IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිකරණයට අත නොතබා පළාත් ඡන්දය පවත්වන්න

(නාලක සංජීව දහනායක)

මහජන මතයක් නැති මන්ත්‍රී මණ්ඩලයක් රට පාලනය කිරීමෙන් සෑම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පැවසීය.

එබැවින් අධිකරණයට අත තැබීම වෙනුවට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය මේ මොහොතේදී කටයුතු කළ යුතු යැයි ද ඔහු කීය. බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (14) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

දැනට ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය සංශෝධනය කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපට එකඟ විය නොහැකි වගන්ති රාශියක් මෙම පනතට ඇතුළත්ව තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය විසින් මෙම පනත දැනටමත් අධිකරණයේ අභියෝගයට ලක්කර තිබෙනවා. වංචා හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිපතිවරයාට තිබෙන්නා වූ අයිතියට සමාන අයිතියක් මෙම පනතින් අල්ලස් කොමසාරිස්වරයාට පැවරෙනවා. මෙතෙක් කල් නඩු පැවරීමට නීතිපතිවරයාට තිබූ සුවිශේෂි අයිතිය මෙම පනතින් වෙනස් කිරීම අනතුරුදායකයි. සැමට සමානාත්මතාවයෙන් යුතුව සැලකිය යුතුයි. නමුත් මෙම පනත සම්මත වීමෙන් ඒ තත්ත්වය පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. අල්ලස් කොමිසම හා සම්බන්ධ මූල්‍ය අපරාධ
විමර්ශන ඒකකය පිහිටෙව්වේ පාර්ලිමේන්තු සම්මතයකින් තොරවයි. ඒ අංශය විසුරුවා හරින ලෙස අපි මුල ඉඳලම ඉල්ලා සිටිය සම්පූර්ණයෙන්ම අලුත් නීතිමය වගන්ති රාශියක් මෙම පනත හරහා නීතිගතකිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නවා. 

වැඩ කටයුතු කිරීමේදී රජයේ සේවකයන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට හා ඔවුන් අතින් සිදුවන යම් යම්
ප්‍රමාද දෝෂවලදී ද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන පරිදි නීති සංශෝධනය කිරීමට රජය සූදානම් වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වා මෙම තත්ත්වය බලපානවා. ඒ නිසා මහජන අවශ්‍යතාව ඉටුකිරීමේදී බාධාවන් මතුවෙනවා. පසුගිය අවුරුදු තුනක කාලයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසය හැසිරුණු ආකාරය අපිට මතකයි.

මෙවැනි දඩයම්කාරී පනත්ක්‍ රියාත්මක කිරීම රටේ ප්‍රජාතාන්ත්‍රික නිදහසට බාධාවක්. ඒ නිසා මෙවැනි අනතුරුදායක වගන්ති ඇතුළත් පනත් පරාජය කිරීමට අපි කටයුතු කරනවා.

පළාත් සභා සංශෝධන පනත මේ මාසේ 31 වැනිදා වනවිට අහෝසි වෙනවා. මෙම පනත සංශෝධනය කළේ සබරගමුව, උතුරුමැද හා උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඒ පළාත් සභා තුනේ මැතිවරණය කල්දැමීම අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළා. පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත වී ජනමත විචාරණයක් පැවැත්වීමෙන් පමණක් පළාත් සභා මැතිවරණය කල් දැමිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. නමුත් රජය ඒ තීරණයට රජය බහුතර බලය පාවිච්චි කරමින් නියමිත වේලාවට වඩා වැඩි කාලයක්
පාර්ලිමේන්තුව පවත්වාගෙන යමින් මෙම පනත සම්මත කළා.

එම සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී මේ වනවිට මාස හයක් ගත වී තිබෙනවා. කල් දැමූ පළාත් සභා මේ වනවිට පාලනය කරන්නේ ආණ්ඩුකාරවරුන් විසිනුයි. ඒ නිසා මේ පළාත්වල නිසියාකාරව අයවැය ලේඛනයක්වත් සම්ම්ත කර ගැනීමට හැකියාවක් නැහැ. ආණ්ඩුකාරවරුන්ගේ පාලනය අපි ප්‍රතික්ෂේප කරනවා. මහජන ආයතන, මහජන සේවාවන් මේ ආකාරයට ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට නතුවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් වෙනවා. තනි ආණ්ඩුකාරවරයකුගේ පාලනය සුදුසු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා මේ මස 31 වැනිදා වන විට සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා තුනේ මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුයි. ඒ මැතිවරණය පවත්වනවාද නැද්ද කියා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. සැප්තැම්බර් මාසය අවසන් වන විට උතුරු පළාත් සභාව, වයඹ පළාත් සභාව හා මධ්‍යම පළාත් සභාවල නිල කාලය අවසන් වනවා. ඒ නිසා මේ මස 31 වැනිදා වනවිට සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා තුන ආණ්ඩුකාර පාලනයෙන් ඉවත් කර මහජන නියෝජිතයන්ගේ පාලනයට නතු කිරීම සඳහා මැතිවරණය පවත්වන බවට රජය ප්‍රකාශ කළ යුතුයි.

