IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වගකීම නිලධාරින් පිට ද ාලා ෂේප්වෙන්න හදන එක තක්කඩි වැඩක්

රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ජවිපෙ අවධානය කෙබඳුදැයි මේ පැහැදිලි කිරීම ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙනි.  

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත්  

 

රටේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ජවිපෙ අවධානය කොයි වගේ ද?  


මේක මුළු රටම කම්පාවට පත්වෙච්ච සිද්ධියක්. ජාතික විපතක්. ජාතික ව්‍යසනයක්. මෙය පැහැදිලිවම අන්තවාදී සංවිධානාත්මක කණ්ඩායමක ම්ලේච්ඡ ප්‍රහාරයක්. පාස්කු ඉරිද‌ා දිනය කිතුණු බැතිමතුන් ආගමික වතාවත් සිදුකරන දිනයයි. ඒ දවසම ඉලක්ක කර ගනිමින් මේ ප්‍රහාරය එල්ල කරල තියෙන්නේ ආගමික අන්තවාදී උවමනාවක් වෙනුවෙන් බව ඉතාම පැහැදිලියි. මේ සිද්ධිය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.  


 ඒ වගේම මේ සිදුවීමෙන් මියගිය අයගේ පවුල්වල ඥ‌ාතීන්ට අපේ ශෝකය ප්‍රකාශ කරනවා. රෝහල්ගතවෙලා ඉන්න රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේක මේ රටේ නොසිදුවිය යුතු සිද්ධියක්. නමුත් අවාසනාවකට එවැන්නක් සිදුවුණා.  


හැමෝම කියන්නේ මේක සිදුනොවිය යුත්තක් කියල තමයි. ඒත් සිද්ධ වුණා. මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනගෙන හිටිය කියලත් ආරංචි වෙනවා. ජවිපෙ මන්ත්‍රීවරුන් මේ බව දැනගෙන හිටිය ද?  


පාර්ලිමේන්තුවෙ 225 දෙනාම මේක දැනගෙන හිටියා කියලා කතාවක් යනවා. ඒත් ඒක ඇත්ත නෙවෙයි. ඇමැති ආරක්ෂක සේවයට මේ බව දැනුම් දීලා තියෙනවා කියලත් කියනවා. ඒ අය හරහා ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයින්, දැනුම්වත් වුණා කියලත් කියනවා. නමුත් ජවිපෙ මන්ත්‍රීවරු හයදෙනාම ඔය කියන ආරක්ෂක පොලිස් භටයන් අරගෙන නෑ. ඒ නිසා අපි හය දෙනාට මේ බව කොහෙත්ම දැනගන්න ලැබුණෙ නෑ.   


අනෙක් සියලුම මන්ත්‍රීවරුන් මේක දැනගෙන හිටිය ද කියන එකත් හරියටම කියන්න අමාරුයි. හැබැයි කීප දෙනෙක්ම ප්‍රකාශ කළා ඔවුන් මේ බව දැනගෙන ඉඳපු බව. හැබැයි රටේ සාමාන්‍ය ජනතාව මැරෙනකම් ඒ අය කට පියාගෙන ඉඳල.  


මේ බව කලින් දැනගෙන ඉදපු කීප දෙනෙක් ඉන්න බවත් දැන් පැහැදිලියි. ඉතිං ඒ අය තමන්ගේ වගකීම රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරලා නෑ. ඒ අයට වගකීමක් තිබුණා ජනතාව දැනුම්වත් කරන්න අද‌ාළ බලධාරීන් දැනුම්වත් කරන්න. නමුත් ඒ දැනගත්තු කීප දෙනා තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතුව මිසක් රට ගැන හිතල නෑ.  


 මේ වනතුරුත් ජනාධිපති අගමැති අද‌ාළව වගකිවයුතු සියලු දෙනා එකිනෙකාට චෝදනා කරගැනීම්වලින් එහාට මේ සඳහා යමක් කරන බවක් පේනව ද?  


 විදේශ බුද්ධි අංශ වලින් අප්‍රේල් හතරවෙනිද‌ා මේ බව දැනුම් දීලා තියෙනවා. ජනාධිපතිවරයත් ඒ බව ප්‍රකාශ කළා. ජාතික බුද්ධි අංශයත් මේක දැනගෙන තියෙනවා. ඒ අය බුද්ධි අංශ නිලධාරීන් විදියට තමන් යුතුකම වගකීම ඉටු කරල තියෙනවා. ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ දේශපාලන නායකත්වය මේ සඳහා අවශ්‍ය ක්ෂණික ප්‍රතිචාර දක්වල නැති එකයි.  


