(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදී සහ කනාදන ප්‍රදේශයේදී අද (11) එකම වෙලාවේ සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකු හා යතුරුපැදිකරුවෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
එක අනතුරක් සිදුව ඇත්තේ ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේ දීය . ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් යුද හමුදාවේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් එහි ගමන් ගත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනික් අනතුර සිදුව ඇත්තේ දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ කනාදන ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බව පොලීසිය කියයි. මියගිය අය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ත්‍රීරෝද රථ හා ටිපර් රථ අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කරන නිවාඩු පැමිණ සිටී සමිත් මධුරංග ඒකනායක (22) හැවිරිදි සහ සුපුන් කල්හාර රාජතිලක (22)හැවිරිදි යන දෙදෙනා වෙති . ඔවුන් දෙදෙනාම දීයතලාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව නිවැසියෝ පවසති.
ත්‍රීරෝද රථය තවත් මෝටර් රථයකට වේගයෙන් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
එම අනතුරින් යුද හමුදා සෙබළුන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බවත් තුවාල ලැබූ ඔවුන්ගේ මිතුරා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා තිබිණි.
අනෙක් අනතුර වූ යතුරුපැදිය වේගය පාලනය කරගැනීමට නොහැකිව වීදුලි කණුවක ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ද ප්‍රදේශවාසීන් ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ටිපර් රථය පැදවූ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි. අනතුරු දෙකටම හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව ගලේවෙල පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට