IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපය ගැන අමුණුගමටත් ප්‍රශ්න

(හර්ෂණ තුෂාර සිල්වා)

තමන්ටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටළු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොයන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
 
එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි ජනාධිපතිවරයා විවේචනය කිරීමට යෑමෙන් රාජ්‍ය පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්වන බව ද ඒ මහතා කියයි.

කුමන පක්ෂයෙන් පැමිණියත් ජනාධිපතිවරයා විවේචනය කිරීම මන්ත්‍රීවරුන්ට සුදුසු ක්‍රියාවක් නොවන බව කී අමාත්‍යවරයා ගැටලුවක් ඇත්නම් ජනාධිපතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බව ද කීය.

බත්තරමුල්ල සෙත්සිරිපාය විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේදී  අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඉහත කරුණු කීවේය.
 
“ජනාධිපතිවරයා තමයි රාජ්‍ය නායකයා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයායි. අපි මේ ආණ්ඩුව හැදුවේ පක්ෂ දෙකක් එකතුවෙලා. අපිට හරි ඔවුන්ට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න විසඳිය යුතු යාන්ත්‍රණයක් තිබෙනවා. ප්‍රශ්න ගිහින් මහජනතාවට කියන එක සුදුසු නැහැ. දුක්ගැනවිල්ලක් තියෙනවා කියමු. එහෙම තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. අපි එහෙම උපකල්පනය කරමු. එහෙනම් එය ජනාධිපතිවරයාට කිව යුතු ආකාරයක් තියෙනවා. ඔහොම ප්‍රසිද්ධියේ කතා කරන එක සදාචාරසම්පන්න නැහැ. ඔහොම විවේචනය කළාම ජනාධිපතිවරයාට ඒවා සියල්ලට පිළිතුරු දෙන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා ඔය විදියට මාධ්‍ය හමු තියමින් විවේචනය කිරීම සුදුසු නැහැ. ඒක හරි වැරැදි වැඩක්. ඔය එක එක්කෙනාට පිළිතුරු දෙන්න ජනාධිපතිවරයාට බැහැනේ.

අපටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටලු තිබෙනවා. එහෙත් අපි ඒවා ප්‍රසිද්ධියේ කියන්නේ යන්නේ නැහැ. රාජ්‍ය නායකයා හෝ වෙනත් අයකු ගෙන චෝදනා කරන්න තිබෙනවා නම් එය කළ යුතු විදියක් තිබෙනවා. ඔහොම කරන්න බැහැනේ. ඔය විදියට රාජ්‍ය නායකයා විවේචනය කරන්න ගියොත් ආණ්ඩු කරන්න බැහැනේ. ප්‍රශ්න කියන්න විදියක් තියෙනවා. පොදුවේ සාකච්ඡා කරන්න යාන්ත්‍රණයක් හදලා තියෙනවා.

අපේ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් සතියකට සැරයක් හම්බවෙලා සාකච්ඡා කරනවා. ඒ විදියට අපි යාන්ත්‍රණ හදලා තියෙනවා. මම ඊයේ ජනාධිපතිවරයා හම්බවෙන්න යද්දිත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරමින් හිටියා. ඒ විදිය ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරන්න පුළුවන්. අපි පක්ෂ දෙකක සන්ධානයක්. එහෙමයි කියලා, මොන පක්ෂෙන් ආවත් ජනාධිපතිවරයා විවේචනය කරන්න මන්ත්‍රීවරුන්ට අයිතියක් නැහැ.

රාජ්‍ය නායකයා විවේචනය කරන්නේ පෞද්ගලිකව නෙමෙයිනේ. ගත්තු මොකක් හෝ තීරණයක් සම්බන්ධයෙන් නේ මේ චෝදනා කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගත යුතුයි.

විජයදාස අමාත්‍යවරයා ඉවත් කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් විවේචනය කිරීම නිසයි. විජයදාස මහතා කැබිනට් මණ්ඩලයේ දි කට වහගෙන ඉඳලා එළියට ඇවිල්ලි වෙනත් කරුණු කියමින් විවේචනය කළා. එය ශිෂ්ඨ සම්පන්න නැහැ. එය අශිෂ්ඨ විදියක්. ඒ නිසා සුජීව සේනසිංහ මහතාගේ සිදුවීම සහ එම සිදුවීම කියන්නේ සිදුවීම් දෙකක්” යැයි ද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (4)

එජාපය ගැන අමුණුගමටත් ප්‍රශ්න

Silva Friday, 24 November 2017 06:45 AM

එජාපයට ලැබුණ ඡන්දෙන් ඇමතිකම් ගත්තු ශ්‍රී.ල.නි.පෙ කට්ටිය හදාගන්න කියන්නකෝ ඔය ජනාධිපතිට.. නැත්නම් පව් නොදී ගෙදර යන්න...එජාපය තනි ආණුඩුවක් හදයි....9ක් 10 ශ්‍රී.ල.නි.පෙ එකෙන් කඩාගෙන අර මහින්ද එජාපයෙන් කඩාගත්ත වගේ. එතකොටවත් රට ඉදිරියට යයි නේ...

:       1       32

de silva Friday, 24 November 2017 03:40 PM

ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ ඡන්දයක් කිට්ටු වුණහමයි. ඡන්දයෙන් පස්සේ දෙගොල්ලෝම ප්‍රශ්න අමතක කරලා... එකතුවෙලා අපිව සූරාකන්න පටන්ගන්නවා. මෙදාපාරනම් ඔය බොරුවලට අපි අහුවෙන්නේ නැත.

:       0       1

Don Saturday, 25 November 2017 03:57 PM

දැන් එතකොට ජනාධිපතිවරයා මොකක් හෝ කටයුත්තක් සම්බන්දයෙන් ගන්න තීරණයක් ජනතාව වෙනුවෙන් විවේචනය කරන්න, ඒකට හේතුවක් ජනපතිවරයාගෙන් දැනගන්න විපක්ෂේ මන්තිරිවරයෙක්ට බැරිද අමුණුගම ඇමතිතුමෝ ??

:       1       0

Sathyayaa Saturday, 13 January 2018 07:31 AM

ඔබට එජාපයත් එක්ක ප්‍රශ්න තිබුනේ අද විතරක් නොවෙයි. රනිල් එක්ක තිබුණු ප්‍රශ්නය නිසා ඒකෙන් අස්වුණා මිස ජනතාවාදී දෘෂ්ටි කෝණයෙන් බලා ඔබ ශ්‍රීලනි පක්ෂය ට බැඳුනේ නැහැනේ. ඔබ දේශපාලනයට එනවිට තිබුණු පිරිසිදුකමෙන් අරික්කාලක් වත් අද දේශපාලනයේ දකින්න නැහැ.. කෝ ඔයාලගේ උගත් කම... කිසිම ප්‍රායෝගික කමක් නොදැන ගිරව් වගේ න්‍යායයන් ශිෂ්‍යයන්ට උගන්වා අද න්‍යායෙන් මුළු රටම මුලා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 60 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 897 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site