IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව තියෙන ටික කාලෙත් රණ්ඩුවෙවී ඉන්න එකේ තේරුමක් නෑ

අර්බුදකාරී දේශපාලන වටපිටාවට දිනෙන් දින එකතුවෙන දේශපාලන ප්‍රශ්න පිළිබඳ මේ පිළිතුරු ඇමැති හරීන් ප්‍රනාන්දුගෙනි. 

ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා 
ඇමැති හරීන් ප්‍රනාන්දු 

පහුගිය කාලෙ පුරාම හරීන් ප්‍රනාන්දුට තිබුණු කනස්සල්ල කලකිරීම දැන්වත් ඉවරද? 


ඒවට වඩා දැන් ලැබිලා තියෙන්නේ ලොකු අභියෝගයක්. හරීන් ප්‍රනාන්දු හැමදාමත් අභියෝගවලට හොඳට මූණ දීපු කෙනෙක්. මේ අලුතෙන් මුහුණ දෙන්න වෙන අභියෝගවලටත් බය නෑ. දැන් මම කලකිරීම් ගැන හිත හිත ඉන්නේ නැතුව පැවරීච්ච වගකීම් හරිහැටි ඉටු කරන්නයි ඇප කැප වෙලා ඉන්නේ. 


අමතර ඇමැතිකමක් හම්බවුණු ගමන් කනස්සල්ල ඉවරයි වගේ....? 


ඇත්තටම අලුතෙන් ලැබුණු අමාත්‍යාංශයේ වැඩක් කරන්න පුළුවන් කියලා විශ්‍වාසයක් තියෙනවා. මම ඒ ගැන සුබවාදී බලාපොරොත්තුවකින් තමයි වැඩ පටන් ගත්තේ. විදේශ රැකියා අමාත්‍යාංශය අර්බුද රාශියක් තියෙන තැනක්. වංචා දූෂණවලිනුත් අඩුවක් නෑ. 


අපේ රටෙන් එහා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ. ඒකට හරිහැටි සංවේදි වෙලා තමයි මේ වැඩේ කරන්න ඕන. මම මේ දවස් ටිකට වැඩපිළිවෙළවල් කීපයකටම මුල් පියවර තිව්වා. හොඳ ක්‍රමවේදයක් අවශ්‍යයි මේ අමාත්‍යාංශය හොඳින් කරගෙන යන්න. ප්‍රධානම වැඩේ මේ අමාත්‍යාංශයේ තියෙන හොර මගඩි ටික නවත්තන එක. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අධීක්ෂණ මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා මේවට වහාම පියවර ගන්න ඕන. 


ඔබ කිය කිය හිටියේ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැතිකමෙන් බදුල්ලෙ එක මිනිහෙකුටවත් රස්සාවක් දෙන්න හම්බ වුණේ නෑ කියලා. මේකෙන්වත් පුළුවන්ද? 


මට මේ අමාත්‍යාංශය ලැබෙනකොට මේකෙ ඒ හැටි රස්සා තිබුණෙ නෑ. මට ඕන මෙහේ ඉන්න මිනිස්සු රස්සාවකට රට පටවන්න නෙවෙයි. ශ්‍රමිකයින් විකුණන අදහසක් නෑ. දෙනව නම් දෙන්න ඕන හොඳ රස්සාවක්. තමන්ගේ අනාගතය හදාගන්න පුළුවන් විදියේ රස්සාවකට තමයි කෙනෙක් රට යවන්න ඕන. එහෙම රස්සා වැඩි වශයෙන් නෑ. මැදපෙරදිග දුක් විඳින්න මිනිස්සු යවලම තේරුමක් නෑ. අපි බලනව ජපානය වගේ රටවල්වල රැකියාවන්වලට අපේ අය යවන්න. 


අපේ රටට දැනටත් බිලියන හතකට වඩා විදේශ විනිමයක් එන්නේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන්. ඒ අයගේ ජීවිතවලට සුරක්ෂිත හෙට දවසක් සහතික කරන එක අපේ වගකීමක්. 


පක්ෂය ඇතුළෙ හරීන්ට ලැබුණු තැන ගැන සෑහීමකට පත්වෙනවද? 


