(නාලක සංජීව දහනායක)
අසීරු අවස්ථාවල මැතිවරණ ජයග්‍රහණය කළ තම පක්ෂයට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීම අසීරු කාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
එබැවින් සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කර පක්ෂයට 2/3 බලයක් ලබාගැනීමට සියළුම දෙනා කටයුතු කළ යුතු බවද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සදහන් කළේය.
මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකළ යුතු ආකාරය, එහිදී පක්ෂ ක්‍රියාකාරීන් මුහුණදෙන ගැටළු සහ ප්‍රාදේශීය වශයෙන් ඇතිව තිබෙන ගැටළු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ පක්ෂ නායකත්වය පවා නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි අවස්තාවක පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ තම පක්ෂයට මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ කිසිඳු අභියෝගයක් නොමැති බවය. සියළුම දෙනා මැතිවරණ නීති රීතිවලට අනුව මැතිවරණ මෙහෙයුම් කටයුතු කළ යුතු බවත් ප්‍රචාරණ කටයුතු පරිසර හිතකාමීව සිදුකළ යුතු බවත් කී බැසිල් රාජපක්ෂ මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී සාමාන්‍ය ජන ජිවිතයට බාධා ඇති නොවන ආකාරයට සියලු කටයුතු සිදුකළ යුතු බවද අවධාරණය කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති
’’මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ ’’ යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මහ මැතිවරණයේ අති විශිෂ්ඨ ජයක් ලැබීම අසීරු නැහැ‘