IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. 

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.

වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?

චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):-

ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. 

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):-

අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-

සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.

මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.

සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.

ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. 

මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.
නිවේදන සම්මත කෙරිණි.
පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.

ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.

වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.
මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.

ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.

ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. 

(වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)

සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. 

තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.

එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.

 

 

 



අදහස් (8)

චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ

Shan Friday, 08 June 2018 06:03 AM

අපි නම් ඕවා දැනගෙන ගොඩක් කල්. පාලකයෝ වෙලත් අපි වගේම තාමත් කතා කර කර ඉන්න එක ගැන කණගාටුයි. දැන් අපිද මේ බදු අය කරන්න පියවර ගන්න ඕන?

:       0       114

Raveendra Friday, 08 June 2018 06:16 AM

බොහොම හොද අදහසක් . බදුමුදල් ගෙවන දුප්පත් අහිංසක පුරවැසියන් හැටියට අපිට මේ උනහෙගෙනුත් පොඩි ප්‍රශ්නයක් තියෙනව උත්තර දැන ගැනුමට මග බලා ඉන්නේ හොදේ. දැන් ඔහෙලා " සියලු සුර සැප විදින්නේ, තුන් වේලම පිනට ගිල දමන්නේ " අපේ අහිංසක බදුමුදල් වලින් බව මුළු ලෝකෙම දන්නවනේ ඉතින් මේ උන්දැලා බදු මුදල් වශයෙන් මොනවද ගෙවන්නේ ??? අපේ මෝඩ දැනුම වර්ධනය කරගැනීමට කියනවකො බලන්න අවංකව ඒ ගැන.

:       1       148

senarath Friday, 08 June 2018 07:31 AM

අපුරු මුදල් අමතියෙක්නේ. රටේ ඕනේ තරම් ඉන්නවා දොස්තරලා, ටියුෂන් ගුරුවරු බදු ගෙවන , අනෙක එහෙම ඉන්නවනම් අපිට කියා කියා ඉන්නද රජයක් පත්කළේ ජනතාව. මේ රජයේ එකෙක් නැහැ වැඩක් කරන්න පුළුවන් . ජනපතිගේ ඉදල මන්ත්‍රී වෙනකම්ම ඔක්කොටම බැරි බැරියාව. අනුන්ට දොස් කියමින් ඉන්නවා. අද රුපියල බලුවෙලා , ඩොලරයකට රුපියල් 160 ක් ගෙවන්න ඕනේ.

:       5       217

Soma Friday, 08 June 2018 08:22 AM

පුද්ගලික අංශයෙන් විතරක් බදු ගහන්න. අගේට හැදෙයි ආර්ථිකේ.

:       1       9

chathuri Friday, 08 June 2018 11:32 AM

ඔය කියන කට්ටිය බදු ගෙවන්නේ. නැතිනම් උසාවියට කැඳවල නඩු දමන්න නැතිව ඊලග බජට් එකේදී මුන්ගේ බදු අසරණ ජනතාවට ගෙවන්න සලස් වන්නේ. නැතිව. ලොක්කෝ හොරකනවා බදු ගෙවන්නේ නැහැ පොඩ්ඩෝ නොකා නොබී අනුන්ගේ ණය ගෙවනවා

:       1       36

DD Saturday, 09 June 2018 12:28 AM

ඒකට ඉතින් වයසක මිනිසුන්ගේ බැංකු පොලියට විදිනවා.

:       0       15

Bamunuarachchi Sunday, 10 June 2018 12:46 AM

චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑලු .අනේ ලැජ්ජනැතිව කියනවනේ. ඒ ගොල්ලන්ගෙන් බදු අයකර ගන්න කරමය බැරුවද මහින්ද මහතාට කීවේ වාදෙකට එන්න කියලා. මම කියලා දෙන්නද ඒගොල්ලන්ගෙන් බදු ගන්න ක්‍රමය. අනික් රටවල මෙන් සාම පුරවැසියෙකුට ආදායම සහ වියදම පෙන්වන්න "ටැක්ස් රිටන් " කොලයක් අනිවාර්ය කරන්න. එවිට එහි ඔයකියන ලොකුගනනින් චැනල් දොස්තරවරුනට - ටියුෂන් ගුරුවරුනට - නීතිඥවරුනට ගෙවන මුදල් නම් සහිතව ඒ "ටැක්ස් රිටන් " එකේ සටහන් වේවි. ඊට පසු ඒ නම් පිටුපස ගොස් ඔය කියන දොස්තරවරු, ටියුෂන් ගුරුවරු,නීතිඥවරු, ලබා ගත්ත ගණන කියලම, අල්ලා ගන්න පුළුවනි. මේ නිසා අදායම් බදු දෙපාර්ත මෙන්තුවේ රකියාවලුත් වැඩි වේවි ආදායමත් වැඩිවේවි.

:       0       52

Chanak Los angeles Sunday, 10 June 2018 07:04 PM

නීතිවේදීන් බදුගෙවීම මගහැරලා කියලා ආණ්ඩුවේම ප්‍රබලයෙක් කියන මේදේ රන්ජන්ගේ නීති අපහාස නඩුවට වැදගත් ශාක්ෂියක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1142 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 871 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2289 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2141 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3676 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1593 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1467 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site