සරදමක් කියලයි අපට නම් හිතෙන්නේ.
x දැන් ආපහු ෆෙඩරල් කතා බහක් කරළියට ඇවිත් ජවිපෙ අදහස  මොකක්ද?
අපි නම් පැහැදිලිවම ඒ මතයට විරුද්ධයි. අපි ඒක ප‍්‍රතික්ෂේප කරනවා. මේක මේ ආපහු ජන්දේදී ජාතිවාදය අවුස්සන වැඩක්. ටී.එන්.ඒ. එකට උතුරෙන් ඡුන්ද ගන්න බෑ ජාතිවාදය අවුස්සන්නෙ නැතුව. ඒ අය දකුණෙ  බිල්ලෙක් පෙන්නලා උතුරෙන් ඡුන්ද ගන්න හදනවා.  ඒකම දකුණෙදී මහින්ද රාජපක්ෂලා කරනවා. උතුරේ බිල්ලෙක් පෙන්නලා ඒ අය දකුණෙ ඡුන්ද ටික මංකොල්ල කන්න සූදානම් වෙනවා. ජාතිවාදය අවුස්සන මේ කාලකන්නි වැඬේ කාට කාටත් නතර කරන්න කියලා අපි මතක් කරනවා.
x ජවිපෙ ජාතික ලැයිස්තුවේ එන්.ජී. ඕ. කාරයො ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා.
පළවෙනි කාරණය ඔය චෝදනාවලට ඇත්තක් නෑ. එය කිසිම පක්ෂයකට අප ඉදිරිපත් කරපු ජාතියේ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසයි මේ අවලාද කියන්නේ. අනික රාජ්‍ය නොවන සංවිධාන ඔක්කොම නරක ඒවා නෙවෙයි. රටට අහිතකර දේවල් කරන එන්.ජී. ඕ. වලට අපිත් විරුද්ධයි.
x ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කුඩු පට්ටං වෙන්න ගහනවනේ. ඒත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිරූපය පුම්බන්න සුළං ගහපු කලාකාරයෝ එහෙට පැනලා මෙහෙට පැනලා අන්තිමට ඔබලගෙ ජාතික ලැයිස්තුවටත් පැනලා ඉන්නවා.
මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තියලා යම් යම් කලාකරුවො පිරිසක් ඔහු වටා  හිටියා. ඒ විශ්වාසය නැති වුණාම සමහරු එතනින් අයින් වුණා. ඒ අයට පහුවෙලා  හරි සත්‍ය අවබෝධ වීම ගැන සතුටුයි. අපි අනික් අයටත් කියන්නෙ සත්‍ය අවබෝධ කරගෙන රටේ යහපතට වැඩ කරන පාර්ශ්වයක් එක්ක එකතු වෙන්න කියලා.
x මහින්ද ළඟ ඉඳගෙන ලාභ ප‍්‍රයෝජන අරගෙන ඔහු පරදින්න ඔන්න මෙන්න තියෙද්දී පැනලා ආපු අය බදාගන්න තරම් ජවිපෙ බංකොලොත්ද?
අන්තිම මොහොතේ හරි නරක තැනකින් කවුරුහරි ගැලවිලා එනවා නම් ඒක හොඳයිනේ. අපට කලාකරුවො අතින් හිඟයක් නෑ. අද වෙද්දී රටේ ප‍්‍රගතිශීලී කලාකරුවො බහුතරයක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක්ක.
x රනිල් වික‍්‍රමසිංහ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේදී සැම දෙනාම ආණ්ඩුවේ කොටස්කාරයො වේවි කියලා. දැන් නෑ නෑ කිව්වට ජවිපෙත් ඒ හවුලට නොයාවි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ. හවුල් ගහපු අතීතයක් ඔබලට තියෙනවනේ.
කිසිසේත්ම අපි ඒ වගේ හවුලකට යන්නේ නෑ. ඉතිහාසයේ අපි හවුලකට ගියේ ජාතික අවශ්‍යතාවක් උඩ අනාගතේ මතුවිය හැකි අවශ්‍යතාවන් ගැන දැන් අනාවැකි කියන්න අපට බෑ. ඒත් මේ මොහොතේ හවුලකට යෑමේ  කිසිම අවශ්‍යතාවයක් නෑ.
x ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඔබ කියෙව්වද?
ඔව්. ඒ දෙකම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කියලා හඳුන්වනවාට වඩා පොරොන්දු මාලාවන් දෙකක් කිව්වොත් නිවැරදියි. රට ගැන දැක්මක්, රට ගැන විග‍්‍රහයක් රටේ ප‍්‍රශ්න විසඳන මූලධර්මයක් ඒ එකකවත් හරි හැටි නෑ. දෙකේම තියන්නේ අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා. ඔය වගේ පම්පෝරි අවුරුදු කීයක් තිස්සේ අපි අහලා තියෙනවද? සන්ධානෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රජයේ සේවකයින්ට රුපියල් විසිපන්දාහක් දෙනවා කියනකොට අපට හිනා යනවා. කසාද බඳින ගාස්තුව රුපියල් පන්දාහක් කරපු මහින්ද කසාද බඳින අයට ලක්ෂ දෙකක් දෙනවලූ. මරු පොරොන්දු තමයි. යු.එන්.පී. එකෙත් රැුකියා පොරොන්දු අරව මේවා විතරයි තියන්නේ. ඔය දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද කියන එක කවුරුවත් කියලා නෑ. දෙකේම ලස්සන කැරට් අල තියෙනවා. ඔය දෙකම 17  වෙනිදායින් පස්සේ පැත්තකට විසි වෙනවා.
