IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්වාස භංගයට ජවිපෙ සහ⁣ය එහි හැඩය අනුවයි

   (විනීතා එම් ගමගේ)


අගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට සහාය දීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර  දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 

එහෙත් අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බල පොරයක වුවමනාව වෙනුවෙන් හෝ දේශපාලන ගේමක් වෙනුවෙන් ගෙන එනවා නම් ඊට කිසිසේත්ම සහය දෙන්නේ නැතැයි ද දිසානායක මහතා කීය.

දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවැසීය.

‘‘විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේ්ත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි.

විශ්වාසභංගය නිශ්චිත පරිදිම ඔහු වංචාවට හවුල් වූ බවටත් ඔහු වංචනිකයින් ආරක්‍ෂා කළ බවටත් වංචනිකයින්ට රැුකවරණය ලබාදීම ආදී නිශ්චිත කරුණු වෙනුවෙන් ගෙන එන විශ්වාසභංගයකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දෙනවා. 

විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේදී එහි අඩංගුව ඉදිරිපත් කළ යුතුයි. අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක් බවට පත්වී සිටීම, මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප‍්‍රයත්න දැරීම, ඒ වගේම මහ බැංකු වංචා ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්‍ෂ පවුලේ වංචා-දුෂණ ආරක්‍ෂා කිරීමට ප‍්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්‍ෂ එෆ්.සී.අයි.ඩී.යට ගෙනයාමට ඉඩ නොදීම, ඇතැම් අයගේ පාස්පෝට් ප‍්‍රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්‍ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්.

ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ජනවරම වන්නේ මෙම කිසිදු කණ්ඩායමකට සහාය ලබා නොදී කටයුතු කිරීමටයි. ඒ නිසා කවර පාර්ශ්වයකට හෝ සහාය නොදී ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීනව කටයුතු කරනවා. 



අදහස් (21)

විශ්වාස භංගයට ජවිපෙ සහ⁣ය එහි හැඩය අනුවයි

L Raja Wednesday, 28 February 2018 08:56 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ කතාවක් මේක. මේ අයට නම් ආත්මයක් නැහැ.

:       289       634

V.warnakulasuriyaWednesday, 28 February 2018 10:43 AM

ආත්මයක් තිබෙන බහුතර ජනතාවක් රටේ සිටියේ නම් කවදත් හොරු රජ කරන්නේ නැත. එවැනි ආත්මයක් නොමැති ජනතාවක් සිටින රටක ආත්මයක් තිබෙන පක්ෂයක් ඉදිරියට පැමිණීමත් ඔබ කියන තෙල් වර්ගය සොයනවා වගේ කියා සිතන්නට පුළුවනි. කොහොම වුණත් රටේ සිටින නීතිගරුක ජනතාව අතරමං නොකිරීම දේශපාලන පක්ෂවල වගකීම වියයුතුය. එක් බාධකයක් ඉවත් කිරීම තව බාධකයක් ලඟා කර ගැනීමක් නොවිය යුතුය.

:       805       580

බන්ඩාThursday, 01 March 2018 09:59 AM

ලපයා රතු අලි පැටියෙක් බව අද නොදන්න අය ඉන්නවද?

:       8       80

janatha anura Thursday, 01 March 2018 10:30 AM

වැඩකරන ජනතාවගේ දහදිය අඳුනන හොරු නොහිටින්න උන්නැහේලගේ පස්චත්භාගයත් නැහැ බෝම්බ වලට අහු වෙලා .......................

:       46       37

තුෂාර ගුණසේකර Thursday, 01 March 2018 01:38 AM

මෙයා තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, දූෂණයට විරුද්ධ පෙර ගමන්කරු... මෙයානේ රනිල්ට එරෙහිව විශ්වාස භංගය ගේන්න ඕනෑ.. රතු අලි පැටියා...

:       2       0

Sirisena BThursday, 01 March 2018 07:27 AM

සීනුව අලියාගේ බෙල්ලේ ගැටගහල තියෙන නිසා තමයි පෙබරවාරි 10 වෙනිදා ජනතාව "අලියයි - සීනුවයි" දෙකම කුණු කූඩේ ට විසි කොලේ. ඊළඟ මහ මැතිවරණේ දී ජනතාව සීණු දේසපාලේනෙට පාංශකූලේ දෙන්න දත කට මැදගෙන ඉන්නේ කියලා උන්දලාගේ නායකයන්ට තේරුනොත් ලොකු දෙයක්...............!!!!

:       102       85

Shihan Wednesday, 28 February 2018 09:15 AM

බළලා මල්ලෙන් එළියට.. විමල් වීරවංශ කියන කතාව ඒ කියන්නේ බොරු නෙමෙයි.. නියම රතු අලි පැටියා.. අගමැතිතුමාගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට අනුර කුමාර තරම් හොඳ වෙන කෙනෙක් හොයා ගන්නවා බොරු.. මරු විපක්ශ සංවිධායක..

:       1312       1551

piyal Wednesday, 28 February 2018 09:25 AM

රතු අලි පැටියා කෙසේ හාමුට පිටුපාන්නද?

