IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ

ශ්‍රී ජයවර්ධනපුර - මුදිතා දයානන්ද

“මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළකට යන්න අප සූදානම්. දැනටමත් ජපන් විශේෂඥ කණ්ඩායම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ පර්යේෂණ ආරම්භකර තිබෙනවා” යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මරදාන සුදුවැල්ලේදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ සුදුවැල්ලේදී පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි.

මරදාන-සුදුවැල්ල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක කිත්සිරි රාජපක්‍ෂ මහතාගේ සංවිධායකත්වයෙන් අවුරුදු උත්සවය පැවැත්විණි.

මීතොටුමල්ල කසළ කන්ද නාය යාමෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පමුණුවමින් පහනක් දැල්වීම කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පහනක් දල්වා මිය ගිය අයට පිං පැතුවේය.

අලුත් අවුරුදු උත්සවයේ හොඳම හිනාව හා හොඳම හැඬීම තරග අවස්ථා දැක ගන්න මෙහිදී අගමැතිවරයාට අවස්ථාව ලැබිණ.

කිත්සිරි රාජපක්‍ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“අලුත් අවුරුද්ද ආරම්භයේදීම මීතොටමුල්ල කසළ කන්දේ වූ නාය යාමෙන් විශාල ජනතාවක් විපතට පත් වුණා. ඒ ජනතාවට ශෝකය පළ කරනවා වාගේම අප අද මෙතනදී විපතින් මිය ගිය ජනතාව සිහිපත් කර පිං දුන්නා.

අප සැලකිලිමත් විය යුත්තේ මෙවැනි දේ නොවන තැනට කටයුතු කරන්නයි. රටේ කසළ කළමනාකාරීත්වය නිතරම ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා රටක් හැටියට මෙහි තිබෙන අඩු පාඩු සොයා ගෙන ඒවා නිවැරදි කර මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් සමග මේ ආණ්ඩුව ඒ වගකීම ගත්තා.

සිංහල අලුත් අවුරුද්දේදී හැමෝටම හොඳ අවුරුද්දක් ගත කරන්න ලැබේවා කියා ප්‍රාර්ථන කරනවා. එසේ බලාපොරොත්තු වෙනවා. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න වැඩ කරන බව කියන්න කැමතියි.

මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? පුරවැසියකු හැටියට සුරක්‍ෂිත අනාගතය ඔබ බලාපොරොත්තු වෙනවා. අප බලාපොරොත්තුව ඔබේ ප්‍රාර්ථනාව ඉටු කළ හැකි බලගතු ශ්‍රී ලංකාව ගොඩ නැගීමයි.

බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන අවස්ථාවේ ජපානයට දෙවැනිව තිබුණේ ශ්‍රී ලංකාවයි. නමුත් අද අප පස්සට ගිහිල්ලා. අද අපට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ රට දියුණු කරන්න.

ඒ සඳහා අපට ජාතික ආණ්ඩුව හදා ගන්න හැකිවුණා. පොදු අපේක්‍ෂක රටේ ජනාධිපති හැටියට පත්වෙලා තිබෙනවා.

ජනතාව යුද්දයට මුහුණ දී දුක් විඳ දැන් හොඳ අනාගතය බලාපොරොත්තු වෙනවා. හැම කෙනාටම හොඳ අනාගතයක් ලැබෙන්න නම් ආර්ථිකය ගොඩ දාන්න ඕනෑ.

හැම කෙනාටම තමන්ගේ දක්‍ෂකම් රට වෙනුවෙන් යෙදවිය හැකි සමාජය ඇති කළ යුතුයි. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජනද ගන්න අවශ්‍යයි. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දේ මා තවත් කීප දෙනෙකුත් එක්ක ජපානයට ගියා.

ජපානය කියන්නේ බොහෝ කාලයක් තිස්සේ අපට උදව් කළ රටයි. ජපන් ආධාර අපට ලැබී තිබෙනවා. ජපානයේ අගමැතිතුමා මුණ ගැහුණ වෙලාවේ අපට උදව් කරන්න ලෑස්ති බව කිව්වා. අප දෙගොල්ලන් තුළම ආසියාවේ සාමය පවත්වාගෙන යාම පිළිබඳව ඇත්තේ එකම අදහසයි.

 රටේ සංවර්ධනයේදී විශේෂයෙන්ම කොළඹ නගරය මහනගර සංකල්පය අනුව දියුණු කරනවා. කොළඹ වරාය, ගුවන් තොටුපොළ ප්‍රවාහනය දියුණු කරන්න, ජපන් ආයෝජකයින් ඇවිත් කොළඹ නගරයේ ආයෝජනය කරනවා. වැඩසටහන් ගණනාවක් මා ජපානයත් සමග සාකච්ඡා කළා.

