IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චාම් ගුණයෙන් පිරිපුන් මහ නා හිමි

මැනවින් පිළිපන් ඍජු ගුණය සිය දිවි ගුණය බවට පත් කළ උත්තරීතර මහනාසමිඳුගේ සිරිතෙහි බිඳක් මනසෙහි රුවා ගැනීම දිවි පෙවෙතකට එළියක් දෙවන්නකි. අමතන මහ වදන් සිත් ගන්නා සුළු බව මහනාහිමි සමිඳුගෙන් මතු වන උදාර ගුණයකි. ගුරුසිත නොරිදවා, වේලාව නොවරදවා, බැතිපෙම ද උපදවා අකුරු ඉගෙන ගත් හෙරණපාදයන් කෙනෙකු ලෙසින් දිවි මග සරසා ගත් බවට නැණිසුරු හෙරණපාදයන් පිළිබඳව අපි වැඩිහිටියන්ගෙන් අසා ඇත්තෙමු.

සිය ගුරු දෙවිඳුන්ගෙන් මූලික බණ දහම් ඉගෙන කලක් හග්ගල සංඛගිරිවිහාරයෙහි වැඩ වසනකල සියලූ දායකවරුන්ගේ ආදර භක්තියට හා සම්භාවනාවට ද බඳුන් වු හෙරණපාණෝ පිණ්ඩපාතික දිවි පෙවෙතක් ගත කරමින් සමණ චරියාවක ආකර්ෂණය ද ඇති කළහ. මාලිගාකන්ද විදුදය පිරිවෙනින් ජනප‍්‍රිය සිසුවකු වී ඇදුරුපාණන් වහන්සේලාගේ සිත් දිනා සියලූ දස්කමක්ම පෑමේ ඵලය ලෙසින්ය මෙතුමන් රාජකීය පඬිවරයකු වූයේ.

ශ්‍රී ලාංකික පණ්ඩිත මුක්තාවලියේ අගමිණක් ලෙසින් වැජඹි රාජකීය භදන්ත පණ්ඩිත විදුරුපොල ශ්‍රී පියතිස්සාභිධාන උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ස්වාමිපාදයන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන් උපසපුව ලබා උපාධ්‍යයන් වහන්සේගේ බලවත් ප‍්‍රසාදයට පත් වූවාසේ ම, පැවිදි බව ලබා දුන් ඌමෑලේ සිරිපියරතන, ඌමෑලේ සිරිපඤ්ඤානන්ද යන ඇදුරුපාණන් වහන්සේලාගේ නිරන්තර ප‍්‍රසාදය ලැබෙන අටියෙන් කිංකර ගුණයෙන් ද සංයතශීලිත්වයෙන් ද දිවි ගමන් මඟ පෝෂණය කිරීම මෙතුමන්ගෙන් ලැබෙන පරමාදර්ශයකි.

අපවාදයෙන් බැහැරව ශාසන දයාවෙන් ඇසුරු කරන්නන් හා දායකකාරකාදීන්ගේ සිත් ඇද ගන්නා සුළු චර්යාවන් ගොඩනැගීම සසර පුරා පුහුණු කළ ධර්ම ශක්තියකැයි හැඟෙන්නකි. උස් මිටිකම් නොතකා ඈත දිළිඳු පැල්පත වෙත ද මෑත දනිඳු මැදුර වෙත ද සම සිත සහ සම මෙත පා කටයුතු කිරීම උත්තරීතර නායකත්වයට පත් වු අදිසි හේතුවකි. සියලූ යතිවරුන් කෙරෙහි ද ප‍්‍රියශීලී ඇසුරක් පවත්වන යතිසඳාණන්ගේ ඇසුර පැතීම සසුන් කෙතෙහි ද දිවි ගෙවෙන පැවිදි උතුමන් විසින් අගයනු ලබන්නකි.

