IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපි කාගෙවත් කටවහන්න ඇමැතිකම් දුන්නෙ නෑ

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන ඇමැති 
අකිල විරාජ් කාරියවසම්

කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් දැක්වීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්​ ගෙනි.  


• කොහොමද මහලේකම්තුමා අලුත් තනතුරේ වැඩ කටයුතු එහෙම?  


ඇත්තටම මට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය හම්බවුණේ පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දීලා තියෙන මොහොතක. මේක ඉතාම බැරෑරුම් අභියෝගයක් කියල මම විශ්‍වාස කරනවා.  


වැඩ ටික ආරම්භ කරලා තියෙන්නේ. ඊළඟ මාස තුන ඇතුළත රට පුරා ශාඛා සමිති පිහිටුවීම අවසන් කරනවා. තරුණ සමිති, කාන්තා සමිති පිහිටුවනවා. පක්ෂයට සම්බන්ධ අනෙකුත් සංවිධාන ශක්තිමත් කරන්න වැඩ කටයුතු කරනවා. හරීන් ප්‍රනාන්දුගෙ නායකත්වයෙන් සන්නිවේදන බළකාය ප්‍රතිසංවිධානය කෙරෙනවා. නවීන් දිසානායක තවත් පැත්තකින් වගකීමක් අරගෙන ඒ වැඩ ටික කරගෙන යනවා. අනෙකුත් අයත් තම තමන්ට පැවරුණු වගකීම් ඉටු කරන්න පටන් අරගෙන තියෙන්නේ. අපි හැමෝගෙම උත්සාහය ශක්තිමත්ව කෙටි කාලයක් තුළ පක්ෂය ඉදිරියට ගන්න එක.  


• පක්ෂ මහලේකම්කම කියන්නේ පක්ෂෙ ලොකු පුටුවක්. බොහෝ අය මේ පුටුවෙ වාඩි වෙන්න පොර කනවා. අකිලට මේ පුටුවෙ වාඩිවෙන්න අවස්ථාව ලැබෙන හේතු මොනවද?  


පක්ෂ නායකත්වය වගේම කෘත්‍යාධිකාරී මණ්ඩයෙත් මං ගැන දක්වපු විශ්‍වාසය නිසා තමයි මට මේ වගකීම හම්බ වෙන්නේ. දේශපාලන මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ බහුතර කැමැත්ත සහ එකඟතාව නිසානේ අසීරු කාලයක මේ තනතුර මට හිමිවෙන්නේ. පක්ෂය මේ වගේ තීරණාත්මක අවස්ථාවක තියෙද්දී මහලේකම්කම බාරගත්තු පළවෙනියා මම වෙන්න ඇති මං හිතන්නේ.  


• ඔබ කිව්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනාගේ කැමැත්ත උඩ ඔබට මහලේකම් ධුරය ලැබුණා කියලා. ඒත් දෙතුන් දෙනෙක් හිටියෙ වෙනත් අදහසක.....  


ඔව්. දෙන්නෙක් විතර තවත් අදහසක් ඉදිරිපත් කළා. ඒත් අති බහුතරයකගෙ එකඟතාව තිබුණෙ මට.  


• මේ සඳහා කියැවුණු අනිත් නම තමයි ඉමිතියාස් බාකිර් මාකර්. ඔහු ගැන ඔබේ අදහස කොයි වගේද?  


ඔහුත් හොඳ දේශපාලනඥයෙක්. අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙක්. ඔහු ගැන මට තියෙන්නේ ප්‍රසාදජනක අදහසක්.  


• ඔහුගෙ අත්දැකීම් බහුල පරිනතකමෙන් පක්ෂය හරි ප්‍රයෝජනයක් ගන්නවද?  


දැනටත් එතුමා අපේ මාධ්‍ය මධ්‍යස්ථානය භාරව කටයුතු කරනවා. එතුමාගේ සහයෝගය උපරිමයෙන් පක්ෂයට ලබා දෙනවා.  


• සිරිකොත ඇතුළෙ ඔබට බාධාවක් නැද්ද?  