x මහනායක හාමුදුරුවො කිව්වා වගේ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂෙ වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙයිද?
කොහොමත් පසුගිය පාර්ලිමේන්තුවෙත් විපක්ෂයේ ඇත්ත  කාර්යභාරය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු තුන් දෙනා තමයි. අනුර සහෝදරයා තමයි හරියට විපක්ෂ නායකගෙ ජොබ් එක කළේ. ඉතින් තුන් දෙනෙක්   ඉඳලා එහෙම නම් පහළොවක් විස්සක් ගියාම ඊට වඩා වැඩ ටිකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම.
x ඒ කියන්නේ අනුර දිසානායක ද ඊළඟ විපක්ෂ නායක?
දැනට එහෙම කිසිම අදහසක් නෑ. මැතිවරණය ප‍්‍රතිඵලයෙන් පස්සේ ඒක තීරණය වේවි. කොහොමත් අපි නායකකම් බලාගෙන වැඩ කරන අය නෙවෙයි. නායකකම් තිබ්බත් නැතත් අපේ වගකීම  අපි අකුරටම ඉටු කරනවා.
x කවදාවත් දැකපු නැති අගමැති පොරයක් මේ ඡුන්දෙදී අපි දකිනවා.  ඉදිරි පාර්ලිමේන්තුවෙ අගමැති ධුරය ගැන ජනතා විමුක්ති පෙරමුණ  හිතන්නේ මොකක්ද?
මේ අගමැති පොරය දැක්කම ඇත්තටම ලැජ්ජයි. තමන්ගෙ පක්ෂය දිනවන්න මිසක් තමන්ගේ පෞද්ගලික ජයග‍්‍රහණම බලාගෙන වැඩ කරන අයගෙන රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අගමැති පත්වීමේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා. ඒකට අවනත නොවී මේ කරන බලූ පොරය අපි නම් ප‍්‍රතික්ෂේප කරනවා. මේ අගමැති පොරේ හැදුවෙත් මහින්ද රාජපක්ෂ.
x ඔබලගෙ ඡුන්දෙට ඉදිරිපත් වෙච්ච අයගෙන් පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂය තීරණය කරන අයද මනාප වැඩිපුර ගත්තු අයද?
එහෙම විශේෂ ක‍්‍රමවේද නෑ. පක්ෂය තීරණය කරන්නෙත් නෑ. මනාප ගත්ත අරගෙන පාර්ලිමේන්තුවට තේරෙන අය පාර්ලිමේන්තු යනවා.
x මනාප වැඩිපුර ගත්තු අය ඉල්ලා අස්වෙලා පක්ෂය තීරණය කරන අයට චාන්ස් එකක් දෙන ක‍්‍රමයක් ඉස්සර ඔබලගෙ පක්ෂයෙ තිබුණානේ?
ඔව්. එහෙම ක‍්‍රමයක් තිබුණා. එහෙම අවශ්‍යතාවයක් ආපු වෙලාවට එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අපට එහෙම කරන්න අවශ්‍ය නෑ. මුල් කාලෙ ඔබ කියපු විදයට එහෙම කළා.
x ටිල්වින් සිල්වා පක්ෂයේ දැන් ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්නෙ. නැද්ද පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම?
අපි කවුරුවත් පාර්ලිමේන්තු යන්නෙ පෞද්ගලික කැමැත්තට හෝ ආසාවට නෙවෙයි. පක්ෂයෙන් පැවරෙන වැඩක් විදියටයි ඒක කෙරෙන්නේ. මම පක්ෂයේ ප‍්‍රධාන ලේකම්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙම තියෙනවා පක්ෂ  ලේකම් පාර්ලිමේන්තුවට පළාත් සභාවලට යා යුතු නෑ කියලා. පක්ෂ ලේකම්ට පක්ෂය පිළිබඳ විශාල වගකීම් ටිකක් පැවරෙනවා. මම ඒක කරනවා.
x ඔය වගේම පක්ෂ ගැන බොක්කෙන්ම කතා කර කර ඉඳපු සෝමවංශ අමරසිංහට දැන් ඇමැතිකමකුත්  ඕනලූ. ඔබලත් ආසාවන් හංගගෙන නෙවෙයිද ඉන්නේ?
එහෙම අය ඉන්නවද කියන්න දන්නේ නෑ. අපි නම් එහෙම නෑ. පක්ෂය වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නවා. පුද්ගලික ආසාවන් පස්සෙ යන අය පක්ෂයෙන් එළියට ගියානේ. ඒ අයට වෙච්ච දේත් දැන් අපිට පේනවනේ.

 



අදහස් (0)

අපේ ප්‍රචාරය අලුත් තේමාවකින් එය සාර්ථකයි - ටිල්වින්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site