IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර

(ඩයනා උදයංගනී)

          මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

          රජය මේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණත් එවැනි කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වූ බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

          රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතු බවත්, ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

          දැන්වත් ඔවුන් තවත් තැනක මෙවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ජාතිවාදී ප‍්‍රවණතාව පරාජයට පත්කිරීමට ක‍්‍රියා කළ යුතුව ඇතත් එවැනි ක‍්‍රියාමාර්ග ගනීවියැයි තමා නොසිතන බවද ජ.වි.පෙ නායකයා සඳහන් කළේය.

          අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (39)

’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර

Palitha Tuesday, 06 March 2018 03:30 PM

එන්න කලින් ගේන්න .. පුදුම හදිස්සියක් තියෙන්නේ. ගෙනාවට පස්සේ ආයෙත් ආයෙත් ඒ ආණ්ඩුව ගෙදර යවන්නත් මෙයාටමයි හදිස්සි. අනේ මන්දා කවදා හැදෙයිද කියලා...

:       610       775

VajiraWednesday, 07 March 2018 06:46 AM

රාජපක්ෂ පාලනය පෙරලා දමන්න පෙරමුණ ගෙන කටයුතු කලත් යුඑන්පී රජයක් පත්කර ගන්නා ලෙස ජවිපෙ කවදාවත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ නැනේ. ඔවුන් ඉල්ලුවේ ඔවුන්ට බලය දෙන්න කියලා. අඩු තරමේ මේ රටේ මිනිස්සු පත් වෙන රජයේ අත්තනෝමතිකත්වයට එරෙහි වීමට තරම්වත් බලයක් ඔවුන්ට දීමට තරම් බුද්ධිමත් උනේ නෑ. දැන් ඉතින් ජවිපෙට බැනල වැඩක් නෑ.

:       1744       1805

කසුනි Friday, 09 March 2018 01:33 AM

Vajira ඔවුන්ට බලය ඉල්ලනේ නෑ ජනාධිපතිවරණයට දාපු අපේක්ෂකයා කවුද? කඩේ ගියා කියලා කෙලින් පිළිගන්න...

:       82       179

MaheshikaSunday, 11 March 2018 08:25 PM

මෙයාට තරම් ආණ්ඩු පෙරලන්න ආසාවක් වෙන කාටවත් නැහැ. මෙයා තරම් රටට වින කරපු එකෙන් ලංකාවේ නැහැ. තවමත් මහින්දට බනිනවා. මෙයා කඩේ ගිය ආණ්ඩුවත් දැන් ගෙදර යවන්න හදනවා. රට කාපු අය තමයි.

:       32       122

erdi Tuesday, 06 March 2018 04:23 PM

ජවිපෙ හිතන්නේ මේ ආණ්ඩුව කළබලකාරී තත්වයන් වර්ධනය කරනව කියලද?

:       92       78

AsokaThursday, 08 March 2018 03:33 AM

ජවීපී රතු අලියා බුරන්නේ යු ඇන් පී යට රනිල් දුන්නා විපක්සයෙය් සංවිදායක කමට බල්ලෙකුට කන්න දීපුවාම බල්ලා වලිගෙය් වනනවා

:       225       448

erdi Tuesday, 06 March 2018 05:07 PM

ජවිපෙ හිතන්නේ මේ ආණ්ඩුව කළබලකාරී තත්වයන් වර්ධනය කරනව කියලද? ලෝකෙට පණ්ඩිතකම් දෙසාබැවට මේ රටතුල දිනෙන් දින වර්ධනය වන තත්වයන්ට උත්තේජනයන් සැපයෙන්නේ කොහෙන්ද කියල මේ පණ්ඩිතයට තේරෙන්නෙ නැද්ද.

:       131       275

Bamunuarachchi Tuesday, 06 March 2018 05:53 PM

හලෝ අනුර ඕක තෙල්දෙණියේ ප්‍රශ්නයක් නොවෙයි.

:       40       147

SanathWednesday, 07 March 2018 08:11 AM

ඔව් බමුණුආරච්චි මේක තෙල්දෙණියේ ප්‍රශ්නයක් නෙවෙයි. අලුත්ගම සිද්ධිය උන වෙලවෙත් අනුර ඒ ටික කිව්වා.

