IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පුංචි කාර් වලට බදු පනවා තරුණ්‍යයේ සිහින විනාශ කරනවා’

නාලක සංජීව දහනායක

 

පුංචි කාර්වලට අධික බද්දක් පනවමින් තාරුණ්‍යයේ සිහින විනාශකර දැමීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (2) පැවසීය.

යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබදීම වෙනුවට පුරවැසියන්ගෙන් පළිගනිමින් සිටින බවද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මැතිවරණ කල්දමමින්, ජනතාව මත අධික ලෙස බදුබර පටවමින් සහ බඩු භාණ්ඩවල මිළ ඉහළ දමමින් නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුව පුරවැසියන්ගෙන් පළිගන්නවා. මේ ආණ්ඩුවෙන් ජනතාවට කිසිම සහනයක් බලාපොරොත්තුවෙන්න බැහැ.

ආණ්ඩුව බලය ගන්න ජනතාවට නොයෙක් ආකාරයේ පොරොන්දු දුන්නා. පුංචි කාර් සිහිනය, ෆ‍්‍රී වයි, රැකියා දස ලක්‍ෂයක් දීම, ෆොක්ස් වැගන් කර්මාන්තශාලාව වැනි තරුණ පරපුර ආකර්ෂණය වන බොහෝ පොරොන්දු දුන්නා. නමුත් දැන් ආණ්ඩුවට ඒ පොරොන්දු අමතක වෙලා. පොරොන්දුවලට වෙච්ච දෙයක් නැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර බලාපොරොත්තුවක් වූ පුංචි කාර් සිහිනය අද සැබෑ නොවන සිහිනයක් වෙලා. ජනතාව මත අධික බදු පටවමින් මේ ආණ්ඩුව වාර්තාපිට වාර්තා පිහිටුවා තිබෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

‘පුංචි කාර් වලට බදු පනවා තරුණ්‍යයේ සිහින විනාශ කරනවා’

දිසානායක Friday, 03 August 2018 12:09 AM

කන්න, අදින්න, අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරිව ඉන්න අපට කාර් කියන්නෙ පාන් නැතිවට කේක් වගේ

:       0       0

Saththaya Friday, 10 August 2018 08:42 AM

හරිම වැරදියි ඒවායින් රේස් පදින්නත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 74 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site