:       453       968

Cisco Wednesday, 28 February 2018 09:37 AM

හරියට සන්ධාන මහලේකම් යු එන් පි අගමැති කෙනෙක් යටතේ කැබිනෙට්ටුවේ ඉන්න බැහැ කිව්වා වගෙයි.

:       2       190

Bimal Wednesday, 28 February 2018 10:03 AM

‘‘විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැති ධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේ්ත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි.

:       176       142

INDIKA Wednesday, 28 February 2018 10:04 AM

අනේ අනුර, නොකෙරෙන දෙයක් ගැන මොකට කතාද? එතකොට ඔයාට හම්බවුණාවූ සල්ලි මල්ල ගැන. ඒවත් ඔය දෝෂාභියෝගයට දානවට ඔයා කැමති නැද්ද මං අහන්නේ?

:       315       558

nimal Wednesday, 28 February 2018 10:21 AM

ජවිපෙට ඡන්දේ දෙන්නේ ඔවුන් පරදින බව නොදැන නොවේ. ජනප්‍රිය නායකයින්ට ඡන්දේ දීලා ජනතාව අමාරුවේ වැටෙන එක වළක්වන්න තියෙන එකම ක්‍රමය එය නිසා. ජවිපෙත් ඡන්දේ දුන්නු ජනතාවගේ අපේක්ෂාවන්ට පිටු පෑවොත් ආයේ ලංකාවේ පක්ෂයක් නැහැ ජනතාවට වග කියන. රාජලාට, පියල්ලාට හිතෙන හැටියට නොවේ ජනතාවට වාසි වෙන විදිහට වැඩ කරන වගකීම තියෙන්නේ ජනතාවටයි.

:       216       135

naliyaThursday, 01 March 2018 07:09 AM

උබල වගේ මෝඩ වහල්ලු ඉන්න කල් ජවිපෙ පවතිනවා සහෝදරයා හරිම දුකයි

:       62       53

Raveendra Wednesday, 28 February 2018 10:23 AM

හැඩය අනුව කිවුවේ? බොරදියේ මාළු බාන "දෑ කැත්ත වගේ බිලි පිත්තක" හැඩයද? එසේ නොවේ නම් රට මක බෑවුණත් කම් නැත... කෙසේ හෝ බලයට පැමිණ

:       102       304

de silva Wednesday, 28 February 2018 10:42 AM

එජාපෙන් විශ්වාස භංගයක් ගෙනාවොත් පොහොට්ටුව සහ ජවිපෙ අනිවාර්යයෙන් අගමැතිව ආරක්ෂා කරනවා. ඒකට හේතුව දුර්වල පාලකයෙකු එජාපයේ සිටින එක ඔවුන්ට දේශපාලන වශයෙන් විශාල වාසියක් අත් වෙන නිසායි..

:       249       51

Raveendra Wednesday, 28 February 2018 10:45 AM

රතු මල්ලිලා පළමුව ඔහෙලා ඔහෙලට අවංක වෙන්නකෝ...

:       89       295

HarrySL Wednesday, 28 February 2018 11:08 AM

අප රටේ දේශපාලනය සිදුවන්නේ පිටපතකට අනුවයි. මහජනතාව එහි නරඹන්නන් වේ. සියල්ල සැලසුම් මත සිදුවේ. නාටකයක් වැනි දේශපාලනය මහජනතාව ප්‍රතික්ශේප කරන කාලය එළැඹෙමින් පවතී.

:       61       226

කාල්මාක්ස් Wednesday, 28 February 2018 11:13 AM

විජේවීර ඉන්දියානු ව්‍යාප්ත වාදයට විරුද්ධව සටන් කළාට මේ අය "රෝ" එකෙන් යැපෙන නිසා ඒ අයගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න වෙලා...

:       252       331

කුමාර Wednesday, 28 February 2018 11:21 AM

එජාපයෙන් රනිල්ගේ නායකත්වයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන්නා සේම, අනුරගේ නායකත්වයට එරෙහිව ජවිපෙනුත් විශ්වාස භංගයක් ගෙන ඒමට කාලය පැමිණ ඇත.

:       227       436

සෙනෙවි Wednesday, 28 February 2018 12:16 PM

බිමල් කලින් කිව්වනේ... විශ්වාස භංගයට සහයදෙනවා කියලා. ජවිපෙ හැඩයත් දැන් අපටත් පේනවා.

:       117       226

සෙනෙවි ගාල්ල Wednesday, 28 February 2018 11:48 PM

රනිල් යවා විකල්පයද මේ පාර්ලිමේන්තුව තුල කියන්න. ඒ මහින්ද රාජපක්ෂද? ඊට වඩා රනිල් හොඳයි.. ජවිපෙ කියන්නේ ඒකයි. ඇත්තටම රනිල්ට 62 ලක්ෂයේ චෝදනාවයි ජවිපෙ ප්‍රකාශ කරලා තියෙන්නේ මේකනේ.. ඒකට පොහොට්ටුවේ අය කොහොම කැමතිවෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site