මම පක්ෂෙ තනතුරු පස්සෙ එළවගෙන ගියේ නෑ. මම ඉල්ලුව නම් හොඳ තනතුරක් ඉල්ල ගන්න තිබුණා. මගෙන් එහෙම විමසලත් තියෙනවා. මම ඔය ප්‍රධාන තනතුරු වලින් එකකටවත් කැමති වුණේ නෑ. හේතුව මට මේ වෙලාවෙ ඒක නෙවෙයි අවශ්‍ය. මට අවශ්‍ය වුණේ ගේමක් ගහන්න පුළුවන් තනතුරක්. අපේ පක්ෂයේ ලොකු අඩුපාඩුවක්ව තිබුණු තනතුරක් තමයි මට දැන් ලැබිලා තියෙන්නේ. 


මම හිතනවා ලැබිල තියෙන තනතුර දැනට මට ප්‍රමාණවත් කියලා. මේ හරහා පක්ෂය ඇතුළෙ මගේ අනාගතය හදාගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා. 


මීට කලින් යූඑන්පී එකේ සන්නිවේදන බළකාය කළේ නායකත්වය විරුද්ධ බලවේග ගොඩනැගෙන කොට ඒවට කුරුඳු පොලුවලින් ගහනව වගේ ජොබ්. පක්ෂේ කරන වැඩ පක්ෂ ප්‍රතිරූපය රටට සන්නිවේදනය වුණේම නෑ. ඔබ මොකක්ද කරන්න හදන වෙනස? 


පක්ෂය පිළිබඳ ඇත්ත රටට කියන එක තමයි ප්‍රධානම කාර්යය. පක්ෂයට වෙච්ච දේ, පක්ෂය කරපු දේ, කරන්න හදන දේ ඇත්ත ඇති සැටියෙන් රටට කියන්න ඕන. දැන් හැම පක්ෂයක් ගැනම රටට දෙන්නෙ වැඩිපුර බොරු. අපි එතනින් වෙනස් වෙන්නයි හදන්නේ. මාධ්‍යයටත් වගකීමක් තියෙනවා අපි කියන ඇත්ත රටට ගෙනියන්න. පාරම්පරික ක්‍රමවේදවලින් බැහැරවෙලා අලුත් තාක්ෂණය හරහා මේ වැඩේ කරනවා. 


යූඑන්පීයේ නව ප්‍රතිසංස්කරණ හරහා ප්‍රධාන තනතුරු වෙනස් වුණු ආකාරය පිළිබඳ ඔබ සතුටුද? 


මුළුමනින්ම වෙනසක් වුණේ නැතත් මේ වෙලාවෙ සිදුවුණු යම් යම් වෙනස්කම් පිළිබඳව මම සතුටුයි. පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසක් කරන්න අපිට ඕනකමක් තිබුණා. දැන් ඒකට පාරත් කැපිලා තියෙනවා. තනතුරුවලට පත්වෙච්ච අයගෙ හොඳ නරක තීරණය වෙන්නේ ඉදිරියට ඒ අය වැඩ කරන ආකාරයට. මා ඇතුළු කවුරුවත් තාම ඒ තනතුරුවලින් වැඩ පෙන්නලා නෑ. පටන් ගත්තා විතරයිනේ. 


ඒත් තාමත් පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ගේම ඉල්ලනවා? 


සමහර තරුණ දේශපාලනඥයින්ගෙ මේ අතෘප්තිය සාධාරණයි කියලත් හිතෙනවා. ඒ අය ඒ අයගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අරගලයක් කරනවා. ඒක වැරදි නෑ. ඔය පිරිස පක්ෂයට ආදරෙයි. මමත් එක්කත් හරිම සමීපයි. ඒ අයට යම් යම් කලකිරීම් තියෙනවා. පක්ෂයේ ප්‍රධානියා මේ අයට සවන්දිය යුතුයි. 


ඕනම පක්ෂයක පසුපෙළ පිරිසට බොහෝවිට මේ වගේ කලකිරීම් ඇති වෙනවා. ඒ අය ක්‍රමයෙන් ඉදිරියට ගන්න ඕන. දෙපැත්තම නම්‍යශීලී තැනකට ඇවිත් පක්ෂය ඉදිරියට ගෙනියන්න කැපවෙන්න ඕන. පක්ෂයයි වැදගත්. 
මේ පිරිස පිටිපස්සෙ ඉඳගෙන මේ අයව උසිගන්වන සමහර ජ්‍යෙෂ්ඨයෝ ඉන්නත් පුළුවන්. ඒ අය මීට වඩා වැදගත් විදියට වැඩ කරන්න ඕන. 


