IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා

(රංජිත් රාජපක්‍ෂ)

ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල අද (07) සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

“යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මේ රට දෙකඩ කඩා බෞද්ධ ආගමට හිමි ස්ථානය පහළ දැමීමට කටයුතු කරන බවට ඇතැම් පිරිස්  ජනතාවට බොරු බියක් ඇති කරනවා.

එවැනි කිසිදු කටයුත්තක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම පිළිබඳ මුලික වටයේ සාකච්ජාවල සිටි කෙනෙක් විදියට මම ඒක කියන්නේ.
 එම ව්‍යවස්ථාවෙන් ඒකීය රටක් තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා“යැයි ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.



අදහස් (2)

මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා

chris Wednesday, 12 July 2017 11:24 PM

රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගානකට කොල්ලකාලා තියන වංචා වැඩ සේරම කරලා, රටේ අහිංසක මිස්සුන්ව නොමග යවන ලෝකය ඉන්න ලැජ්ජ නැති ජරාම ජන කොට්ටාසය තමා ලංකාවේ දේශපාලකයෝ අබ සරනයි ශ්‍රී ලංකා

:       1       3

lion Thursday, 13 July 2017 12:47 AM

අනේ මේ මනුස්සය කටින්ද කතා කරන්නේ රාජපක්ෂට වැද වැදඉදල දැන් වැළ යන අතට මැස්ස ගහනවා . හෙට රාජපක්ෂ බලයට එනවනම් මෙයා ඒ මනුස්සයාගේ ගුණ ගායනා පටන් ගනී . මේ වගේ අය මිනිස් කමටත් නින්දාවක්

:       0       1

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site