නෑ කිසිම බාධාවක් නෑ. මොකද සිරිකොත කියන්නේ මට ගෙදර වගේ තැනක්. මම පාසල් අධ්‍යාපනය ඉවරවෙලා ආපු තැන සිරිකොත. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ලෙක්චර්ස් ඉවරවෙලා කෙළින්ම මම ආවෙ සිරිකොතට. ඊට පස්සෙ මම පාර්ලිමේන්තුවට තරග කළා. ඒක නිසා සිරිකොත කියන්නේ මගේ ජීවිතේ ලොකු බැඳීමක් තියෙන තැනක්. මට මේ තනතුර ලැබෙන්නත් මේ බැඳීම හේතුවෙන්න ඇති. මේ රටේ හැම ආසනයකටම මම අඩුම තරමෙ පස් වතාවකට වැඩිය ගිහින් තියෙනවා. සිරිකොතේ හැම කෙනෙක්ම මම අඳුරනවා. ඒ හැමෝම මට හිතවත්. ඒ නිසා පක්ෂය දිනවීමේ සටන දෙන්න සිරිකොතෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.  


• පක්ෂ මහලේකම්වරයා තමයි ඡන්දවලදී පක්ෂ ඇතුළෙ ජනප්‍රියම පුද්ගලයා. ඒ වගේම තමයි රාජකාරියත්. ඊළඟ ඡන්දය දිනන්න මොකක්ද ඔබේ සැලසුම?  


දැනටමත් ඡන්දයට පක්ෂය සූදානම් කරමින් යනවා. ඒ යාන්ත්‍රණ සකස් කරමින් සිටින මොහොතක් මේ. අපේ පාක්ෂිකයින්ට සාධාරණය ඉටු කරන එක ගැන අවධානය යොමු කරන්න ඕනෑ. අපේ පාක්ෂිකයින්ට පහුගිය කාලය පුරාම විශාල අසාධාරණකම් සිද්ධ වුණා. යූඑන්පී ආණ්ඩුවක් යටතේවත් ඒ අයට නිසි සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ගැන විවිධ චෝදනාත් එල්ල වෙනවා. අපි ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ හරහා අපේ පාක්ෂිකයා උද්​යෝගීමත් කරනව වගේම තවත් පිරිස් පක්ෂය වෙත දිනාගන්න උත්සාහ කරනවා. උපාධිධාරීන්ට වගේම උපාධිධාරීන් නොවන අයට රැකියා විශාල ප්‍රමාණයක් සූදානම් කරනවා.  


අපි ඡන්දය ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් කරනවා වගේම පොදු සංවර්ධන වැඩ එයින් බැහැරව රට ගැන හිතලා කරගෙන යනවා. දැන් පක්ෂය නැවත ශක්තිමත්ව ගොඩනැගෙන වෙලාවක්. ඉදිරි මැතිවරණ අපිට අමාරු වෙන එකක් නෑ.  


• පහුගියදා සිදුවුණු පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන පක්ෂයේ හැමදෙනාම සීයට සීයක් තෘප්තිමත් නෑ නේද?  


පක්ෂයක් වුණාම ප්‍රශ්න තියෙන්න පුළුවන්. කණ්ඩායමක් විදියට වැඩ කරද්දී එහෙම වෙනවා. මේක දැවැන්ත පක්ෂයක්නේ. පවුලක හය හත්දෙනෙක් අතර වුණත් නොගැළපීම් කොච්චර තියෙනවද? යම් යම් දේ පිළිබඳව පවුලක සියලු දෙනාම තෘප්තිමත් කරන්නත් අමාරුයිනේ. ඒක තමයි ස්වභාවය. තෘප්තිමත් වෙන විදියෙත් ස්වභාවය වෙනස්නේ. ඒක නිසා මේ වගේ පක්ෂයක හැමදෙනාම සීයට සීයක් තෘප්තිමත් වෙන ආකාරයට හැම තීන්දුවක්ම ගන්න බෑ. ඒත් බහුතර එකඟතාවයකින් තීන්දු තීරණ ක්‍රියාත්මක කෙරෙනවා. අපි අනිත් පැත්තට ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම හොඳ තෘප්තියෙන්ද ඉන්නේ?. පොහොට්ටුවෙ අය තෘප්තියෙන්ද ඉන්නේ? ඒ තැන්වල අපිට වඩා අර්බුද තියෙනවා. ඒක නිසා ඔය තෘප්තිය කියන එකත් සාපේක්ෂ දෙයක්. මේ අරවුල් කළමනාකරණය කරගෙන පක්ෂයට ඉදිරියට අරගෙන යන එක තමයි අපිට පැවරිලා තියෙන වගකීම.  