 ඒ පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ අරගෙනත් නෑ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, ඇමැති මණ්ඩලය, ආණ්ඩුව මේ පිළිබඳ තීන්දු අරගෙන නෑ. ජනතාව ආරක්ෂා කරන්න ඔවුන් පියවර අරගෙන නෑ. ඒ නිසා මේකෙ වගකීම එකිනෙකා පිට පටවලා අත් හෝදගන්න මේ කාටවත් බෑ.  


 ආණ්ඩුව මේ වගකීම බාරගත යුතුයි. ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගත යුතුයි මේ සම්බන්ධයෙන්.  


 අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් පොලිස්පතිලට ආරක්ෂක ලේකම්ලාට ඉල්ලා අස්වෙන්න කියනවා.  


 ඇත්තටම දැන් මේක නිලධාරීන් පිට ද‌ාලා ෂේප් වෙන්න හදන එක තක්කඩි වැඩක්. අරය මට මේ ගැන කිව්වේ නෑ. මාව මේ ගැන කතා කරන්න සම්බන්ධ කරගත්තෙ නෑ වගේ කතා කියල වැඩක් නෑ දැන්. දේශපාලන අධිකාරිය විසින් ගත යුතු තීන්දු වෙලාවට ගන්නේ නැතුව ඒ වගකීම පොලිස්පති පිටින් හෝ ආරක්ෂක ලේකම් පිටින් යැවීම තේරුමක් නෑ.  
 මේ දැන් කරන්නේ එල්ලවෙන ජනතා විරෝධය වෙනතකට හැරවීමක්. ජනතා විරෝධය තියෙන්නේ දේශපාලන නායකත්වයට. ඒක වහන්න හදල වැඩක් නෑ දැන්.  


 රොෂේන් චානකගේ ඝාතනයට වගකීම බාර අරගෙන එද‌ා හිටපු පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දුන්නා අපිට මතකයි. එද‌ා වුණෙත් මේ ජාතියෙම සෙල්ලමක්. පොලිස්පති ඉල්ලා අස්වුණා කියල නියෝග දීපු අයට මොකුත් වුණේ නෑ. ඒකම තමයි අදත් මේ වෙන්නේ.  


මේ ව්‍යසනය ගැන කතා කරන්න කියලා රැස්වුණු පාර්ලිමේන්තු සැසිවාරයත් එකම ගාලගෝට්ටියක් වුණා නේද?  


ඇත්තටම අපි කවුරුවත් ඒ වගේ තත්ත්වයක් බලාපොරොත්තු වුණේ නෑ. මේ වගේ ඛේදවාචකයක් ඇති වුණාම පාර්ලිමේන්තුවෙ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ හැසිරීම මීට වඩා සංයමයකින් යුක්තවෙයි කියලා අපි හිතුවා. මීට වඩා වගකීම් සහගතව මේ අය හැසිරෙයි කියලා අපි හිතුවා. නමුත් මුල ඉඳලම එකම ගාලගෝට්ටියක් වුණා.  


 ජනතාව මේ මහජන නියෝජිතයින්ගෙන් බලාපොරොත්තුවුණු හැසිරීම මේක නෙවෙයි. මේ වගේ මොහොතකවත් පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරවෙලා කටයුතු කරයි කියලා ජනතාව හිතුවා. ඒත් එහෙම වුණේ නෑ.   


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැඳවපු සර්ව පාක්ෂික සාකච්ඡාවට ඔබත් සහභාගි වුණා. මොකක්ද එතන වුණේ?  


ජනාධිපතිවරයා එතුමාගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළා. එතුමා වි​දේශගතව හිටියා. මේ ගැන කවුරුවත් තමාව දැනුම්වත් කළේ නැති බව කිව්වා. හතරවෙනිද‌ා බුද්ධි අංශ වෙත දැනුම් දීලා තිබුණත් කවුරුවත් එතුමාට මේ බව කිව්වේ නැතිලු. මේ සංවිධානයට සම්බන්ධ 139 ක් පමණ පුද්ගලයින්ගෙ තොරතුරු ලැබිල තියෙන බව කිව්වා. ඒ වගේම මේකට ජාත්‍යන්තර සහයෝගය ලැබෙනවා කියලත් කිව්වා. මේක මැඩපවත්වන්න ඉදිරියේදී ආරක්ෂක පියවර ගණනාවක් ගන්න බව කිව්වා.  


 මේ සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බවත් කිව්වා. ඒ වගේම පොලිස්පතිවරයටත් ආරක්ෂක ලේකම්වරයටත් ඉල්ලා අස්වෙන්න දැනුම් දුන්නු බවත් කිව්වා. නිලධාරීන් මේ ගැන ක්‍රියාත්මකවෙලා නෑ කියලත් කිව්වා.  


 මේ සියලු කාරණා කියපු ජනාධිපතිවරයා කිසිම මොහොතක කිව්වේ නෑ රටේ ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානියා විදියට තමුන්ගෙන් වැරැද්දක් අඩුපාඩුවක් වුණා කියලා. මේකෙ කිසිම වගකීමක් එතුමා බාරගන්න බවක් කිව්වේ නෑ.  