:       95       225

BamunuarachchiWednesday, 07 March 2018 10:27 AM

ශරීරයට යමක් ඇලජික් උනාම එය ශරීරයේ තැන් තැන් වලින් පිටදානවා. ඒ වගේ මේ අලර්ජික් එකත් රටේ තැන් තැන් වලින් පිටවෙනවා. ට්‍රම්ප් මහතාටත් අලර්ජික් නම් අපි ගැන කියුම් කවරේද?

:       37       159

s.c.perera Tuesday, 06 March 2018 06:42 PM

88-89 නීතිය කැඩුවේ අපිද ? පාසල් ළමුන් පවා පෙළපාලි යවලා නීතිය කඩන්න බලකලේ අපිද ? අසල්වැසියව මරන්න පෙලබෙව්වේ අපිද? මිනිස්සුන්ව හන්දිගානේ හිරකරලා අනිත් කාටවත් ගමන් බිමන් යන්න බැරි වෙන්න අවහිර කරන්න පුරුදු කලේ අපිද ? නීතිය කඩන්න බල කලා මිසක් නීතිය රකින්න පුරුදුකලාද ? මේවා ඔක්කොම දේශ පාලන වාසි වෙනුවෙන් නටන නාඩගම්.

:       309       416

NissankaWednesday, 07 March 2018 07:54 AM

1983 පැවැත්වීමට තිබු මහමැතිවරණය නොපැවැත්වූ නිසා 1983 සිට 1989 දක්වා රටේ පැවතියේ නීති විරෝධී රජයක්. එවැනි නීති විරෝධී රජයකට එරෙහිව සන්නද්ධ අරගලයක් කිරීමේ අයිතිය ඒ රටේ ජනතාවට තිබෙනවා. අරගලයකට යාමට පෙර ජවිපෙ ජනමත විචාරණයට එරෙහිව අධිකරණයට ගොස් සිටියදී තමා ජයවර්ධන රජය ජවිපෙ තහනම් කලේ. මේ ඉතිහාසය අමතක කර හැමදාම ජවිපෙට ගරහමින් සිටියට වැඩක් තියෙනවද?

:       616       1121

maheshika Tuesday, 06 March 2018 07:36 PM

තමුන් කඩේ ගිහන් පත් කරොපු ආණ්ඩුව නේද ?

:       199       413

pj Tuesday, 06 March 2018 09:17 PM

හලෝ මේ බොර දියේ මාළු බෑම පහත් න්‍යායක් බව දන දැනත් පොඩි ළමයි වගේ හැසිරීම ගැන කණගාටුයි. බල තණ්හාවෙන් පිටුපසින් සිට ජාතිවාදය අවුස්සන අයට උල්පන්දම් දීම හිරිකිතයි.

:       46       308

Pavithra Wednesday, 07 March 2018 12:26 AM

ආව ආව......අපේ අනුර කුමාර මහත්තයා දැයි අගමැති වෙලා හිටියනම්.....මේ ප්‍රශ්න සේරම ටිප් ටොප් එකට විසඳන හැටි බලන්න තිබුනා. අපිට හොඳට මතකයි ජ්ව්ප් කාරයෝ 87-88 කාලේ මිනිස්සුන්ගේ බෙලි කපල ඔලු ගෙඩිය පාලම උඩ තියල ප්‍රශ්ණ විසඳපු හැටි.

:       1055       1469

kalani Wednesday, 07 March 2018 01:07 AM

රටේ දේශපාලනය අවභෝධයකින් කියවන්න පාලිත.

:       47       65

appuhami Wednesday, 07 March 2018 01:20 AM

කොහොමත් ඉතින් ඕනේ කෙනෙක් ට කයිවාරු ගහන්න නම් පුළුවන් හැම දෙයක් ම පුළුවන් වගේ...

:       40       138

Upali Wednesday, 07 March 2018 02:50 AM

මොනවද අප්පා මේ කථා? මෙයාල 71දිත් 88, 89 කාලෙදිත් ඇතිකළ ගැටළු විසඳන්න නම් කොච්චර කාලයක් ගියාද? මෙයාලට ඒව දැන් මතක නෑ.

:       304       526

Chandra Wednesday, 07 March 2018 03:17 AM

ඇයි ඕව ඒකා වගේ ඉන්න බද්දයට කෙලින් කියන්නේ නැත්තේ ? හැමදාම රටේ මොනවහරි අවුස්සනවා බලය උදෙසා . මොනවා හරි කරලා එදිනෙදා ජනජීවිතය කඩාකප්පාල් කරනවා . ඒවා දන්නා අය දන්නවා. නමුත් පක්ෂය ලොකුයි .