• අපි දකිනවා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වගේ අය මාධ්‍ය සාකච්ඡා තිය තිය පක්ෂය විවේචනය කරනවා.  


එහෙම කරනවා අපිත් දකිනවා. ඒත් අපි කල්පනා කරනවා ඉදිරියේදී එවැනි දේ කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න. අපි උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කළා. එතනිනුත් එහාට ගිහින් විවේචන කරන එක සාධාරණ නෑ. මේ දේවල් කරන අය ගැන තීන්දුවක් ගන්න වෙනවා. එහෙම නැතුව පක්ෂයක් ඉදිරියට යන්න බෑ.  


හැබැයි මේ අයටත් නියෝජ්‍ය ඇමැතිකමක්වත් දුන්න නම් කට වහගනියි. එහෙම කෑ කහපු ගොඩක් දෙනෙකුට නියෝජ්‍ය ඇමැතිකම් හෝ දුන්නා නේ.  


නෑ. එහෙම කියන්න බෑ. අපි කාගෙවත් කටවහන්න ඇමැතිකම් දුන්නෙ නෑ. ඇයි ඔබලා විරුද්ධ මේ තරුණ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දුන්නට? ඒ රාජ්‍ය ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ආණ්‍ඩුවෙන් පිරිසක් ඉවත් වෙලා ගිය නිසා පුරප්පාඩු වෙච්ච තනතුරු. ඒකයි ඒ පුරප්පාඩු පිරෙව්වෙ. නැතුව ඇමැතිකම් වැඩි කළේ නෑ. සුදුසු අයට තමයි ඒ ඇමැතිකම් ලබා දුන්නේ. තවත් අයට ලැබෙයි.  

 

අකිල විරාජ් කාරියවසම් කාඑක්කවත් ඩීල් දාල නෑ. මගේ අත් දෙක පිරිසිදුයි. මට අයථා විදියට මුදල් හම්බ කරන්න ඕන නෑ. එහෙම කරනවනම් මගේ අමාත්‍යංශයට තමයි වැඩිම මුදල් වෙන්වෙන්නේ. එක ටෙන්ඩරේකින් කෝටි ගාණක් හම්බකරන්න පුළුවන් එහෙම කළා නම්. මම එහෙම කරන කෙනෙක් නොවෙයි. පිරිසිදු දේශපාලනයක් කරන අය අපි.


• මේක විද්‍යාත්මක විදියට බෙදපු ඇමැති මණ්ඩලයක් කව්වට සමහරු අහනවා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිකම බෞද්ධ ඇමැතිවරයෙකුටත් හින්දු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිකම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුටත් ලැබීම විද්‍යාත්මකද කියලා....  


මේ අමාත්‍යංශවල කැබිනට් ඇමැතිකම දරන්නේ ඒ සඳහා සුදුසු අය. ඒ නිසා ඔය කතාව ඒ තරම් පදනමක් නැති එකක්. අමාත්‍යංශයට අදාළ තීන්දු තීරණ අරගන්නේ කැබිනට් ඇමැතිවරයා. කැබිනට් ඇමැතිවරයා ඊට අදාළ අයෙක් නම් ප්‍රශ්නයක් නෑ. පුරප්පාඩු වෙච්ච නියෝජ්‍ය ඇමැතිකම් ලබාදීමත් ඉක්මනින් අවශ්‍ය දෙයක් වුණා. එතෙන්දී හැමදේම ගළපන්න බෑ.  


