IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල

විනීතා එම් ගමගේ

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

ඉකුත් සතිය වනතුරුත් අගමැති ඉවත් කිරීම, මහබැංකු මංකොල්ලයේ මහ මොළකරු රටට ගෙන ඒම වැනි රටට බලපාන ප‍්‍රශ්න ගැන ජනතා අවධානය යොමු වී තිබුණත් මේ සිද්ධිය සමඟ එක්සත් ජාතික පක්ෂයට හා ආණ්ඩුවට එල්ල වී තිබු අප‍්‍රසාදය ඉවත් වීමේ සහනය ඔවුන් ලබන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය. 

මෙම ගැටුමට මුල් වූ හේතු මෙන්ම 24 දෙනා අත් අඩංගුවට ගැනීම ඇතුළු සියලූ කරුණු පිළිබ`දව තොරතුරු සොයා බැලිම සඳහා වන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසිය.   

රට අතිශයින් බැ?රුම් තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මොහොතක්. මේ ජාතිවාදි ගැටුම් වහා  නැවතුනේ නැත්නම් රට යළි ගොඩ ගත නොහැකි ආගාධයකට තල්ලූ වෙනවා. 
ගැටුම්වල නියුතු සියලූ පාර්ශවවලින් විශේෂයෙන් සිංහළයන් වෙනුවෙන් හ`ඩ නැගූ සිංහල මන්ත‍්‍රී කෙනෙක් ලෙස මා ඉල්ලා සිටින්නේ වහා සමථයකට එන ලෙසයි. 

විපතට පත් අයට අපේ සාතිශය සංවේගය පළ කරන අතර ඔවුන්ට උපකාර කරන්නැයි ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල තරුණයෙක් මරා දැමීම නිසා මේ ගැටුම ඇති වෙලා කියා කිව්වත් එය නොවෙයි මේ සිදුවෙලා තියෙන්නේ.

කුමාරසිංහගේ මරණයට අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කළා. නීතිය නිසිලෙස ඉටුවන බව දැන ජනතාව නිහ`ඩව සිටියා. නමුත් මරණය සිදුවූ ප‍්‍රදේශයේ කඩ කාමර පහක් ගිනි ගත්තා. ගිනි තිබ්බද ගිනි ගත්තද තවම දන්නේ නැහැ. ඒ අතරේ එතෙක් නීතියට අනුව වැඩ කළ පොලිසිය මළ ගෙදර ආ බස්රථයක සිටි 24 දෙනෙක් අත් අඩංගුවට ගත්තා. 

මේ අහේතුක අත්අඩංගුවට ගැනීමෙන් ජනතාව කුපිත වී ඇති බව දිලූම් අමුණුගම මන්ත‍්‍රීවරයා පොලිස්පතිවරයාටත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නාම මන්ත‍්‍රීතුමා කළබල නොවී ඉන්න කියා පොලිස්පතිතුමා ඉතා උද්ධච්ච ස්වරූපයෙන් කියා තිබෙනවා.

එදා තමයි කළබල ඇති වෙලා තියෙන්නේ. නීතිය නිසි ලෙස ඉටු වී නැතැයි දැනුනොත් තමයි ජනතාව නීතිය අතට ගන්නේ. මේක ලොව පුරා ඇත්තක්. එහෙම සිද්ධි අපි දැක්කා. පොලිස්පතිතුමා කිව්වේ ඔහු නීතිය නවනවා කියලයි. මේ හරහා නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබඳ ජනතාවට ඇතිවුණ සැකය තමයි මේ ගැටුමට අවශ්‍ය පළමුවැනි ගිනිපුඟුව බිහිකළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. 



අදහස් (38)

ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල

sathya Wednesday, 07 March 2018 02:54 PM

නමට පිවිතුරු, කොහේ තියන එකක්ද කියලා දන්නේ නැ. හෙළයා ගැන කෙසේ වෙතත් එකාගේ ගොඩ පුරවගන්න හදනවා. එක ඡන්දයක්වත් දෙන්න හොඳ නැහැ.

:       825       1028

ගලබොඩ අත්තේ චමින්ද Wednesday, 07 March 2018 03:37 PM

අද දවසේ ඔබතුමා තරම් සතුටුවන කෙනෙක් මේ ලංකාවේ නැතුව ඇති. ජාතිවාදය අවුස්සලා දැන් කිඹුල් කඳුළු හලනවා. තනියම තරඟ කරලා ඡන්ද දහයක්වත් ගන්න බැරි මේ වගේ අය නිසා මුලුරටක් අද අඩාල වෙලා. පින් අයිතිවෙයි දැන්වත් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න රට ගිනිතියන්නේ නැතුව...

:       26959       27238

Nishan Wednesday, 07 March 2018 08:10 PM

ජාතිවාදයේ පියවරු ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොර දේශපාලනයක් නැති ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව පැවැත්මක් නැති ජාතිවාදය අවුස්සන්න කඩු, කිනිසි අරන් පුවත්පත් සාකච්ඡා වලට පවා එන නිවට දේශපාලකයන් මේ රටේ සාමයට, සමගියට ඇති ලොකුම බාධාවයි... පිළිලයයි.

:       792       1037

bandulaWednesday, 07 March 2018 11:37 PM

අර සුදු මහත්තය මෙයාට දාපු වංචා නඩුව තාම ඉවර නැනේ...........එතකන් මෙයා රට ගිනි තිය තිය ඇවිදිනවා.....

:       5464       6011

ගුණවර්ධන Thursday, 08 March 2018 06:11 AM

තනියම තරග කරපු රටේ ජනාධිපතිටත් සමහර ප්‍රදේශවලින් ගන්න පුළුවන් උනේ ජන්ද කීයද..?එහෙව් එකේ මේ වගේ සුළු පක්ෂයක් ගැන කවර කතා ද..?