උන්වහන්සේ කෙරෙහි බැඳිම් ඇති හැම අරමක් කරාම මෙතුමන් වැඩමවා ඇත. එහිදී දකින්නට ලැබෙනුයේ විස්මය දනවන චාම් සහ නිරහංකාර ස්වභාවයයි. නාහිමිපාණන් සමග කතා බහක යෙදෙන විට කිසිදු ප‍්‍රකාශයක් ඉවත දැමිය නොහැකිය. කතාබහක යෙදෙන විට හිස් වදන් දුරලයි. අමතන වදනින් අසන්නා තුළ ආත්ම දමනයට සිත් පහළ වෙයි. එතුමන් අන්තර්ජාතිකව ලත් අත්දැකීම් විස්තර කරන විට එම පුවත් ඇසීමට අසන්නා තුළ බලවත් සතුටක් ඇති වෙයි. විවිධ ආගමික පූජකවරුන් පිළිබඳව, ආගම් පිළිබඳව දැනුමක් ලබා දීමට නිරායාසයෙන් මහනාහිමියෝ පෙළඹෙති. එමඟින් දැනුම හා බුද්ධිය ද වැඩෙයි.

පොත්පත් ඇසුරෙන් යම් යම් කරුණු සුළු මොහොතකින් ලබා දීමට ගැඹුරු වූද, ප‍්‍රබල වූද, හැකියාවක් මෙතුමන් තුළ පවතී. බමුණන් සහ ජෛන පූජකවරුන් ගැන අනාවරණය කරන තතු රස ගුලාවකි. දහම පිළිබඳ කරන අර්ථකථනයන් නිසා බලවත් ශාසන ඇල්මක් ඇති වේ. ගත කරන දිවි පෙවෙතකට මානසික සමබරතාව අත්‍යාවශ්‍යයි. අමතන වදනින් එම ගුණය එතුමන් තුළ පවතින බව හැඟෙයි. හාස්‍යය කැටි කර ගත් පුවත් එතුමන් හා කතාබහක යෙදෙන විට ඉස්මතු වෙයි.

එතුමන් වරක් මා සමඟ මෙසේ පැවසීය.

”මට දැන් කන ඇහෙනවා අඩුයි. කවුරු හරි මුකුත් ඉල්ලනවා නම් හොඳටම ඇහෙන්නේ නෑ”

සැබවින්ම මෙය සඳහන් කළේ හාස්‍යය දැනවීමටයි. තමන් වෙතට පත් දැහැමි මූල්‍යාධාර මහා පරිමාණයෙන් මෙතුමන් අධ්‍යාත්මික ගුණ දිවිපෙවෙත නංවාලීම සඳහා වැය කොට ඇත. සපුගොල්ල තපෝදනාරාම මූල මහාවිහාරය, පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමය, බොරගස්ගමුවේ වැඩිහිටි භික්ෂු ගිලන් මධ්‍යස්ථානය යන ආරාම මඟින් බැතිමතුන්ට එය මැනවින් වැටහේ. ඌවපරණගම ලූනුවත්ත නහකඩියේ ශ්‍රී ජිනවංසාරාමයේ සෑ රඳාණන් වහන්සේ නිර්මාණය කිරීමේ මූලික දායකත්වය දැරුවේ  ද උත්තරීතර ස්වාමිපාදයන් වහන්සේ විසිනි. එලෙසින් සසුන ගොඩනැඟීමට පරිත්‍යාග පුහුණු කිරීමේ මහායාන බෞද්ධ දර්ශනයෙන් ද එතුමන් ආලෝකය ලැබුවා විය හැකිය. මෙතුමන්ට වඩින වඩින තැන් වල දී දායකයෝ යම් යම් දේ පුදති. විටෙක කඳුකර සීත පෙදෙසකට වැඩිය එක් උපාසිකාවක් විසින් ආරාමයේදී හිස් පළඳනා ආවරණයකින් පුදනු ලැබුවාය. කෙටි කලකදී එම ආරාමයට මහ නාහිමියෝ නැවත වැඩ වදාළහ. එවිට එම දායිකාව සිටින බව දැන ගෙන.

 ”කෝ මට තොප්පු දාපු උපාසක අම්මා” කියා ඇසූහ.

අසා සිටි සැමට හාස්‍යය මතු වූ අතර උපාසිකාව සිනා මුසු මුහුණින් යුතුව වැඳ නමස්කාර කළාය. මෙමගින් පෙනෙනුයේ කිසිදු නිලවාදි හෝ බුද්ධිවාදී අහංකාර පරවශ බවක් සිය දිවි පෙවෙතට ආරෝපනය නොකිරීමේ උදාර ගුණ සමුදායයි. උදෑසන 4.00 ට අවිදි වී බවුන් වඩා පොත්පත් ලිවීමේ නිරත වෙති. කෙතෙක් වියපත් වුවද නිතර දැනුම ඇති කර ගැනීමට පොත්පත් කියවන මහනාහිමිපාණන් වහන්සේ පසුබත් කිසෙහි දී ද ලෝකාර්ථ චර්යාවේ නිරතව වැඩ වෙසෙති. සැඳෑ සමයේ හා නිශා භාගයේදී ආගමික වතාවත්වල යෙදී බවුන් වඩා ග‍්‍රන්ථකරණයේ යෙදෙති.

