IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් පරිසර පවිත්‍රාව වෙනුවෙන් පෙරට එති

දිවයින වටා පවතින වෙරළ  පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැහැර කිරීම සඳහා වත්තල ප්‍රාදේශීය සභාවට භාරදීමට කටයුතු කෙරිණි.

ජාතික රග්බි කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම වත්මන් කාන්තා සහ පිරිමි හිටපු  ක්‍රීඩකයන් වන  අසෝක ජයසේන, හිෂාම්  ආබ්ඩීන්, ඩිල්රෝයි පෙරේරා, අජිත් උපවංශ, RMS රත්නායක සහ ජූඩ් පිල්ලේ යන ක්‍රීඩකයන්ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන්, ජනප්‍රිය සංගීතවේදීන් වන භාතිය හා සන්තුෂ්, Western Lions Academy හි තරුණ ලාබාල රග්බි ක්‍රීඩකයන්ද, ශ්‍රී ලංකා රග්බි ආතයනයේ බලධාරීන් ඩයලොග් කාර්යමණ්ඩලය සමග එක්වී පැය දෙකක කාලයක් පවිත්‍ර කිරීමේ කටයුත්ත සඳහා තම දායකත්වය ලබාදුන්හ.

ලෝක බැංකුවේ සමුද්‍ර දූෂණය පිළිබඳ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අසතුටුදායක  ස්ථානයක ශ්‍රේණිගතව සිටින අතර, 2015දී ලොව දරුණු ලෙස වෙරළ දූෂණය කරන රටවල් අතර 5 වැනි ස්ථානයට  ශ්‍රී ලංකාව පත්විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වල ක්‍රමවේදයයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයකු දිනක් තුළ නොදිරන අපද්‍රව්‍ය ග්‍රෑම් 500ක් පරිසරයට බැහැර කරන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2017 වසරේ වාර්තා අනුව පමණක්, කිලෝග්‍රෑම් මිලියන 100ක තරම් දැවැන්ත ඝන අපද්‍රව්‍ය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිතව එක්රැස්වී  තිබේ. මෙම පැය දෙකක අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහන තුළදී කිලෝග්‍රෑම් 275.89 ක ප්ලාස්ටික්, ලෝහ කිලෝග්‍රෑම් 102.6 ක්, වීදුරු අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83 ක්, කාබනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම්  250 ක්,  සහ කඩදාසි අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 63 ක්  සාරුක්කුව වෙරළ තීරයෙන් රැස්කර ගැනුණි.

‘‘ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් රැකගැනීම උදෙසා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් ඩයලොග් සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. එසේම මෙම වැඩසටහන තුළින් දීර්ඝකාලීනව අනෙකුත් ක්‍රීඩා සංගම්, ආයතන වගේම සිවිල් සමාජයටත් පෙරට පැමිණ රටේ පුරවැසියන් වෙනුවෙන් පමණක් නොවේ, සොබාදහම සහ සතා සිව්පාවා වෙනුවෙනුත් තම වගකීම ඉටුකිරීමේ ජාතික කාර්යයට උරදීම දිරිගැන්වීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරයේ අවංක අපේක්ෂාවයි. මෙවැනි වැඩසටහන් හරහා යහපත් හෙට දවසක් ගොඩනගමින් සමාජය තුළ වෙනසක් ඇති කරන්නට ආයතන පොළඹවන බව අපි විශ්වාස කරනවා. මේ ආකාරයේ වැඩසටහන්වලට අවස්ථා උදාකිරීම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දොරටු විවර කළ රටක් ලෙස අපට විශේෂයෙන්ම වැදගත්.’’යනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර  පැවසුවාය.

‘‘පැසිෆික් සාගර කලාපයේ පිහිටි ෆීජි, සැමෝවා සහ ටොංගා වැනි රාජ්‍යවල රග්බි ක්‍රීඩාවේ දැවැන්තයින් බොහෝ අවස්ථාවල ක්‍රීඩාවේ යෙදෙන්නේ මුහුද වෙරළ ආශ්‍රිතවයි. ඔවුන්ගේ අපූර්ව පන්දු පාලනය කිරීමේ හැකියාව ලබාගන්නේ විශේෂයෙන්ම වෙරළ ආශ්‍රිතව සිදුකරන ‘ටච් රග්බි’ ක්‍රීඩාව ආදියෙන් වුවත් එය ලංකාවේ එතරම් දකින දෙයක් නොවේ.’’ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය. ‘‘අපේ පාසල් කාලයේදී ‘ටච් රග්බි’ ක්‍රීඩා කරන්න නිතරම වෙරළට පැමිණියා. මේ වෙරළ දූෂණය වැඩිවීමත් සමග, එවැනි ක්‍රියාකාරකම් සඳහා වෙරළ තවදුරටත්  සුදුසු නොවන තැනක් බවට පත්ව තිබෙනවා.වෙරළේ වැලි අතරට කාවැදී ඇති ගෘහස්ථ අපද්‍රව්‍ය නිසා කෙනෙකුට තුවාල වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. මෙම තිරසර වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වන්නේ  සැවොම වෙරළ අපවිත්‍ර කිරීමෙන් වැළකී, විධිමත් ආකාරයට කසළ බැහැර කරමින් වගකීම්සහගත පුරවැසියන් වශයෙන් කටයුතු කරනු දැකීමයි.” යනුවෙන් ඉල්ලියාස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා මෙසේ අදහස් දැක්වීය.” ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහකයා ලෙස  ශ්‍රී ලංකා රග්බි සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව වගකීම් විරහිතව කසල බැහැර කිරීම නිසා දූෂණය වූ අපගේ සමුද්‍රීය සම්පත රැකගැනීම වෙනුවෙන් මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.“විශේෂයෙන්ම රග්බි වැනි විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත ක්‍රීඩාවක් සම්බන්ධ කරගැනීම තුළින්, රටේ මිල කළ නොහැකි ස්වභාවික සම්පත් රැකගැනීමේ වැදගත්කම පිළිබඳව ක්‍රීඩාලෝලීන්ටත් මහජනතාවටත් මනා අවබෝධයක් ලබාදීමට යහපත් බලපෑමක් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”



අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් පරිසර පවිත්‍රාව වෙනුවෙන් පෙරට එති

ඔබේ අදහස් එවන්න

Other

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය
2024 ජනවාරි මස 26 14 0

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.
2023 දෙසැම්බර් මස 04 36 0

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝ


ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්
2023 අගෝස්තු මස 08 414 0

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්ම


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී
2023 අගෝස්තු මස 04 31 0

ශ්‍රීලංකාවේවඩාත්මවිශ්වසනීයමආහාරපානසන්නාමයවනඑලිෆන්ට්හවුස්, ශ්‍රීලංකාවේවිශාලතම T20 ප්‍රිමියර්ලීගයවන“Lanka Premier League 2023”සමඟඅත්වැල්බැඳගත්බවසතුටින්දැනුම



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 691 3

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site