IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අතීතයේ බෙදුම්වාදී මඟ වෙනස් දැන් නව දිශාවකට ගමන් කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට යහපාලන ජාතික රජයේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද ඊට එකඟත්වය පල කරන බව පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර ඇතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.

‘‘බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාව බිහි කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව නියෝජනය කළ සියලූ පක්ෂ සූදානම්ව සිටිතියි’’ ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස පළ කළේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) රැස් වූ අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සභාගත කළේය.

මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සභාගත කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප‍්‍රකාශයේ මෙසේ ද සඳහන්ය.

මෙය කෙටුම්පතක් පමණි. නෛතික ලියැවිල්ලක් නොවේ. අවසන් ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයට භාජනය කිරීමෙන් පසුවය. දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්න කැමති බව කියා තිබේ.

බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්.

මෙය ඓතිහාසික අවස්ථාවකි. කලක් ඉතා තදින් භේද බින්න වී සිටි රටක පොදු සම්මුතිය ඇතිකර ගැනීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් එකතු විණි. මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්න ඉඩ දිය නොහැකියි.

විවිධාකාර අවශ්‍යතා කාර්යක්ෂමව ආමන්ත‍්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ පළාත් මහ ඇමැතිවරුන්ගේ නිර්දේශ පදනම් කරගෙනය.

මෙය අපේ රටට ඉතා වැදගත් ක‍්‍රියාවලියක් වන අතර අප සියලූදෙනාම ඊට සම්බන්ධ විය යුතුය. මේ ව්‍යවස්ථාවෙන් අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර, සමෘද්ධියේ සහ වර්ධනයේ නව යුගය මෙයින් සංකේතවත් වේවි.

අපි සියලූ දෙනාගේම අදහස් එක්කර නව ව්‍යවස්ථාව සකස් කර, එක් සිත්ව හා එක්සත්ව වඩාත් දීප්තිමත් හා බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ඉදිරියට පියවර තබමු.

2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවාසී ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බවට අප දුන් පොරොන්දුව ඉටු කිරීමේ තවත් පියවරක් අද ජාතික ආණ්ඩුව ගන්නවා. අප සකස් කරන්න බලාපොරොත්තු වන්නේ ජාති, ආගම්, වර්ග හෝ සමාජ පසුබිම පිළිබඳ භේදයකින් හෝ තොර සියලූ ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ ප‍්‍රයෝජනවත් වන ව්‍යවස්ථාවයි. එය අප විසින් ශක්තිමත් ආර්ථිකය ගොඩනගනු ලැබීමෙන් අත්කර ගන්නා ප‍්‍රගතියේ ප‍්‍රතිලාභ සියලූ ශ්‍රී ලාංකිකයන්ට බෙදී යන බව තහවුරු කරන නව ප‍්‍රගතිශීලී වැඩ රාමුව අර්ථ දක්වන ව්‍යවස්ථාව ද වනවා.

මේ අවස්ථාව යොදාගත යුත්තේ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමට සහ සාමය හා ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. මේවා දශක 3කටත් වැඩි කාලයක් තිස්සේ අපේ ජාතියට ආගන්තුක වූ දේවල් වනවා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමේ හා සියල්ලන්ට සමෘද්ධිය තහවුරු කිරීමේ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙවැන්නක් අත්‍යවශ්‍යයි. රැුකියා උත්පාදනයටත්, පෞද්ගලික ආයෝජන ගෙන්වා ගැනීමටත්, සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය වර්ධනය කර ගැනීමටත් ශක්තිමත් ආර්ථිකය හා සංවර්ධනය අත්‍යවශ්‍යයි.

අද අප සියලූදෙනාටම ඉතා වැදගත් දවසක් වනවා. මෙතෙක් කලක් අපව ගැටුම් හා දේශපාලනමය ප‍්‍රචණ්ඩත්වයේ දුෂ්ට චක‍්‍රයක සිරකර තබා ගනිමින් අපේ ආර්ථික වර්ධනයට තර්ජනය වූ බෙදීම් හා දුරස්ථබව දුරු කරන පාලම සාදා ගැනීමේ මහඟු අවස්ථාව අපට අද උදා වී තිබෙනවා.