හරීන් ප්‍රනාන්දුට අමතර ඇමැතිකමක් හම්බවුණු ගමන් නිකං සයිලන්ස් වෙලා වගේ පේන්නේ......? 


මම ටිකක් සැරට කතා කළා පහුගිය දවස්වල. ඒ කළේ පක්ෂය බේරගන්න. මම පක්ෂ නායකත්වය රැකිය යුතු තැන දිවි හිමියෙන් රකිනවා. විවේචනය කරන්න ඕන තැන ඒකට පස්ස ගහන්නෙත් නෑ. ඒත් අහේතුකව කිසිම දෙයක් විවේචනය කරන්න මම යන්නෙ නෑ. මම පක්ෂ නායකය එක්ක ඔරොප්පු වෙලා ප්‍රතිචාර දක්වපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒත් ඔහු රකින්න ඕන තැන රකිනවා. මගේ විදිය වෙනස්. 


පක්ෂය ඇතුළෙ විසඳාගන්න ඕන දේවල් මම එළියේ ඇවිත් කෑ කෝ ගහලා පක්ෂ හෑල්ලු කරන්නේ නෑ. මම පක්ෂය වෙනුවෙන් ඕන වෙලාවක සටන් කරනවා. තනතුරක් දීලා මගේ කටවහලා තියන්නත් බෑ. 


හරීන් මීට කලින් කිව්වා සමහර සිදුවීම් නිසා මේ ආණ්ඩුවෙ ඉද්දි දැනෙන්නෙ හරියට යටට ඇඳලා නෑ වගේ කියලා. දැන් කොහොමද දැනෙන්නෙ? 


මේ ආණ්ඩුවෙ ඉඳීමේ ලොකු ගැටලු ගොඩක් තියෙනවා. මම එදා ඒ කියපු කතාව තාම වලංගුයි. ඒත් අපිට යට ඇඳුම් නැතුව හෝ මේ ආණ්ඩුව කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේක අපි ගෙනාපු ආණ්ඩුව. 
කවුරු ආණ්ඩුවෙන් ගැලවී ගැලවී ගියත් අපි ගෙනා ආණ්ඩුව අපි රකින්න ඕන. බල පෙරළියකින් ගම්පෙරළියක් ඒක කරන්නයි අපේ බලාපොරොත්තුව. මේ ආණ්ඩුවට කොඩිවිනයක් වෙච්ච පිරිස් සැරින් සැරේ ආණ්‍ඩුවෙන් ඉවත් වුණා. තවත් ඒ වගේ අඳුරු සෙවණැලි තියෙන බව පේනවා. ඒ සියල්ල අමතක කරලා අපේ ගමන අපි යනවා. 


ජනාධිපතිතුමාට දින සීයේ වැඩපිළිවෙළ ගැනත් දැන් නිච්චියක් නෑ කියන්නේ.....? 


ඒක නම් හාස්‍යයට කරුණක්. මම ඉතාම කනගාටුවෙනවා එතුමා ඒ කියපු කතාව ගැන. ඔහු නොකළ යුතු ප්‍රකාශයක් ඒක. 


අපේ තිබුණු නිහතමානීකම තමයි මෙච්චර දවස් අපට හරහට හිටියේ. අපට පහර දෙද්දීත් අපි ඉවසගෙන හිටියා. මොකද මේක ජාතික ආණ්ඩුවක් නිසා. අපි ඒ නාම්‍යශීලීබව රැක්කා. අනික් අය ළඟ ඒක නැති ප්‍රශ්නයක්. දින 100 වැඩපිළිවෙළ 2015 ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයට මූලික වෙච්ච ලියවිල්ල ගැන දන්නෙ නෑ කියලා කියන්න තරම් ජනාධිපතිතුමා පෙළඹීම පුදුම සහගතයි. මම මේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. කතා කරන්න යාමෙන් ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙන්න පුළුවන්. මම ඒ ගැන කනගාටුවෙනවා කියල විතරයි කියන්න තියෙන්නේ. 


ජනාධිපතිතුමා යූඑන්පීයට ගහද්දී ඒකට උත්තර දෙන්න යන්න එපා කියලා අගමැතිතුමා ඔබලට කියනවා. ඇයි ඒ? 


