IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මැති ඇමැති වැටුප් වැඩිවීම ආණ්ඩුවේ යෝජනාවක් නෙමෙයි - කිරිඇල්ල

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)  

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවේ යෝජනාවක් නොවන බවත් 2006 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ  ගෙන ආ නීතියක් අනුව වැඩි වූ බව ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ සභානායක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද 04 මාතලේදී පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වතු කම්කරු ජනතාවට පර්චස් හතක ඉඩමක අයිතිය ලබා දිමේ “හරිත භුමි “වැඩසටහනේ දෙවන අදියර යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වතු ජනතාවට ඉඩම් ඔප්පු ලබා දිමේ උත්සවයට සහභාගි වෙමිනි.එම උත්සවය මාතලේ අඹගහ බස් නැවතුම්පළ අසලදී පැවැත්විණි.

මෙහිදි වැඩිදුරටත් දහස් දැක්වු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

‘මන්ත්‍රිවරුන්ගේ පඩිය  ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පඩියට සමාන විය යුතුයි කියලා නීතියක් ගෙනාවා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් පසුගිය කාලයේ විනිසුරුවරුන්ගේ පඩිය වැඩි වුණ නිසා මන්ත්‍රිවරුන්ගේ පඩියත් මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ නීතිය අනුව වැඩි කරන්න සිද්ධ වුණා.
එතුමයි ඒ නිතිය ගෙනාවේ. මේ සම්බන්ධයෙන් ජුලි මාසේ 17 වැනිදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවිට පක්ෂ නායකයෝ සියලුදෙනාම හිටියා. මේකට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. මේ අය තාම ක්‍රියාත්මක නැහැ.

අපි ජනතාවගේ ප්‍රශ්න දන්නවා. නමුත් ප්‍රතිපත්තිය පිළිගත්තේ සියලු පක්ෂ නායකයින්ගේ කැමැත්ත අනුවයි. පසුගිය ජනාධිපතිවරණයේදිත්, මහමැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සදහන් කළා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අපි සැම වතු පවුලකට පර්චස් 7ක ඉඩම් අයිතිය ලබා දෙනවා කියලා. 2015 ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුව ඇති කළා. එවකට වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් දැම්මා. සෑම වතු පවුලකටම පර්චස් 7ක ඉඩම් අයිතිය ලබා දියයුතුයි කියලා. ඒ

යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කැබිනට් මණ්ඩලයම සම්පූර්ණ  අනුමැතිය දුන්නා. ඒ අනුව තමයි අපිට පුළුවන් වුණේ මේ සංකල්පය ඉදිරියට  ක්‍රියාත්මක කරන්න.

 
වතු කම්කරු ජනතාව හැමදාම පුරවැසිකම් නැති පිරිස් බවට පත්වෙලා හිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් තමයි පුරවැසි අයිතිවාසිකම ලබා දුන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ වතු ජනතාවට ඉඩමක අයිතිය ලබා දෙනවා. .ඇමරිකන් ඩොලර් කෝටි 4000ක් විතර ණය ගත්තා. අද ලංකාවේ ආදයම මදි ණය ගෙවන්න. එවැනි ආර්ථිකයක් තමයි මහින්ද රාජපක්ෂ මහතා අපිට බාර දුන්නේ. නමුත් විවිධ දුෂ්කරතා මධ්‍යෙය් අපි ජනතාගේ සුභසාධන කටයුතු ආරම්භ කරලා තියනවා. අපිට මේ අවුරද්දේ ණය ගෙවන්න තියනවා ඇමරිකන් ඩොලර් මිලියන 1800ක්. ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියනවා 2021 දී අපිට ඇ.ඩො මිලියන 3100ක් ගෙවන්න තියනවා.