ව්‍යවස්ථා කෙටුම්පත සඳහා වන නෛතික ලියවිල්ල සාකච්ඡුා කිරීම සඳහා පදනම් කරගත හැකි අතුරු වාර්තාව අද මා සභාගත කරනවා.

මෙහි පළමු පරිච්ෙඡ්දයට, මෙහෙයුම් කමිටුවේ ප‍්‍රයත්නය පිළිබිඹු වන මූලධර්ම හා සූත‍්‍ර අඩංගු වෙනවා. ඒ මූලධර්ම හා සූත‍්‍ර පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් දැක් වූ නිරීක්ෂණ හා විවේචන දෙවැනි පරිච්ෙඡ්දයට ඇතුළත් කළා. ඒ නිසා බහුතර වාර්තාව හෝ සුළුතර වාර්තාව හෝ අවශ්‍ය වන්නේ නැහැ. කමිටු සාමාජිකයන්ගේ සියලූ අදහස් මේ වාර්තාවට ඇතුළත් වනවා.

දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්න කැමැති බව කියා තිබෙනවා.

පළමු පරිච්ෙඡ්දයෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව යෝජනා කර තිබෙනවා. එමෙන්ම මේ පරිච්ෙඡ්දයෙහි බලය බෙදීමේ මූලධර්ම ද ඇතුළත් කර තිබෙනවා. මේ නිසා දැන් මේ මූලධර්ම සම්බන්ධයෙන් අප තුළ එකඟතාවක් ඇති කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම එජාපය හා ශ්‍රීලනිපය මත පැවරිලා. එවැනි එකඟතාව ඇතිකර ගැනීමට අපට තිබෙන හැකියාව අනුවයි රටේ අනාගතය තීරණය වන්නේ.

දශක ගණනාවක් තිස්සේ පැවැති ආතතිය හා භේදභින්න වීම් ඉවත දමා, එකඟතාව ගොඩනගා ගැනීමේ අභිලාසයෙන් බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්. ඒ වගේම වැඩිදුරටත් බලය බෙදීමකට ද සූදානම්. මෙහි පැහැදිලි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාව සාමයෙන් හා එකමුතුකමින් ඇදබැඳ තබන්න ඇති කැපවීම පෙන්වීමයි.

අපේ රටේ දේශපාලන පදනමෙහි ලොකු වෙනසක් අත්දකිමින් සිටිනවා. එනම් අතීතයේ තිබූ බෙදුම්වාදී භයානක ස්වරූපයෙන් ඈත්ව අනාගතය කෙරෙහි යොමු වූ නව දිශාවකට ගමන් කිරීමයි. මේ රජය සහාය දක්වන්නේ එවැනි වෙනසකටයි. ගත වූ දශක තුනක කාලය තිස්සේ අප සිතාගන්න බැරි තරම් දුක් පීඩා කරදරවලින් බැට කෑවා. දැන් පළමු වතාවට අපට එකමුතුව ඉදිරියට ගමන් කළ හැකි පොදු වේදිකාවක හමුවී තිබෙනවා.

පසුගිය අවුරුදු දෙක පුරා මේ රජය රටේ පවතින දේශපාලන, වාර්ගික හා ආගමික ආතතිය ආමන්ත‍්‍රණය කිරීමට මහත් පරිශ‍්‍රමයකින් වැඩ කළා. අප එසේ කළේ අපේ ආර්ථික වර්ධනයට ඒ ගැටලූවලින් විශාල අභියෝග එල්ල වන බව දන්නා නිසයි.

සාමය හා ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා කෙරෙන නව කැපවීම ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුරට වාසනාවන්ත වෙනස ඇති කරාවි.

මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්න ඉඩ දිය නොහැකියි.