• දිනෙන් දින ඇමැති මණ්ඩලයේ පැටවු ගහනවා වගේ. මේකට තව කීදෙනෙක් එකතු වෙයිද?  


දැන් කාටත් අමතකයි රාජපක්ෂලගෙ ආණ්ඩුව වැඩ කළේ‍ කොහොමද කියලා. ඒ කාලෙ එකසිය ගාණට ඇමැති මණ්ඩලේ නැග්ගා.  


• කෝකටත් තෛලය වගේ රාජපක්ෂලා එහෙමයි කළේ කියන්න එපා. එයාලා කරපු විදිය අප්සෙට් නිසානේ ඔයාලට දුන්නේ......  


ඔව්. ඒක හරි. ඒත් හිතල බලන්න මේ ආණ්ඩුව ඊට වඩා බොහෝම ප්‍රගතිශීලී විදියට නොවෙයිද මේ වැඩ කරන්නේ කියලා. ඒ කාලේ වගේ ලොකු ප්‍රශ්න නෑ මෙතන. අපි රාජපක්ෂ ආණ්ඩුවට අඩුවෙන් වැරදි කරනවා කියලා හිතන්න එපා. රාජපක්ෂ ආණ්ඩුවට අඩුවෙන් දූෂණය රඳවගන්න උත්සාහ කරනවා කියන එක නෙවෙයි අපි කියන්නේ. හැබැයි අමතක කරන්න එපා ඒ යුගයයි මේ යුගයයි අතර වෙනස. ඔබතුමන්ලට මේ තරම් නිදහසේ මාධ්‍ය හසුරුවන්න පුළුවන් වටපිටාවක් ඇතිවීමම මදිද.  


• ඒත් අගමැතිතුමාගෙ සහෝදරයගෙ නාළිකාවට පවා ප්‍රශ්න ඇති වෙනවා.  


ඒකනේ කියන්නේ. ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? අගමැතිතුමා තමන්ගෙ සහෝදරයගෙ නාළිකාව පොහොසත් කරන්න කොයි වෙලාවෙවත් කටයුතු කරන්නෙ නෑ. පහුගිය කාලේ එහෙමද? ටී.එන්.එල්. එකේ ප්‍රශ්නයට අගමැතිතුමා අනවශ්‍ය මැදිහත්වීමක් කරන්නෙත් නෑ. ඒක ගැන පරීක්ෂා කරලා සමතයකට පත්කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒක තමයි අගමැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම. පහුගිය කාලෙ රාජපක්ෂ පවුල පුම්බන්න ටීවී නාළිකා පවත්වාගෙනත් ගියානේ. අමතක කරන්න එපා ඒක.  


• මේ දවස්වල ජනප්‍රියම ප්‍රශ්නය ඔබටත් දෙනවා. අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු ලැයිස්තුවෙ ඔබේ නමත් තියෙනවද?  


අකිල විරාජ් කාරියවසම් කාඑක්කවත් ඩීල් දාල නෑ. මගේ අත් දෙක පිරිසිදුයි. මට අයථා විදියට මුදල් හම්බ කරන්න ඕන නෑ. එහෙම කරනවනම් මගේ අමාත්‍යංශයට තමයි වැඩිම මුදල් වෙන්වෙන්නේ. එක ටෙන්ඩරේකින් කෝටි ගාණක් හම්බකරන්න පුළුවන් එහෙම කළා නම්. මම එහෙම කරන කෙනෙක් නොවෙයි. පිරිසිදු දේශපාලනයක් කරන අය අපි.  


මේ ප්‍රශ්නය පිළිබඳ අධිකරණ ක්‍රියාවලියක් සිදුවෙන නිසා ඒ ගැන මම වැඩිය කතා කරන්න කැමති නෑ. ඒකෙන් සාධාරණ තීන්දුවක් ලැබෙයි. කවුරු කවුරු මේවට හවුල් ද කියල එතකොට කාටත් දැනගන්න පුළුවන්. 