:       580       857

aseWednesday, 07 March 2018 04:27 AM

මසුරන් අදහස , ඒ හොල්ලත් මේ ගොල්ලත් රට ගිනිතියන්න තකට තක

:       93       110

saman Wednesday, 07 March 2018 05:05 AM

ඒකාබදදේ ඇති සම්බන්දය මොකක්ද? නොදන්නා දේවල් කතා නොකර ඉන්න . නීතිය සැමට එක විදියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා වෙන්නේ නැහැ . මුස්ලිම් ජනතාවත් තමන්ගේ අය කියල නොබලා වැරදි කරුන්වන්ව ආරක්ෂා නොකර ඉන්නවා නම් සහජීවනය රැකෙනවා . අපි සැවොම අනවශ්‍ය වෙනස්කම් (ඇඳුම් , ආහාර පාන , කසාද නීති , බැංකු වගේ දේවල් ) ඇති නොකරගෙන ශ්‍රීලාංකික අනන්‍යතාවයකින් ජීවත් වෙමු . එතකොට සහජීවනය ඉබේම ඇති වෙනවා .

:       604       1384

indika Wednesday, 07 March 2018 03:33 AM

එය වැරදි කතාවක්. ආණ්ඩුව ට පුළුවන් හමුදා බලය දාල පාලනය කරන්න. නමුත් හරි පාලනය එන්නේ මෝඩ මිනිසුන් කලහකාරී වැඩ නොකරපුදාට විතරි. මුනිසුන්ගේ මෝඩ හිතුම් පැතුම් වලට ආණ්ඩුව වග නැහැ. මොන ආණ්ඩුව ආවත් එකම තමා

:       167       178

abaran Wednesday, 07 March 2018 03:37 AM

හැමදාම හැත්තෑ එකයි අසූනවයයි මතක් කර කර නිදා ගන්න..වර්තමානයේ ඒ අයගේ දේශපාලන හැසිරීම බලා තීරණය කරන්න.

:       198       219

kalani Wednesday, 07 March 2018 04:52 AM

දෙපා වැදීමෙන් නතර නොවී එක එක දේසපාලකයින්ගේ පාමුල වාදී වී දීන බව පල කරන්න එපා.

:       1       25

Bandula Wednesday, 07 March 2018 05:09 AM

මුලුමනින්ම රට කාලා උඩුයටිකුරු කර දැන් ඇස්ගෙඩිදෙක් පුඹාගෙන දැන් චොකාබයිලා ගයනවා මෙහෙමත් දේෂපාලන කාපාලුවන්??

:       227       219

sugath Wednesday, 07 March 2018 06:05 AM

මෙය රෙදි ඇඳගෙනද කතා කරන්නේ. බොරුහිලක්. අපිට තම 71ය් 89ය් මතකය්. රටේ තිබෙන සම්පත් ගිනිතියනකොට මෙහෙම කිව්වේ නැහැ නේද. ගිහින් වැඩක් බලා ගන්න සහෝදරයා.

:       301       256

Shan Wednesday, 07 March 2018 07:13 AM

මේ මනුස්සයත් පුදුම මනුස්සයෙක්.....

:       0       19

rupawathie Wednesday, 07 March 2018 07:31 AM

ලංකාවේ වෙන දේවල් දැක්කම හිතට හරිම දුකයි ..? අපි ගම්වල සිංහල මුස්ලිම් මිනිසුන් තමන්ගේ පවුල්වල සාමාජිකයෝ වගේ ගීවත් උනේ කොබෙයිගනේ, පන්නව, බැද්දේගම, මේ වනකොට රට තුල මිනිසුන්ගේ ආකල්ප පිරිහිලා තියෙන තත්වය දැක්කම කොහොම තත්වක්ද රටට උදාවෙන්නේ කියල දුකයි වගේම බයයි ..

:       0       59

champikat Wednesday, 07 March 2018 08:33 AM

ඡන්දෙ බලාගෙන ඒ අය අපිට ජාතිවාදය ඉගැන්නුවා. අපේ ජාතිය බේරගන්න පුළුවන් මේ දේශපාලනයට විතරයි කිය කියා අපි ඡන්දෙ දෙනවා. රට වලපල්ලට යනවා. අපි මරා ගන්නවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශපාලන රූකඩ වෙලා. බුදු දහම විනාශ කරනවා. අපි කවදා මේවා තේරුම් ගනීවිද?