මේක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට උරුම කරලා ගියේ. අපි සිසු දරුදැරියන්ට සුරක්ෂා රක්ෂාණාවරණය දුන්නා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. රාජ්‍ය සේවක පඩි වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. මේ ආර්ථිකය සකස් කරන්න...රාජ්‍ය බැංකු හරහා දැන් අපි ණය ලබා දිමට කටයුතු කරමින් පවතිනවා. අපි මාතලේටත් ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම නකල්ස් රක්ෂිතයේ එක බිම් අඟලක්වත් හෝටල් හදන්න අපි දිලා නැහැ. මැප් එකෙන් බලන්න පුළුවන් තාක්ෂනය තියනවා. අපි රක්ෂිත හදුනාගෙන තියනවා. මේ කෑ ගහන අයට අමතක වෙලා තියනවා 1995 පොදුජන ආණඩුව කාලයේ ඉඩම් අක්කර ලක්ෂ 6ක් වික්ක බව.. ඒතකොට කවුරුත් කතා කළේ නැහැ. කවුරුත් කට ඇරියේ නැහැ. නකල්ස් රක්ෂිතය ගැන කතා කරන අය මේක තියන තැනවත් දන්නේ නැහැ. අපි ලාභ ලබන වතු විකුණන්නේ නැහැ‘‘ යැයි  ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න, පාර්ලිමෙන්තු මන්ත්‍රි වේලු කුමාර්,මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ.එච්.එම් ඉබ්‍රාහිම්,මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ .මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා.ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නෙලු විජේදාස.ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරි රෝෂාන්ත පෙරේරා. යන මහත්ම මහත්මින් ඇතුලු වතු ජනතාව විශාල පිරිසක් එක්වි සිටියහ.

 



අදහස් (9)

මැති ඇමැති වැටුප් වැඩිවීම ආණ්ඩුවේ යෝජනාවක් නෙමෙයි - කිරිඇල්ල

Chanak Los angeles Saturday, 04 August 2018 05:06 PM

වහෙන් හොරෝ භාෂාව නොදමා වැටුප් වැඩිවීම ලබා ගන්නේ නැහැ කියලා දිව්රුම් සහතිකයක් පාර්ලිමේන්තුවට දෙන්න පුලුවන්ද කියා අපි මැති ඇමතිලාගෙන් අහනවා ?

:       1       115

Rathne Sunday, 05 August 2018 12:52 AM

හැබෑට? අපි දැනන් හිටියෙ නෑනෙ ඕනෙ ගොනෙක්ට පඩි වැඩිවීම් ඉල්ලන්න පුළුවන් කියල.

:       0       124

Senarath Sunday, 05 August 2018 08:09 AM

වැඩිපුර ඉන්නේ අටවත් පාස් නැති හාල්පාරුවෝ. මේ අම්බරුවෝ කොහොමද ඉහළ අධිකරණ වල ඉන්න විනිශ්චයකරවරුන්ට සමාන කරන්නේ..

:       0       191

Bamunuarachchi Sunday, 05 August 2018 03:47 PM

ඔයාලා ගිය ආණ්ඩුව කරපු නාස්තිකාර වියදම් නවත්වනවා කියලා එහෙනම් මොන මොකටද නුඹලා පඩි වැඩිකර ගන්නේ.

:       0       30

Perakum Monday, 06 August 2018 04:08 AM

වැරැද්ද කළේ මහින්ද රාජපක්ෂ කියලා එයාට දොස් කියකියා ඒකම කරන එක හරි වැඩක්ද? වහාම ඒ වැරැද්ද නිවැරදි කරන්න. ඒත් ඒකට හිත දෙන්නෙ නෑ නේද?

:       0       0

upali Monday, 06 August 2018 04:16 AM

මෙයාලා දන්නේ නැහැ මොවුන්ව පත් කලේ පෙර අයගේ වැරදි නවත්තන්න කියලා. සේරම් කම්බ හොරු...

:       0       0

sarath perth Monday, 06 August 2018 05:43 AM

අනේ අම්මපා මේ අයට බනින්න තව වචන ටිකක් කියන්න...

:       0       0

laky Monday, 06 August 2018 07:27 AM

අනේ එහෙනම් ව්‍යවස්ථාව වෙනස් කරා වගේ මේක වෙනස් කර ගන්න...

:       0       0

Kumar Monday, 06 August 2018 04:23 PM

මම ජීවත්වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නම් මහජන ඡන්දයෙන් පත්වන අයගේ වැටුප් වැඩිවෙන්නේ මහඡන්දයකින් පසුවයි. ඒ ක්‍රමය තමා ලංකාවටත් හොඳ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 135 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1175 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site