IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා

(අංජුල මහික වීරරත්න)

“බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ බෙන්ස් කාර් රියෙන් යන්න සූදානම් වෙන්න එපා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ මන්ත්‍රී කණ්ඩායමේ දිවුරුම් දීමේ උත්සවයේදී පෙරේදා (19) පැවැසීය.

“තමන් නියෝජනය කරන කොට්ඨාසයේ ගෙයක් ගානේ ගොස් ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගෙන විසඳුම් දීමට කටයුතු කරන ලෙසද” අග්‍රාමාත්‍යවරයා නවක මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය. කොළඹ - අරලියගහ මන්දිරයේදී දිවුරුම් දීමේ
උත්සවය පැවැත්විණි. කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය මෙහිදී දිවුරුම් දුන්නාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති නීතිඥ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉදිරියේ නවක මන්ත්‍රී දිවුරුම් දීම සිදු කෙරිණි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී දිවුරුම් දීම සිදු විය.

උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

“ලක් ඉතිහාසයේ පළමු වරට කොළඹ මහ නගර සභාව සඳහා පුරපතිනිය දිවුරුම් දුන්නා. එය වාර්තාවක් බව කිව යුතුයි. රෝසි සේනානායක දේශපාලනයේ බොහෝ පළපුරුද්දක් ලැබූ කාන්තාවක් බව කිව යුතුයි. පළාත් සභා මන්ත්‍රීවරියක ලෙසත්, අමාත්‍යවරියක ලෙසත් ඇය සේවය කළා. නියෝජ්‍ය නගරාධිපතිවරයාත්, සෙසු මන්ත්‍රීවරුනුත් අද දිවුරුම් දුන්නා. ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කළ මහජනතාව ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත විය යුතුයි. ඔබේ දහදිය මහන්සියෙන් මේ ප්‍රතිඵලය ගත්තා. රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට මා සුභ පතනවා. සුභ පැතුම පිරිනමන්නේ එක් අරමුණක් සමඟයි. ඔබ නගරය දියුණු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඒ අපේ යුතුකමයි. මැතිවරණයේදී අප දස අවුරුදු සැලස්ම ඉදිරිපත් කළා ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරමු. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගනිමු. ඒ සඳහා අවධානය යොමු කරන අතරතුර කොළඹ නගරයේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කළ යුතුයි. නගරයේ වැඩි දෙනෙකු දුප්පත් ජනතාවයි. එමෙන්ම මධ්‍යම
පන්තික ජනතාවද ඉන්නවා. බොහෝ විට නගරයේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ කටයුතු සම්පාදනය කිරීම
අපගේ යුතුකමයි. ඔබ මනාපයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් නොවෙයි. කොට්ඨාස නියෝජනය සඳහා තේරීපත්වූ අයයි. ඒ නිසා කොට්ඨාසයේ සෑම නිවසකටම යන්න. ජනතාව මුණ ගැසෙන්න. සෑම විටම ජනතාව බලාපොරොත්තු
වන සේවය සලසන්න. ඔබ පත්කර ඇත්තේ ඒ සේවය සැලසීමට හැකියාව තිබෙන නිසයි. සේවය සලසන්න බැරි
නම් ඡන්දයට ඉදිරිපත් විය යුතුව තිබුණේ නැහැ. දැන් ඔබ ජනතාවට උපරිම සේවය සලසන්න. නගරයේ ජනතාව සමඟ ජීවත් වෙන්න. කොළඹ ඉතා හොඳ නගරයයි. විවිධ ජන කොටස්වලට අයත් නගර වැසියන් ඉන්නවා. ඔවුන් රැක බලාගැනීම ඔබේ යුතුකමයි. ඔබ පත්වී ඉන්නේ බයිසිකලයෙන් පැමිණ බෙන්ස් රථයෙන් ආපසු යන්න නොවෙයි. ඔබේ වගකීම ඔබ ඉටු කරන්න. ජනතාව ඔබෙන් විශාල සේවය බලාපොරොත්තු වෙනවා.

මහ ආණ්ඩුවේ සම්පත් ද කොළඹ නගරය වෙනුවෙන් යොදවනවා. නගරයේ තිබෙන ප්‍රශ්න ගැන අපි හොඳින් දන්නවා. පළමුවෙන්ම ඩෙංගු වසංගතයෙන් නගරය ආරක්ෂා කරගත යුතුයි. කුණු කසළ ඉවත් කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එදිනෙදා ප්‍රශ්න සාර්ථකව විසඳිය යුතුයි. එමෙන්ම දුන් පොරොන්දු දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැප වෙන්න. ඔබේ යුතුකම ඉටු කරන්න. මීට වඩා හොඳ ජීවන රටාව ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නගර වැසියන්ට දෙන්න” යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලීය.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය. එක්සත් ජාතික පක්ෂයට කොළඹ මහා නගර සභාවේ විශිෂ්ට ජය ලබා දුන් ජනතාවට ස්තූතිය පළ කළ යුතුයි. ආසන සංවිධායකවරුන්ද දිවා රාත්‍රී නොබලා විශාල වෙහෙසක් ගත්තා.

