IMG-LOGO

යූනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට මධ්යත වාර්ෂික සම්මාන උළෙලේදී ඇගයුම්

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල පසුගියදාඋත්කර්ෂවත්අන්දමින්පැවැත්විණි. රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සහ ආයතනික විකිණුම් යනඅංශ වල සාමාජික සාමාජිකාවෝ 300 කට අධික පිරිසක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූහ.

ජයග්‍රාහකයන් සියලුම දෙනා වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කළ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා, අභියෝග පිරුණු වසරක් වූ 2021 වසර තුළ ඔවුන් මෙතරම් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගැනීම විශේෂයෙන්අගයකළේය. 

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රීලාංකිකයන්අතරජීවිතරක්ෂණසම්බන්ධයෙන්ඇතිඋනන්දුවඉහළනැංවීමසඳහා මෙම සාමාජික සාමාජිකාවන් සුවිශේෂීකාර්යභාරයක්ඉටුකරමින්සිටින බවයි.

තම සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය දියුණුව උදෙසා ඉහළතලයේ පුහුණු අවස්ථාවන් ලබාදීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සෑම විටම කටයුතු කරයි. එමෙන්ම මෙම සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතාවන් පුළුල් මට්ටමින් ඇගයීමට ලක්කෙරෙන අතර, ඒ නිසා ඔවුහු නිරන්තරයෙන් විශිෂ්ටතම සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට පෙළඹී සිටිති.

“උසස් මට්ටමේ වෘත්තීය ගුණාංග සමගින් ගනුදෙනුකරුවන්වෙතවිශිෂ්ට සේවාවක් ලබාදීම නිසා මේ පිරිස අද මෙසේ ඇගයීමට ලක්වුණා. ඔවුන්ගේ උනන්දුව හා කැපවීම අප සැබැවින්ම අගය කළ යුතුයි. නොපසුබට උත්සාහය හා කැපවීම ඔස්සේ සාර්ථකත්වය ළඟා කරගත හැකි බව ඔවුන් යළිත්වරක්පෙන්වා දී තිබෙනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

මෙමසම්මානඋළෙලේදීප්ලැටිනම්, දියමන්ති, රන්, රිදී සහ ලෝකඩ වශයෙන් සම්මාන පිරිනැමිණි. FYPN (First Year Premium New), NOP (Number of Policies), සහPremium Persistency සහ, වාර්ෂික සම්මාන හිමිකරගත් සාමාජිකයන් සංඛ්‍යාව (නායකත්ව කාණ්ඩය සඳහා) යන සාධක අනුව ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. සම්මානඋළෙලඅතථ්‍ය(Virtual) ක්‍රමයටපවත්වනලදඅතර,ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියා උළෙල රසගැන්වීමට එක්වූවා ය.

සෑම කලාපයකම ඉහළම ANBP (Annualized New Business Premium) අගයන් වාර්තා කළ සාමාජික සාමාජිකාවන් කලාපීය නව ව්‍යාපාර ශූරයන් ලෙස තෝරාගන්නා ලදි. යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සියලුම ජීවිත රක්ෂණ උපදේශකවරුන් අතරින්, ඉහළම නව රක්ෂණ අලෙවියක් වාර්තා කළ සාමාජිකයා ජාතික නව ව්‍යාපාර ශූරයා ලෙස තෝරාගනු ලැබූ අතර, එම සම්මානය හලාවත ප්‍රාදේශිකයේ චානක අප්පුහාමි වෙත හිමි විය. ‘Sprinter Awards’ කාණ්ඩය තුළ වේගයෙන්ම වර්ධනය වන ඒකකය සහ ‘Team Builder’ වශයෙන් උපකාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනමන ලදි. ‘විශිෂ්ටතම ප්‍රාදේශිකය’ සම්මානය ජා-ඇල ප්‍රාදේශිකය වෙත හිමි වූ අතර, විශිෂ්ටතම කලාපය සම්මානය උතුරු කලාපය විසින් දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ.එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට මධ්යත වාර්ෂික සම්මාන උළෙලේදී ඇගයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 44 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site