 
• බැඳුම්කර ප්‍රශ්නය තමයි යූඑන්පීයට ආපු ලොකුම කළු පැල්ලම. තාම වැඩේ ඉවර නෑ. සුජීව සේනසිංහලා වගේ යූඑන්පීයේ අයට මේක කැරකිලා. මේක ‘ක්ලීන්’ පක්ෂයක් කියල පම්පෝරි ගහන්නෙ කොහොමද?  


මේ චෝදනා ලැබෙන අය අධිකරණයෙන් වැරදිකරුවො වෙනකම් අපිට අවසන් තීන්දුවක් දෙන්න බෑ. පක්ෂයට සම්බන්ධ කෙනෙක් දෙන්නෙකුගේ ක්‍රියාවක් උඩ සමස්ත පක්ෂය පිළිබඳ තක්සේරුවක් දෙන්න බෑ. පක්ෂයට ඒක යම් දුරකට බලපානවා තමයි. ඒත් පොදුවේ පක්ෂයේ පිරිසිදුකමට මේකෙන් හානියක් නෑ. මේ මුදල් ගනුදෙනුවට අපේ පක්ෂයේ විතරක් නෙවෙයි වෙනත් පක්ෂවලත් ගොඩක් අයගෙ නම් කියවෙනවා.  


• යූඑන්පීයට මේ දවස්වල කාලෙ හොඳ නෑ වගේ. කාගෙ කාගෙ හරි පව් පක්ෂෙ පිටින් යනවා. යූඑන්පීයේ රංග බණ්ඩාරලගෙ ප්‍රශ්නයත් ඒ වගේ එකක් නේද?  


පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ කියල ඒ අයගෙ පවුලෙ අය කරන වැඩවල වැරැද්ද පක්ෂයට පටවන්න බෑ. ඒක වෙනම අධිකරණයෙන් විසඳයි. පක්ෂය ඒකට පලි නෑ. ඉස්සර ඇමැති පුත්තු ලෙඩ දාගත්තු තරමට නීතිය ක්‍රියාත්මක වුණාද හරියට? අද හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා.  


• අකිලට තිබුණු අමාත්‍යංශයේ ආයතන කීපයක් ගැලවිලා වෙනත් අය වෙතට ගියා. ඇයි ඒ. ඒවයි වැඩ හරියට කෙරුණේ නැති නිසාද?  


අමාත්‍යංශවල විෂය පථයන් විවිධ අවස්ථාවල විවිධ ආකාරයට වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මට පැවරිලා තිබුණු හැම ආයතනයකම වගකීම් හරියටම ඉටු කරලා තියෙනවා. ඒවයි කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගොඩක් වැඩ කළා.  


• පැත්තකට දාල හිටපු විජේදාස රාජපක්ෂට ඇරියස් එක්කම ඇමැතිකම් කීපයක්ම ලැබුණා නේද?  


පක්ෂ විනයට පිටින් වැඩ කරන අයට විනය පියවර ගන්නවා. ඒත් නැවත ඒවා නිවැරදි කරගෙන පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවානම් පෙර පරිදිම අදාළ වගකීම් ලැබෙනවා. ඒක තමයි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂ මාරු කරලා නැවත අපේ පක්ෂයට ආපු අයත් ඉන්නවනේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පක්ෂ ව්‍යවස්ථාවට ගරු කරලා වැඩ කරනවනාම් ගැටලුවක් නෑ.  


• ඊළඟ ජනාධිපතිවරණයේදී යූඑන්පී අපේක්ෂකයා කවුද?  


එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දැනට ඉන්න නායකයා.  


• ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ......  


පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය වෙනස් වෙන කාලවකවානුවක් තියෙනවනේ. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්නේ වර්තමාන නායකයා තමයි.  


• ඔහු හොඳ තරගකරුවෙක්ද ඒ තරගෙට?  
ඉතාම හොඳයි. අපි නිසැකව ජයග්‍රහණය කරනවා. ඒ ගැන සැකයක් නෑ. අපිට දැන් ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවා. උපාය උපක්‍රම තියෙනවා.

 

 

 

 

සටහන 
ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

අපි කාගෙවත් කටවහන්න ඇමැතිකම් දුන්නෙ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1076 6

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 53 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 434 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 925 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 120 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site