එතුමා කිව්වෙ මේක අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්කරගන්න එපා කියලා. තව පොඩි කාලයයි මේ ආණ්ඩුවට වැඩ කරන්න තියෙන්නේ. ඒ ටිකෙත් රණ්ඩු වෙවි හිටියොත් රටට වැඩක් කරන්න වෙලාවක් නෑ. ඊට වඩා වැදගත්නෙ අනවශ්‍ය වාද විවාදවලට නොගිහින් රටට වැඩක් කරන එක. මේ ටික දවසට මඟඇරිච්ච පොරොන්දු ටික ඉටු කරන්න උත්සාහ කරන එකයි වඩාත් වැදගත්. 


මේ දවස්වල ජනප්‍රියම ප්‍රශ්නෙ හරීන්ගෙනුත් අහන්නම්. හරීන්ටත් ඇලෝසියස්ලගෙන් සල්ලි හම්බ වුණාද? 


අර්ජුන් ඇලෝසියස් කියන පුද්ගලයා දෙතුන් වතාවකදී උත්සවයක එහෙම දැකලා තියෙනවා විතරයි. ඒ ඇරෙන්න කිසිම සම්බන්ධයක් මාත් එක්ක නෑ. කවුරු හරි එක්ක කතාබහ කරන එක, ඇසුරු කරන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ ඇසුර හරහා වංචාකාරී වැඩවලට පෙළඹීම හොඳ දෙයක් නොවෙයි. 


මේ ප්‍රශ්නය නිසා අපි කවුරුනුත් ගැන රටේ මිනිස්සු වපර ඇහින් බලනවා. මේ සල්ලි දීපු හෝ සල්ලි අරගත්ත අයගෙ නම් ලැයිස්තුව හරියාකාරව හෙළිදරවු වුණාම කාටත් බලාගන්න පුළුවන් කවුද මේවට ගෑවිලා ඉන්නෙ කියලා. 


හොඳ වෙලාවට මම කෝප් එකේ හිටියෙ නැත්තේ. හිටියනම් ෂුවර් මට ඔය කෝල් එක එනවා. එහෙම වුණා නම් බඩුම තමයි. 


එහෙනම් මගෙ නමත් ගෑවෙනව ඕකට. වෙලාවට මම කෝප් කමිටුවට ගියේ නෑ. ඇත්තටම මේක නෙවෙයි අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නෙ. රටේ ප්‍රධාන ප්‍රශ්නවලට අපි අවධානය යොමු කළ යුතුයි. 


රට සාමාන්‍ය ජනතාව තුන්වේල කන්නෙත් අමාරුවෙන්. ඒත් ආණ්ඩුව අධීක්ෂණ මන්ත්‍රීවරුන්ටත් කෝටි ගණන් සැප දෙන්න යනවා.......? 


මේ අධීක්ෂණ මන්ත්‍රීවරු කියන්නේ අලුත් දෙයක් නොවෙයි. පහුගිය ආණ්‍ඩුවෙත් හිටියා අධීක්ෂණ මන්ත්‍රිවරු. මම තාම දන්නෙ නෑ මේ අයට හම්බුවෙන පහසුකම් සහ මුදල් ගැන. හැබැයි කාර්යභාරයන් වැඩි අමාත්‍යංශවලට මෙවැනි අය පත්කිරීම වැරැද්දක් නෑ. 


ඕනවට වඩා මුදල් වියදම් කරනවනම් ඒකෙ යම් අවුලක් තියෙනවා. 


එ්ත් අපිට මතකයි, රාජපක්ෂ ආණ්ඩුව කළේ ඔය කියන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට දීපු සැප ටික. මේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ. මේ අයගෙන් සහය ඇතුව ඉතුරු මාස දහඅට තුළ කළ යුතු වැඩ කොටස ඉවර කරන්නයි ආණ්ඩුවෙ බලාපොරොත්තුව. 


ඊළඟ ජනාධිපතිවරණයේදී යූඑන්පී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහමද? අකිල විරාජ් ඇමැතිතුමා ඒ වගේ අදහසක් කියලා තිබුණා. 


ඔහු කිව්වෙ ඒ වෙද්දී අපේ පක්ෂ නායකයා තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ කියලා. ඔහු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ නම සඳහන් කළේ නෑ. සමහර විට ඒ වෙද්දී පක්ෂ නායකයා හරීන් ප්‍රනාන්දු ද කියල කවුද දන්නෙ? ‘‘ඒවා කියන්න බෑ. පක්ෂෙ නායකයා ජනාධිපතිවරණයට තරග කරාවි’’ 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි 



අදහස් (0)

ආණ්ඩුව තියෙන ටික කාලෙත් රණ්ඩුවෙවී ඉන්න එකේ තේරුමක් නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 445 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 934 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site