නිකායික හා ශාසනික පැන විසඳීමේ දී නිරවුල්ව හා ඉවසීමෙන් සදුපදේශයක් දීම වෙසෙස් ගුණයකි. විවිධ දේශපාලකයන් තමන් වෙතට පැමිණී විට නිවැරැදි උපදෙස් දෙන මුන්වහන්සේ කිසියම් පාර්ශ්වයකට හෝ පක්ෂයකට විශේෂ ලැඳිකමක් නොදක්වා දහමට, රටට, දැයට වැඩවඩන ප‍්‍රකාශයන් කිරීමටම වග බලා ගැනීම ද ජීවිතයේ උදාර ගුණයකි.

ආධ්‍යාත්මික ගුණභාවයෙන් සුපරිපෝෂිත වු මහානාහිමිපාණෝ පෙර අපර දෙදිග සුපතළ කිතුගොස නැගූහ. සිරිලක් දෙරණ තලයට අමිල උත්තුංග මෙහෙවරෙහි යෙදී සඟ සසුන් ගගන ගැබ පහන් තරුවක් සේ රැුස් විදාලූහ. දවුල්දෙණ ඤාණිස්සරාභිධාන යතිවරයාණෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් ප‍්‍රජෝතිමත් වී 2017 අපේ‍්‍රල් මස 03 දින සිහි නුවණෙහි යෙදී අපවත් වූ සේක. උන්වහන්සේට අජරාමර උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා!!  



අදහස් (0)

චාම් ගුණයෙන් පිරිපුන් මහ නා හිමි

ඔබේ අදහස් එවන්න

Dauldena Maha Na Himi

දළ පුට්ටාව ඝාතනය කළ හය දෙනා රිමාන්ඩ්
2017 දෙසැම්බර් මස 01 2818 12

ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංග


චාම් ගුණයෙන් පිරිපුන් මහ නා හිමි
2017 අප්‍රේල් මස 05 858 0

මැනවින් පිළිපන් ඍජු ගුණය සිය දිවි ගුණය බවට පත් කළ උත්තරීතර මහනාසමිඳුගේ සිරිතෙහි බිඳක් මනසෙහි රුවා ගැනීම දිවි පෙවෙතකට එළියක් දෙවන්නකි. අමතන මහ වදන් සිත


දවුල්දෙන මහනාහිමි පරමාදර්ශී චරිතයක් - සන්ධාන මහලේකම්
2017 අප්‍රේල් මස 05 340 0

ජීවත් වූ එක මොහොතක් හෝ අපතේ නොහැර සමස්ත ලෝවාසීන්ගේ උන්නතිය උදෙසා දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් සිදුකළ කාර්ය භාරය ජීවත්වෙන සියලූ දෙනාටම පරමාදර්ශයක


සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවක්
2017 අප්‍රේල් මස 05 234 0

‘‘ආදර්ශවත් සරල දිවිපෙවතක් ගතකළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ගිහිxපැවිදි සියලූ දෙනාගේ ආදර ගෞරවයට පාත‍්‍ර විණැයි’’ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහ


බුදු සසුන ව‍ෙනුෙවන් කළ සේවය රෙ වැසි සිත්හි බොහෝ කල් රැදෙනු අැති
2017 අප්‍රේල් මස 05 313 0

අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් සම්මුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ සේවය රටවැසියන්ගේ සිත්හි බොහෝ කාලයක් රැඳෙනු ඇ


නොසැලෙන ගුණයෙන් යුත් මහ නාහිමියෝ
2017 අප්‍රේල් මස 05 538 0

පරසිදු ඌව පළාතේ දවුල්දෙණ ග‍්‍රාමයේදී එගම්වැසි ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතා හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යුවතිපතීන්ට ධන්‍ය පුණ්‍ය ලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site