අප බොහොම වෙනස් ප‍්‍රවේශයකට පය තබන බව මෙයින් පෙනී යනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වෛරයට කිසිදු ඉඩක් නැහැ. ඒ වගේම අනාගතයටත් එවැනි ඉඩක් තිබිය නොහැකියි. අපේ රට නැවතත් වෛරී අතීතය කරා ඇද දැමීමට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අපේ රට වෛරයෙන් කැබලි කරන්න අප ඉඩ දෙන්නේ නැහැ.

අප අග‍්‍රගන්‍ය ප්‍රෞඪ බෞද්ධ ජාතියයි. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මේ තත්ත්වය සුරැුකෙනවා. ඒ වාගේම බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්ථානය අපේ සමාජය තුළ ආරක්ෂා කෙරෙනවා. ඇත්ත වශයෙන්ම අපේ නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප‍්‍රතිපත්ති හා මූලධර්මයි.

බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් වෛරය ජය ගත යුතු බවයි. අද අප ඉටු කරගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මග පෙන්වීම සඳහා බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා.

නැති ප‍්‍රශ්න ඉස්මතු කරමින්, අනවශ්‍ය බියක් ඇති කරමින්, ආර්ථිකය විනාශ කරමින් ජනතාව බෙදා වෙන් කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. අද අප ඔබ වෙත පැමිණ සිටින්නේ විසඳුම සමගයි.

මේ වාර්තාවෙන් අපේ රට මුහුණ දෙන බරපතළ අභියෝග කිහිපයක් ආමන්ත‍්‍රණය කරනවා. වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරලීම සඳහා රජය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා.

ආර්ථික ප‍්‍රතිසංස්කරණ හේතුවෙන්, දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප‍්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත‍්‍රණය කළ හැකි ක‍්‍රමවේදය නිර්මාණය වෙනවා. බලය බෙදීම ප‍්‍රමුඛතාව වන්නේ ඒ නිසයි.

උතුරේ සිට දකුණ දක්වා සියලූ පළාත්, බලය බෙදීමට සහාය දක්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දකුණේ පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙහි ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළා. අපේ විවිධාකාර අවශ්‍යතා කාර්යක්ෂමව ආමන්ත‍්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ ඔවුන්ගේ නිර්දේශ පදනම් කරගෙනයි.

රාජ්‍යයේ ස්වභාවය ආරක්ෂා කර ගන්නා අතරම පළාත් සභා වෙත වැඩි බලය බෙදා හැරීමෙන් පළාත් මට්ටමේ සංවර්ධනය ක‍්‍රියාත්මක කරවීම පිණිස රාජ්‍ය පාලනයේ දෙවැනි තලය නිර්මාණය කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න අපට හැකිවනවා.

අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනාවල කොටසක් වශයෙන් පළාත් පාලන ආයතන රාජ්‍ය පාලනයේ තුන් වැනි තලය වශයෙන් හඳුනා ගනු ලබනවා. එමඟින් විවිධ ප‍්‍රජාවන්හි විශේෂිත අවශ්‍යතා ආමන්ත‍්‍රණය කිරීමට ඉලක්ක ගත වියදම් හා විශේෂයෙන් සැකසූ රාජ්‍ය සේවා වඩාත් හොඳින් සැපයීම පහසු කිරීමට බලාපොරොත්තු වනවා.

මෙයටත්, එසේම මේ වාර්තාවේ ඇතුළත් අනෙකුත් යෝජනා බොහෝමයකටත් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පුළුල් සහයෝගය ලැබීම මට සතුටක් වූවා.

කෙසේ වෙතත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ කටයුතුවල තවත් නිරාකරණය කරගත යුතු ක්ෂේත‍්‍ර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත්, ජනතාව අතරත් පුළුල් සංවාදය අවශ්‍යයි. නමුත් වැඩි කල් නොගොස් ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණෙන්න හැකි බව අපට විශ්වාසයි. අතුරු වාර්තාව සත්‍ය වශයෙන්ම සාමූහික ප‍්‍රයත්නයයි. ඊට අදාළ ක‍්‍රියාවලිය මුළුල්ලේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබුණා. මෙය ස්වාධීන කමිටුවල මාස ගණනාවක පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයයි.

