(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝගයෙන් පීඩාවට පත් දරුවන් නේවාසික ප්‍රතිකාර ලබන වාට්ටුව වෛද්‍යවරයෙකු නොමැතිකමින් වසා දැමීමට රෝහල් බලධාරින් ගෙන ඇතැයි කියන තීරණයට විරෝධය පල කරමින් අද (27) දෙමාපියන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත විය.
මේ නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවු අතර පොලිසිය මැදිහත් වී අතුරුමාර්ග කිහිපයකින් වාහන ධාවනය කිරිමට සැලැස්වීය.
මෙම වාට්ටුව වසා දැමිම නිසා තමන්ට සහ තම දරුවන්ට සිදුවන දුෂ්කරතාවය පිළිබඳව අදහස් දක්වමින් රෝගි දරුවෙකුගේ මවක් වන කහටගස්දිගිලිය කේ.එල්.එස්.සාගරිකා මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘අපේ දරුවෝ නේවාසිකව ප්‍රතිකාර ලබපු තැලසිමියා රෝගි වාට්ටුවට දොස්තර මහත්තයෙක් නැහැ කියලා හෙට (28) ඉඳලා වහන්න යනවා.
ළමයින්ට ලේ දෙන්න වාට්ටුවක් නැහැ. වාට්ටුව වහපුවාම අපි දරුවන් තියාගෙන කොහේද ඉන්නේ? දැන් ඉන්නේ එක දොස්තර කෙනෙක්. එයාට තනිවම වැඩ කරන්න බැහැ කියලා වාට්ටුව වහන්න යනවා. දරුවන් පන්සියකට අධික පිරිසක් මේ වාට්ටුවේ ඉන්නවා...
අපි රෝහල් අධ්‍යක්ෂතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කළා. එයා වටේටම කතා කරලා අන්තිමට කිව්වා කුරුණෑගල රෝහලෙන් වෛද්‍යවරයෙන් එනවා කියලා. කවදා වෛද්‍යවරයෙක් එයිද කියලා අපි දන්නේ නැහැනේ. මේ වාට්ටුවේ රජරට තැලසීමියා රෝගි දරුවන් පන්සියක් විතර ඉන්නවා.
මේ වාට්ටුව වැහුවොත් අපි කුරුණැගලට යන්න ඕනේ. කුරුණාගල දවස් දෙක තුනක් නතර වෙන්න ඕනේ. අපිට එහෙම වාතාවරණයක් නැහැ. සමහර ළමුන්ගේ ලේ අඩුම වෙනවා. ලේ දෙන්න දෙන්න ළමයින්ගේ යකඩ වැඩි වෙනවා. එතකොට අතුරුආබාධ ඇතිවෙනවා. මේක දරුවන් වෙනුවෙන්ම තියෙන වාට්ටුවක්. සුරක්ෂිතයි. විෂබීජ ඇතුලු වෙන්නේ නැහැ. වෙනත් වාට්ටුවල ලේ දෙන්න බැහැ. විෂබීජ ඇතුල් වෙනවා.
අපි කියන්නේ දොස්තර කෙනෙක් දෙන්න වාට්ටුව වහන්න එපා කියලයි...මේ දරුවන් සෑහෙන්න දුක් විඳිනවා. සමහර අම්මලා දවස් දහය පහළව නතර වෙලා ඉන්නවා. රජයෙන් මාසයකට රුපියල් තුන්දහසක් ලැබෙනවා අඩු ආදායම් ලාභින්ට... ඒක හැරෙන්නවත් මදි. අපි ජීවත්වෙන්නේ අමාරුවෙන්.‘‘ යැයි පැවසුවාය. මේ සඳහා සාධාරණ විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මීට විරෝධය පලකරමින් උද්ඝෝෂණයක නිරත වන බවද ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්යක්ෂ දුලාන් සමරවිර මහතාගෙන් කල විමසීමේදි හෙතෙම මේසේ පැවසීය.
‘‘මෙම වාට්ටුවේ වෛද්යලවරු දෙදෙනෙක් සේවය කරනවා. ඉන් එක් වෛද්යේවරයෙකු රෝගාතුරවී ප්රසතිකාර ලබනවා. මේ වනවිට ඔහු සැත්කමකටත් ලක්කොට තිබෙනවා. ඔහුට සුව වෙන්න තවත් මාසයක් පමණ ගතවෙයි.
ඒ අනුව දැනට මෙම රෝහල් වාට්ටුවේ සේවය කරන්නේ එක් වෛද්යවවරයෙක් පමණයි.
එමනිසා මෙම වාට්ටුවල ඉන්න රෝගී දරුවන් රෝහලේ අනෙකුත් ළමා රෝගින් ඉන්න වාට්ටුවලට ඇතුළත් කර ප්රකතිකාර කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වාට්ටුව වසා දමන්නේ නැහැ. මේක තාවකාලික පියවරක් පමණයි.
මම කුරුණැගල රෝහලෙන් ඉල්ලිමක් කර තිබෙනවා. තාවකාලිකව වෛද්‍යවරයෙක් මෙම රෝහලට අනුයුක්ත කොට දෙන්න කියලා. එලෙස වෛද්‍යවරයෙක් ලැබුනොත් මෙම වාට්ටුවේම දිගටම ප්‍රතිකාර සිදුකල හැකියි...‘‘ යැයි වෛද්‍ය දුලාන් සමරවිර මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනුරපුර රෝහලේ තැලමීසියා වාට්ටුවට වෛද්‍යවරයකු නැතිකමින් රෝගීන් අමාරුවේ
Perera Sunday, 28 October 2018 05:26 AM
කෝ අර රෝගීන් වෙනුවෙන් පෙනී සිටිනවය් කියන ජීඕඑම්ඒ එකේ පිරිස්???