ඒ වගේම මහනුවර නගරය දියුණු කිරීම ගැනත් කතා කළා. අලුත් අධිවේගී මාර්ග ඇති කළවිට මහනුවර විශාල සංවර්ධනය ඇති වෙනවා. ජපානයෙන් එන ආධාර වලින් ඒ සංවර්ධනය කරනවා. මූලික සැලසුම් සකස් කරන්න ජපානයෙන් කණ්ඩායම අපේ රටට එනවා.

මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ජපානයට බෞද්ධ සංස්කෘතික රටක් හැටියට සංවර්ධනය කරන්න මහනුවර භාර දෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය, ආර්ථිකය, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය යෝජනාද තිබෙනවා.

ඊළඟට ත්‍රිකුණාමල වරාය දියුණු කිරීම කළ යුතුයි. ත්‍රිකුණාමලය වරායට හොඳ අනාගතයක් තිබෙනවා. බෙංගාල බොක්කේ රටවල් දියුණු වෙනවිට මේ වරාය දියුණු වෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ මහා නගර සැලැස්ම සකස් කළ සමාගම සමග ත්‍රිකුණාමල වරාය පිළිබඳ සංවර්ධන සැලැස්ම සකස් කරනවා. ඒ සැලැස්මට උදව් කරන්න කියා අප ජපන් රජයෙන් ඉල්ලුවා.

සමහර ව්‍යාපෘතිවලට ආයෝජකයන් එවන්න ජපානය වගේම තවත් ව්‍යාපෘතිවලට ඉන්දියාවත් සහයෝගය දෙන්න සූදානම් බව අපට දන්වා තිබෙනවා. සමහර අවස්ථාවල මේ රටවල් දෙකම එක්ව කටයුතු කරන්න සූදානම්.

විශේෂයෙන්ම ජපානයත් ඉන්දියාවත් එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇති කරන්න යනවා. ඊට අමතරව මේ දෙගොල්ලොම එකතුව එල්.එන්.ජී. ගැනීමට පාවෙන තටාකය ඇති කරන්නත් එකඟයි.

කසළ කළමනාකරණය ගැන විශේෂයෙන්ම මීතොටමුල්ල කසළ කන්ද ගැන පරීක්‍ෂණ පවත්වන්න ජපන් විශේෂඥ කණ්ඩායම ඇවිත් වැඩකටයුතු ආරම්භ කළා. මේ අයගේ වාර්තාව එන සතියේ අපට ලැබෙනවා. මේ වගේ වැඩ කටයුතු ගණනාවක් අපට අලුතෙන් කරන්න හැකිවී තිබෙනවා.

අලුතෙන් රූපවාහිනි තාක්‍ෂණ අපට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය වියදමෙන් කොටසක් ඒ අය දෙන්න ලෑස්තියි. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමවේදය, තාක්‍ෂණික දියුණුව ඇති කරන්න ආදී සියල්ල සඳහා අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර අප ඉන්දියාව සමගත් යම් වැඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. උතුරේ මහා මාර්ග ඇති කරන්න, නිවාස ව්‍යාපෘති කරන්න, තෙල් සංස්ථාව සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කරන්න, වෙළඳ කලාපය ඇති කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉන්දියාව එනවා.

ජනාධිපතිතුමාගේ පණිවුඩය ගෙන ඉන්දියාවේ ගිහින් මෝදි අගමැතිතුමා හමුවී තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා. මා වියට්නාමයටද ගියා. වියට්නාමය යුද්දයෙන් පසු විශාල දියුණුවක් ලැබුවා.
 
මැයි මාසයේ මා චීනයට යනවා. ජනාධිපතිතුමා මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කර සබඳතා ඇති කර ගත්තා. සියල්ල එකතු කරගෙන අප රට සංවර්ධනය කරන්න සූදානම්.

අප ඉදිරියට යන්න ඕනෑ. පැත්තකට වී රටවල්වලට බැණ බැණ ඉඳල රට දියුණු කරන්න බැහැ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය වන්නේ ශ්‍රී ලංකාවයි. අපි ඒක තේරුම්ගෙන රට දියුණු කරන්න අවශ්‍යයි. ඉදිරි මාස දෙක තුළ අප වැදගත් වැඩසටහන් රැසකට යන්න අදහස් කරගෙන ඉන්නවා යයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද සහභාගී විය.

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 42 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1155 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 891 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3679 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site