නව ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදන කාර්යය අධීක්ෂණය කිරීම පිණිස ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබුවේ 2016 මාර්තු 9 වැනිදායි. එය ඒකමතිකව මෙහෙයුම් කමිටුව පත් කළා. එමඟින් ප‍්‍රධාන වැදගත් විෂය ක්‍ෂෙත‍්‍ර 12 ක් හඳුනා ගත්තා. ඉන්පසු ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන අනු කමිටු තෝරා ගත්තා. මෙහෙයුම් කමිටු විසින් ඒ අනු කමිටුවලට ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර 6 ක් පැවරුවා.

අදාළ අනුකමිටු 6 වාර්තා 2016 නොවැම්බර් 19 වැනි දින සභාගත කළා. ඉදිරි විෂය ක්ෂේත‍්‍ර 6 ට අදාළ අතුරු වාර්තාව අද මෙහෙයුම් කමිටුව විසින් සභාගත කරනවා.

මෙහෙයුම් කමිටුවේ සිට අනු කමිටු දක්වා සෑම මට්ටමකදීම සාමාජිකයන් තෝරා ගැනීමේදී සියලූ ශ්‍රී ලාංකිකයන් නියෝජනය වන පරිදි හා සියල්ලන්ම ඇතුළත් ක‍්‍රියාවලිය බවට තහවුරු වන පරිදි ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කළා. ඒ නිසා මෙමගින් රටපුරා ධනාත්මක පොදු විවාදය ඇතිවේ යයි අප බලාපොරොත්තු වෙනවා.

මෙය අපේ ආණ්ඩුව විසින් සංවර්ධනය කර ගත් ප‍්‍රගතිය යයි අපට ආඩම්බර වන්න පුළුවනි.

මෙය ඓතිහාසික අවස්ථාවයි. කලක් ඉතා තදින් භේද බින්න වී සිටි රටක පොදු සම්මුතිය ඇති කර ගැනීම සඳහා ආණ්ඩුවත්, විපක්ෂයත් එකතු වුණා. ඒ විතරක්ද නොවෙයි. එකට එකමුතුව වැඩ කිරීමෙන් අප සියල්ලන්ටම පොදුවූ අරමුණු, ඉලක්ක හා දැක්ම ඇති බව වටහා ගත්තා. සියල්ලන්ටම සාමය, සමෘද්ධිය හා ආර්ථික ශක්තිය ගෙන දෙන දැක්මක් ඇති බව වටහා ගත්තා.

අපෙන් අනාගතයට උරුම වන්නේ නිදහස් සමානාත්මතාවෙන් යුතු සාමකාමී ශ්‍රී ලංකාවයි. සමෘද්ධියෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවයි. සියල්ලන්ටම යහපත් හෙට දවස උදාකරන ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම උදෙසා එකමුතුව වැඩ කරන ශ්‍රී ලංකාවයි.

අතුරු වාර්තාවත් අනු කමිටු හයේ වාර්තා සමග විවාදයට ගැනෙනවා. මේවා ව්‍යවස්ථාදායක සභාව තුළ පමණක් නොව, රට පුරාම පුළුල්ව විවාදයට හා සාකච්ඡුාවට ලක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මොකද, අවසානයේ සකස් විය යුත්තේ මුළු රටටම, සියලූ දෙනාටම බලපාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි.

ඉන් අනතුරුව මෙහෙයුම් කමිටුව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට ක‍්‍රියා කරනවා. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු මෙහෙයුම් කමිටුව අවසාන වාර්තාව ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරනවා. මෙය අපේ රටට ඉතා වැදගත් ක‍්‍රියාවලියක් වන අතර අප සියලූදෙනාම ඊට සම්බන්ධ විය යුතුයි. ව්‍යවස්ථාවෙන් අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර, සමෘද්ධියේ සහ වර්ධනයේ නව යුගයක් මෙයින් සංකේතවත් වේවි.