එසේ නොවුණහොත් පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනට නායකත්වය දුන්නාක් මෙන් පළාත් සභා මැතිවරණ ලබා ගැනීමේ සටනට ද නායකත්වය දෙනවා. පළාත් පාලන ආයතන 340 ක සභිකයන් අටදහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට තේරී පත් වී තිබෙනවා. ඔවුන්ගේ නම් මේ වනවිට ගැසට් පත්‍රයක් මඟින් මුද්‍රණය වෙමින් තිබෙනවා. එය හෙට අනිද්දා වන විට ප්‍රසිද්ධියට පත්වේවි. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ පරාජයත් සමඟම මේ වනවිට රට තුළ ආණ්ඩුවක් නැති තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මහජන වරමක් නැති මන්ත්‍රී මණ්ඩලයක් රට පාලනය කිරීමට යෑම නිසා සෑම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටී තිබෙනවා. ඒ නිසා අධිකරණයට අත තැබීමේ ආණ්ඩුවේ උත්සාහය නතර කර නියමිත පරිදි පළාත් සභා මැතිවරණ පවත්වනවාද නැද්ද කියා රජය වහාම ප්‍රකාශ කළ යුතු යැයි ද ඔහු කීය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.
ජනවාර්ගික ගැටුම් තුළ නියත වශයෙන්ම ප්‍රතිගාමී කුමන්ත්‍රණයක් අඩංගුයි. අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව, අර්ජුන් මහේන්ද්‍රන් වැනි පසුගිය කාලයේ සමාජයේ කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකා මේ වනවිට යටපත් වෙමින්  තිබෙනවා.

මේ ගැටුම්වලින් ප්‍රයෝජනයක් ලැබුවානම් ලැබුවේ අගමැතිවරයා පමණයි. මහබැංකුව මංකොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඊට අනුබල දුන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අපිට මේ මොහොතේදී ඉතාම වැදගත්. එමෙන්ම උසාවිවලට අලුතෙන් නඩුකාරයින් පත්කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් පස් දෙනෙක්, නීතිඥ වෘත්තියේ යෙදෙන්නන් පස්දෙනෙක් හා දැනට අධිකරණ සේවාවේ නිරත පස්දෙනක් පත් කරන්න දැනට උත්සාහයක් තිබෙනවා.

තමන්ට විරුද්ධ මතධාරීන්ට දඬුවම් දීම සඳහා අධිකරණ ධූරාවලිය අනුව තෝරා පත්කර ගන්නා පුද්ගලයන්ට ආණ්ඩුවෙන් යම් බලපෑමක් එල්ලවීමට ඉඩ තිබෙනවා යැයි ද කීය. ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ම හාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවසීය. සිංහල හා මුස්ලිම් ගැටුම්වලින් වැඩිම වාසියක් තිබෙන්නේ ආණ්ඩුවටයි. මේ ගැටුම්නි සාවෙන් ආණ්ඩුවට එරෙහි ජනමතය යට යනවා. මෙවැනි වාතාවරණයක් යටතේ හදිසි නීතිය පැනවීමත් සමඟම විරුද්ධ පාක්‍ෂිකයන් අවශ්‍ය ඕනෑම මොහොතදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා.

එදා ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ඇති වූ ජනවාර්ගික ප්‍රශ්නය තිස් අවුරුදු යුද්ධයක් දක්වා දුරදිග ගියා. පසුගිය දින කිහිපයේ අප රටේ ඇති වූ මුස්ලිම් විරෝධී ගැටුම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී කතාබහ කිරීමට ඉඩ තිබෙනවා. එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව අප රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට ඉඩක් තිබෙනවා යැයි ද ඔහු කීය.



අදහස් (0)

අධිකරණයට අත නොතබා පළාත් ඡන්දය පවත්වන්න

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 74 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site