මේ සිදුවීම හරහා මළමිනී මතිනුත් ඇතැමුන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න හදනවා කියලා චෝදනා එල්ල වෙනවා.  


 අපේ රටේ අවාසනාව ඒක තමයි. මේ ඇතිවෙච්ච ඛේදවාචකයත් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා සමහරු. බංකොළොත් දේශපාලන කඳවුරු මේ සිදුවීම හරහා තමන්ට දේශපාලන පණක් ලබන්න උත්සාහ ගන්නවා. 

 
 මිනී උඩින් පැනලා හරි ආපහු බලය අරගන්න ඇතැම් දෙනා උත්සාහ කරන හැටි අපි ඊයෙ පෙරෙයිද‌ා දැක්කා. මේ සිදුවීමට අද‌ාළ පාර්ශ්ව අතර වෛරය අවුලුවන ප්‍රකාශ මේ සමහර අය කරනවා.  


 ගින්න නිවනවට වඩා ගින්න අවුලන්න හදනවා. තව තවත් ජාතිවාදය අවුස්සනවා. මේකෙන් වෙන්නේ ඒ අන්තවාදී කණ්ඩායම්වලට රුකුල් දීමක්.  


 රටේ ව්‍යසනයක් ඇතිවුණු වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ ෆීල්ඩ් එකට බහිනවනේ. මේ සිදුවීමෙදිත් එහෙම මැදිහත් වුණා ද?  


පැහැදිලිවම අපි මුල ඉඳලම මේ සමඟ හිටියා. මේ සිදුවීම වෙච්ච දවසෙ දෙක වෙනකොට මීගමුව කටුවපිටිය දේවස්ථානයට අපි ගියා. ඒ සිදුවීම ඇතිවුණු අනෙක් තැන්වලටත් අපි ගියා. මැල්කම් රංජිත් හිමිපාණන් මුණ ගැහිලා මේ ගැන සාකච්ඡා කළා. මියගිය පවුල්වල ඥ‌ාතීන් මුණ ගැහුණා. තුවාල ලබපු අය බලන්න රෝහල්වලට ගියා. හැබැයි ඒවා අපි මාධ්‍ය සංදර්ශන කර ගත්තේ නෑ.  


 මේ පහරදීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් ජවිපෙ ජාතික ලැයිස්තුවෙත් හිටියලා නේද?  


දෙමටගොඩදී අත්අඩංගුවට ගත්තු අය අතර ඉඳපු කෙනෙක් අපේ පක්ෂෙ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු කෙනෙක්. ඒක හංගන්න දෙයක් නෑ. ඔහු මේ පහරදීම්වලට සම්බන්ධයි කියලා අපි හිතන්නේ නෑ. හැබැයි ඔහුගේ පුතාල දෙන්නෙක් මේකට සම්බන්ධයි කියලා දැන් කරුණු හෙළිවෙනවා. ඔහුට පුතාල හයදෙනෙක් සහ දුවල තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන් කරන හැමදේම කාත්තා දන්නවා කියලා හිතන්න අමාරුයි. ඔහු මේ රටේ ප්‍රසිද්ධ අපනයනකරුවෙක්. කොළඹ තොග වෙළෙඳ සංගමයේ සභාපතිවරයා.  
 ඒ විතරක් නෙවෙයි අවස්ථා කීපයකදීම දේශමාන්‍ය. දේශකීර්ති සම්මානයෙන් පිදුම් ලබපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුට සම්මාන දීලා තියෙනවා. ජී.එල්. පීරිස් ඔහුට සම්මාන දීලා තියෙනවා. පියසේන ගමගේ ඔහුට සම්මාන දීලා තියෙනවා. සුජීව සේනසිංහ ඔහුට සම්මාන දීලා තියෙනවා.  


 2014, 2015 වසරවලදී ලංකාවේ හොඳම අපනයනකරුවා විදියට තේරිලා තියෙන්නෙත් මොහු. ජීවිත කාලයටම දේශමාන්‍ය සම්මානය ඔහුට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ. එවැනි පුද්ගලයෙක් තමයි අපි අපේ ජාතික ලැයිස්තුවට දැම්මේ. ඉතින් ඔහු මේ සිදුවීමට කිසියම් ආකාරයකින් සම්බන්ධ ද කියන එක සොයා බලන එක ආරක්ෂක අංශවල වගකීම. ඔහු මේවට සම්බන්ධ නම් නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. ඒ ගැන විවාදයක් නෑ. ඒ ගැන අපේ කිසිම විරෝධයක් නෑ.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

වගකීම නිලධාරින් පිට ද ාලා ෂේප්වෙන්න හදන එක තක්කඩි වැඩක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1073 1

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 51 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 427 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 922 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 118 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site