භේද බින්න වීම්, ගැටුම් සහ ස්වාර්ථය වෙනුවෙන්ම පාලනය ගෙන ගිය ම්ලේච්ච නායකත්වය නිසා අපේ රට දරුණු ලෙස විනාශ මුඛයට පත්වුණා. බොහෝදෙනකුට දරුවන්, මව්පියන්, ඥාතීන් සහ මිත‍්‍රයින් අහිමි වුණා. අප රට තුළ පැතිර ගිය බෙදුම්වාදය හා දේශපාලනික ප‍්‍රචණ්ඩත්වය අපේ ජීවිත මෙන්ම අපේ අනන්‍යතාවය පිළිබඳ හැඟීමත් විනාශ කළා. එමගින් අප එකිනෙකාට උරණ වුණා. බෙදී වෙන්වීම් මගින් අප අපවම දුර්වල කරගත්තා. අපේ ජාත්‍යන්තර කීර්තියද විනාශ වුණා.

අප බලයට පත්වූ පසු සියලූ ශ්‍රී ලාංකිකයන්ට සමාන අයිතිය ඇති වන සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිස්ථාපනය කර ශක්තිමත් කළා. ජනතාවට නැවතත් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස ලැබෙන බව තහවුරු කළා. මහජන වාද විවාදවලට දිරි දෙමින්, බියෙන් තොරව රජය විවේචනය කිරීමේ නිදහස මාධ්‍යවලට දුන්නා.

නව ව්‍යවස්ථාව අපේ ප‍්‍රගතියේ ඉතා වැදගත් අංගයයි. එය සමාජයේ සියලූ සාමාජිකයන් ගැන එකසේ සොයා බලන, ශිෂ්ඨ සමාජයක මූලධර්ම පදනම් කර ගත් එකක් වනවා. එය දුප්පත් හා විපතට පත්විය හැකි ජනතාවගේ අවශ්‍යතා සම්පාදනය සහතික කරන සමාජයයි.  මේ රජය ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් සවිබල ගන්වන ආකාරයේ ඉතා පැහැදිලි බලය බෙදීම ක‍්‍රියාත්මක කරවන බවට පොරොන්දුවූවා. එමගින් ජනතාවට තමන්ගේ ප‍්‍රජාව සම්බන්ධයෙන් වැඩි හඬක් නැගීමේ හැකියාව ඇති වෙනවා. එමෙන්ම ජනතාවත්, රජයත් අතර සමීප බව තවත් වැඩි කරනවා.

අපේ රජය ඡුන්දයෙන් පත්වුණේ මින් ඉදිරියට ශ්‍රී ලංකාවාසී ජනතාව කිසිසේත් සුළු පිරිසකගේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් වන්න ඉඩ නොතැබීමේ පොරොන්දුව පිටයි. මින් පසු එවැනි සුළු පිරිසකට ඔබේ දරුවන්ගේ අනාගතය සොරා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මින් ඉදිරියට ඔබේ ජීවිත හා පරිසරය බලකාමීන්ගේ කුරිරුකම් වලින් පීඩාවට පත්වන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

ඒ පදනම නව ව්‍යවස්ථාවට අන්තර්ගත වෙනවා. එය ඔබ ආරක්ෂා කරන ව්‍යවස්ථාවයි. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම සඳහා අප කටයුතු කරන විට, ඉන් ලැබෙන සමෘද්ධිය සියල්ලන් අතර බෙදී යන බව තහවුරු කරන ව්‍යවස්ථාවයි.

ඒ නිසා සියලූදෙනාගේම අදහස් එක් කර නව ව්‍යවස්ථාව සකස් කර, එක්සිත්ව හා එක්සත්ව වඩාත් දීප්තිමත් හා බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ඉදිරියට පියවර තබමු. යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

අතීතයේ බෙදුම්වාදී මඟ වෙනස් දැන් නව දිශාවකට ගමන් කරනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 79 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 908 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2153 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3683 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site