අපි ඉදිරිපත් කළ දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවංකවම කැප වෙනවා. අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ සියලු අපේක්ෂා ඉටු කළ යුතුයි. කොළඹ සුහුරු නගරය බවට පත් කිරීම අපේ අරමුණයි. කොළඹ නගරයේ විවිධත්වයෙන් යුතු ජන කොටස් සිටිනවා. එය හඳුනාගෙන සෑම දෙනාටම නිදහසේ ජීවත් විය හැකි පරිසරය
ගොඩ නැගීම අපේ අරමුණයි. කාර්යක්ෂමතාවයකින් යුතුව නගරයේ සියලුම ප්‍රශ්න විසඳීමට අප කටයුතු කරනවා.
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (9)

බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා

Raveendra Wednesday, 21 March 2018 11:22 AM

කතාව සහතික ඇත්ත. එය ඔහේ ඇතුළු 225 ටම වලංගු වෙනවා. අපට කකුළුවෙක් කියපු සුන්දර කතාවක් මතකයට නැගෙනවා. කකුළුවා තම පැටවුන්ට කියනවා "දරුවනේ නුඹලා කෙලින් ඇවිදපල්ලා "කියලා. එලෙසම අපේ සිත්වලට මෙයද නිතරම මතක් වෙනවා. අපේ දහදිය, ලේ කඳුලින් උපයාගත් අහිංසක දුප්පත් මුදල් හොරා කාපු, " බැඳුම්කර හොර තක්කඩි කාලකන්නි රැල". ඉතින් "සූත්තර පුංචා" නිකන්වත් ඔහෙට මතක් වෙන්නේ නැද්ද "බැඳුම්කර හොර තක්කඩියන් ගැන "?

:       2       581

erdi Wednesday, 21 March 2018 03:05 PM

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදත් සැපවත්ව ජීවත්වෙච්ච කෙනෙක්. ඒ වගේම අතේ කරේ රත්තරන් පොරවාගෙන යන යන තැන අලි සුර එල්ලගෙන ඉඹ ඉඹ ගිය කෙනෙක් නෙවෙයි. පුදුම චාම් චරිතයක්... එය එතුමාගේ මල් පාරේ ගෙදරට ගිය කෙනෙකුට දැකගත හැකියි. එතුමා කවදාවත් මුදල් වංචාවකට සම්බන්ධ බවට ප්‍රකට වී නැත. එහෙත් එතුමා අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට මහබැංකුව බාරදී කම්බහොර නාමයක් ගාගැනීම ඉමහත් කණගාටුවක්. හිටපු හොරු සුවසේ මෙතුමාට අද දෝෂාභියෝගත් ඇවිත්...

:       1762       725

GihanThursday, 22 March 2018 02:24 AM

කලින් චෝදනාවක් ආවෙ නෑ කියල සුදනෙක් වෙන්නේ නෑ නේ. මෙදා පාර ඇන්නේ කෙහෙල් ගහට නේ. හොට පැටලුනා.

:       3       36

එර්දිSaturday, 24 March 2018 05:25 AM

ගිහාන්, රනිල් බැංකු වංචාවක් කළ බවට ඔප්පු වුනේ.. එය නීත්‍යානුකූලව කල නිසයි. හැබැයි නීත්‍යානුකූලව නොවන ආකාරයට සුද්ද කරපු අය අද නිදැල්ලේ. රනිල් වික්‍රමසිංහ හොරු අල්ලන ආණ්ඩුවක් හදන්න ගිහින් ඇදගෙන නෑවා...

:       21       12

gihanSaturday, 24 March 2018 07:02 AM

ආ... එතුමා නීත්‍යානුකූලවද හොරකම් කරේ? ස්තූතියි දැනුවත් කළාට...

:       0       7

රාජුන්Saturday, 24 March 2018 10:16 PM

කොහොමද නීත්‍යානුකූලව හොරකමක් කරන්නෙ? මට පේන්නෙ එර්දි එර්දිවෙලා වගෙයි.

:       0       0

BamunuarachchiSaturday, 24 March 2018 08:27 AM

අනික් අය කල දේ මොනවද කියලා කට ඇරලා කියන්නකෝ.. රට නම් දන්නේ සිල්රෙදි බෙදුවා, ලිපි බෙදුවා, ජී.අයි. පයිප්ප බෙදුවා කියලා පමණයි.

:       1       18

Chanak Los angeles Thursday, 22 March 2018 03:10 AM

ජනපති වෙලා ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරකින් විශ්‍රාම යන්න හදන කුරුණෑගල මන්ත්‍රීව ආදර්ශයට ගන්න

:       34       171

Bamunuarachchi Thursday, 22 March 2018 06:57 PM

මේවට තමයි කියන්නේ වැදී බණ කියලා.

:       1       22

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 41 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1155 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 891 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3679 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site