:       0       13

prakaash Thursday, 08 March 2018 03:35 AM

අනුර කුමාර කියන්නේ සිරිකොත සාමාජිකයෙක් බව දැන ගත යුතුය.ඇත්තේ ජේ. වී. පී බෝඩ් ලෑල්ල පමණි,2015 ආණ්ඩු පෙරළියේ තවත් එක කුමන්ත්‍රණ කරුවෙකි.මොහුට ඒ සඳහා ඩොලර් අට්ටි ලැබුණු බව නොරහසකි.රනිල්ලා වගේම මෙයාලත් මංකොල්ලකාරී මිනීමරුවෝය.රනිල්ලා එදා කළු ජුලිය ඇති කළා එය සිංහලුන්ට රනිල්ලා {ජේ.ආර්.}නඩය ;ලබාදුන් කළු පැල්ලමකි.එනිසා මේ අය රටවැසියන්ට විනාශය මිස ලබා දී ඇත්තේ කුමක්ද?

:       161       201

Deepal Nirosh Thursday, 08 March 2018 05:36 AM

ඒ බැරි ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න බැරි විපක්ෂ සංවිධායකගෙනුත් ඵලක් නැහැ. lකවුරුත් එකයි......

:       0       44

kalani Thursday, 08 March 2018 11:18 AM

ලංකා ඉතිහාසය, ලෝක ඉතිහාසය පුරාවට බලය සඳහා සන්නද්ධ අරගලවලින් පිරි ඇති බව නොරහසකි. රුසියාව, ප්‍රංශය, කියුබාව පමණක් නොව අපේ ඉතිහාසයද අරගලවලින් බහුලයි. මිනිස් ඉතිහාසය යනු ගැටුම්වලින් හිරිවැටුණු, විටෙක පෝෂණය වූ ක්‍රියාවලියකි. 71 හෝ 88/89 යනු එහි සාපේක්ෂ සංසිද්ධි පමණකි. නෙල්සන් මැන්ඩෙලා අරගලකරුවෙකි. එහෙත් ඔහු මියගියේ ජනතාවගේ දෙනෙත්වල කඳුලක් ඉතිරි කරමිනි. ජ.වි.පෙ. සම්බන්ධයෙන්ද ගත්විට එම වියලුණු තුවාල නැවත නැවත ඔද්දල් නොකොට ඔවුන්ගේ වර්තමාන සජීවී ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමු. ප්‍රධාන දේශපාලන පක්ෂදෙක වසර 70ක් පුරාවට කළ කී දේ සිහිපත් නොකොට 71 හෝ 88/89 පමණක් ගෙන නිවට නියාලු දූපත් මානසිකත්වයේ රාජාණ්ඩු වහලුන්සේ සිතීම නතර කරමු.

:       204       283

SinhalayaFriday, 09 March 2018 02:38 PM

ඔය කතා හොඳයි අද ඊයේ ඉපදුන අයට

:       21       74

kumar (galf) Thursday, 08 March 2018 08:11 PM

උරෝ කැකුණ තලුවාම, හබන් කුකුලන්න්ට වාරේ කීවාලු.

:       0       4

Nimmi Friday, 09 March 2018 02:41 PM

ඉන්න ආණ්ඩුව ගෙදර යවන්න විතරයි මෙයාලා දන්නේ.

:       0       1

kalani Saturday, 10 March 2018 06:42 AM

කල යුත්තේ කුමක්ද කියා පැහැදිලි කරන්න නිම්මි.

:       0       1

etarahelaya Saturday, 10 March 2018 01:39 PM

මේකට හේතුව සංහිදියාව නමැති බිජුයි.

:       0       1

Maheshika Sunday, 11 March 2018 08:35 PM

රටේ කලබලයක් නැත්නම් මේ අයට කතා කරන්න දෙයක් නැහැ. ලාල්කාන්ත කියන කෙනා මෙයාලට මාද්‍ය සංදර්ශන තියන්න වැඩේ නියමෙට කරනවා. රජයේ සේවකයෝ දවස ගානේ උද්ගෝෂණ, විශ්ව විද්‍යාල ළමයි හැමදාම පාරේ.

:       0       17

mp Wednesday, 14 March 2018 06:29 AM

කොහේදෝ හැංගිලා ඉඳලා දැන් එළියට ඇවිත් කෑගහනවා...!!! මේ අය තමා ප්‍රශ්න ඇති කරන්නේ... ඒ කරලා බොරුවට කෑ ගහනවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site