IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රටක් වටින පඬිරුවනක්

බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දීඝ නිකායෙහි භික්ෂූන් වහන්සේ කවර ආකාරයේ විය යුතු ද යන්න දේශනා කළ සේක.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදිම ගුණවත් සිල්වත් දැහැමි පැවිදි දිවියක් ගත කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර අග‍්‍ර මහා පණ්ඩිත මහා නායක දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහා නායක නාහිමියෝ අවුරුදු 102 ආයු කාලයක් වළඳා අපවත් වූහ.

මහා නායක ස්වාමීන්වහන්ගේ වසර 90 කට ආසන්න පැවිදි දිවිය තුළ සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේගෙන් ශාසනයටත් සමාජටයත් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු වූ බව සැවොම දන්නා කරුණකි.

සංඝයා වහන්සේ සැම විටම සමාජය තුළ ඉහළින්ම ගෞරවයට පාත‍්‍ර විය යුතුය. ඒ සඳහා දැනුම, හැකියාව, සිල්වත් බව නොඅඩුව තිබිය යුතුය. අප මහා නායක හිමිපාණෝ  මේ කිසිවකින් අඩුවක් නොපෙන්වු සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ අග්ග මහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත‍්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී, ග‍්‍රන්ථ විශාරද, රාජකීය පණ්ඩිත යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූ හිමිනමකි. උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා භාෂා ශාස්ත‍්‍රයන්හි උන්නතිය සඳහා සිදු කළ අතිවිශාල මෙහෙවර වෙනුවෙන් උපහාර ලෙස ලැබුයේ මේ ගෞරව නාමයන් වේ.

අප මහානායක හිමිපාණෝ බෞද්ධ සාහිත්‍ය තුළ විවිධ නිර්මාණ සිදු කළහ. බෞද්ධ කාන්තාවන් අතර ඉතාමත් ප‍්‍රචලිත ”යශෝදරා කාව්‍යය” උන්වහන්සේගේ නිර්මාණයකි. ඒ අතරට මාරංගනා, ධර්ම චින්තා, වෛරාග්‍ය චින්තා, ආශිර්පුෂ්ප මංජරී, හ්වානස්තව කාව්‍ය ආදී වශයෙන් උන්වහන්සේ නිර්මාණය කළ උසස් සාහිත්‍ය නිර්මාණ රැුසකි. මීට අමතරව ඉඩ ලද හැම විටම කවි, ගාථා, ශ්ලෝක නිර්මාණය කිරීම නාහිමියන්ගේ පුරුද්දක් වී තිබිණි.

මෙරට පමණක් නොව ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ ජනතාවට ධර්මදානය පිණිස විශාල මෙහෙවරක් සිදු කළේය. උන්වහන්සේ ඉන්දියාව, මැලේසියාව, හොංකොං, තායිපේ, කොරියාව හා එක්සත් රාජධානියේ වැඩ වසමින් බුදුන් වහන්සේගේ පැහැදිලි ධර්මය සියලූ දෙනාට බෙදා දුන්හ. තායිවානයේ ලිංසොං සහ චුංහුවා යන බෞද්ධ විශ්වවිද්‍යාල වල සංස්කෘත හා ථෙරවාදී සම්ප‍්‍රදාය පිළිබඳව මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේට ජාත්‍යන්තර ගෞරවය ද අත්කර දීමට සමත් විය.

අමරපුර මහා නිකායේ ශාසනාරක්ෂක කමිටුවේ සභාපති ලෙස උන්වහන්සේගේ ඇසුරින් අනුශාසනා නිරන්තරයෙන් ලබන්නට මම පින්කර ඇත්තෙමි.

උන්වහන්සේගේ අවවාද සෑම කෙනෙකුගේම යහපත් පැවැත්මට උපකාරී වන බව කෙටි ඇසුරකදී වුව පසක් වේ. උපන් රටටත් මනුෂ්‍ය වර්ගයාගේ යහපතක් වෙනුවෙන් සියලූ දෙනා කැප විය යුතු බව මහානායක හිමියෝ නිරතුරුව මතක් කර දුන්හ. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ශාසනික සේවාවන් රැුසකට එක් වන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

වසර 90 ක පැවිදි දිවියෙන් සසුනඹර එකලූ කළ මහා සංඝනායක දවුල්දෙණ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා!!

(ශ්‍රි ලංකා  අමරපුර නිකායභීවෘද්ධි දායක සභාවේ හා ආදාහන කමිටුවේ සභාපති  ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන)



අදහස් (0)

රටක් වටින පඬිරුවනක්

ඔබේ අදහස් එවන්න

Dauldena Maha Na Himi

දළ පුට්ටාව ඝාතනය කළ හය දෙනා රිමාන්ඩ්
2017 දෙසැම්බර් මස 01 2818 12

ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංග


චාම් ගුණයෙන් පිරිපුන් මහ නා හිමි
2017 අප්‍රේල් මස 05 858 0

මැනවින් පිළිපන් ඍජු ගුණය සිය දිවි ගුණය බවට පත් කළ උත්තරීතර මහනාසමිඳුගේ සිරිතෙහි බිඳක් මනසෙහි රුවා ගැනීම දිවි පෙවෙතකට එළියක් දෙවන්නකි. අමතන මහ වදන් සිත


දවුල්දෙන මහනාහිමි පරමාදර්ශී චරිතයක් - සන්ධාන මහලේකම්
2017 අප්‍රේල් මස 05 340 0

ජීවත් වූ එක මොහොතක් හෝ අපතේ නොහැර සමස්ත ලෝවාසීන්ගේ උන්නතිය උදෙසා දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් සිදුකළ කාර්ය භාරය ජීවත්වෙන සියලූ දෙනාටම පරමාදර්ශයක


සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවක්
2017 අප්‍රේල් මස 05 234 0

‘‘ආදර්ශවත් සරල දිවිපෙවතක් ගතකළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ගිහිxපැවිදි සියලූ දෙනාගේ ආදර ගෞරවයට පාත‍්‍ර විණැයි’’ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහ


බුදු සසුන ව‍ෙනුෙවන් කළ සේවය රෙ වැසි සිත්හි බොහෝ කල් රැදෙනු අැති
2017 අප්‍රේල් මස 05 313 0

අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් සම්මුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ සේවය රටවැසියන්ගේ සිත්හි බොහෝ කාලයක් රැඳෙනු ඇ


නොසැලෙන ගුණයෙන් යුත් මහ නාහිමියෝ
2017 අප්‍රේල් මස 05 531 0

පරසිදු ඌව පළාතේ දවුල්දෙණ ග‍්‍රාමයේදී එගම්වැසි ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතා හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යුවතිපතීන්ට ධන්‍ය පුණ්‍ය ලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site