:       556       1086

Silva Wednesday, 07 March 2018 03:38 PM

ඉතිහාසයේ ඉඳන්ම පෙට්‍රල් දාපු කෙනෙක්ම දැන් කතා කරනවා...

:       4092       4228

kasum Wednesday, 07 March 2018 03:59 PM

මේ නම් මහා මූසල වැඩක්. මිනිස්සු මරාගන්නකොට මේ හදන්නේ තවත් ගිනි තියන්නයි.

:       1374       1540

RNG Thursday, 08 March 2018 11:13 AM

මැදහත්කම, වැදගත්කමක් නිසාම ලාභගැනීම දුෂ්කරයි..

:       49       68

erdi Wednesday, 07 March 2018 04:09 PM

කියන්නේම වාචාල කතා... ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා නෙවෙයි. ආණ්ඩුවට යන එන මං නැතුව ඉන්නේ. හැබැයි මෙවැනි වාතාවරණයක් රටතුල ඇතිවෙලා රට ව්‍යාකූල වෙනවට උඩින්ම කැමති බොරුවට කිඹුල් කඳුළු හෙලන නඩය තමයි මේ..

:       1       13

Sathyayaa Wednesday, 07 March 2018 09:03 PM

මේ ගැටුම් ඇතිකරන සූත්තර ක්‍රමවේදය, ඔබේ සූත්තර පුංචි මොළයට ආවේ නැත්නම් මහින්ද රාජපක්ෂ ළඟ ඔබට කරන්න සේවයක් ඉතිරි වන්නේ නැහැ.

:       733       1008

සෙනෙවි ගාල්ල Wednesday, 07 March 2018 11:38 PM

මේ ජරා කට වහන්න සේරටම කලින්

:       2279       2409

සෙනෙවි ගාල්ල Wednesday, 07 March 2018 11:39 PM

මහින්දගේ කුණුහෝදන රටටම පළිලයක් වූ අසාමාන්‍ය මිනිසා................

:       1841       2240

rohan Thursday, 08 March 2018 12:31 AM

මෙයාගේ පවූලේ අය ( බිරිද,ළමයි ඉන්නේ ඕස්ට්‍රේලියවෙ, අම්මා ඇතුලු අනෙක් අය ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ.) මෙයා ලංකාවට වෙලා පිරුවට ඇදගෙන ජාතිවාදය අවුස්සනව. තමන්ගේ බලය රැක ගන්න ඔය කරන අමන වැඩේ දැන්වත් නවත්වන්න.

:       1577       2202

sunethThursday, 08 March 2018 01:23 PM

කවුරු ජාතිවදය ඇවිස්සුවත් ආණ්ඩුව මිනිසුන්ට ඉල්ලපු වෙලවෙ අරක්ෂාව දුන්න නම් මේ වැඩ වෙන්නෙ නෑ..

:       1388       925

sarath Thursday, 08 March 2018 01:33 AM

මෙතන එක එක්කෙනාට වරද පටවල හරියන්නේ නැහැ.ඔයගොල්ලෝ පත් කරලා තියෙන්නේ රටේ තත්වේ උසස් කරන්න.මුස්ලිම් එකා කියනවා සිංහල ය වැරදි කියල.සිංහල එකා කියනවා ආණ්ඩුව වැරදි කියල.ආණ්ඩුව කියනව බෞද්ධයා වැරදි කියල.අන්තිමට පළමුව ගල ගහපු එකා නිදහස් .ජාති වාදී න් ට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න.මුස්ලිම් ඇමතිලාට ඇවිත් මුස්ලිම් අය බේරගන්නත්.සිංහල ඇමතිලාට ගිහින් සිංහල අය බේරගන්නත්.නැගෙන හිර පන්සල් කඩන උන් නිදහස් කරන්නත් ,විල්පත්තු කපන උන් නිදහස් කරන්නත් ,පල්ලි ගිනිතියන උන් නිදහස් කරන්නත් ගියොත් කවුරුත් නීතියට ගරු කරන්නේ නැහැ.වැරදි නම් කුඩුවේ දැම්මනම් හරි නේ.

:       230       1007

ලුම්බිණි Thursday, 08 March 2018 03:16 AM

ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගන්නේ ඔබ තුමාල මිස වෙන කවුරුවත් නොවෙයි.

:       1248       1528

HarrySL Thursday, 08 March 2018 04:45 AM

මෙම සිදුවීමෙන් සියලුම දේශපාලකයින් වාසි ලබා ගනී. මහජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි දේශපාලන අස්තාවරතාවන් ඇති වන්නේ අතීතය අමතක කර වර්තමානයේ ජීවත් වන නිසාබයි. පටු දේශපාලනය කරන්නාවුන් ජයගෙන අහවරයි. අසරන වුනේ සාමාන්‍ය ජනතාව පමනයි. මෙම සිදුවීමත් තව ටික කලකින් අතීතයට එකතුවෙ‍යි. දෙපැත්තට බෙදිල බල තන්හාවට කුලල් කාගන්නකන් මේ ගැටලු කිසිවක් විසදෙන්නේ නැත. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දිය යටින් ගෙන යන ගින්දරින් මුලු රටම ගිනි ගෙන අස්තාවර විය. "ඕනෑම සිදුවීමක් දේශපාලනය = මහ විනාශයක්"

:       0       903

Sam Thursday, 08 March 2018 05:48 AM

මේ අයට දුන්න ජනතා ප්‍රසාදයේ විපාක ....

:       1655       1849

kalani Thursday, 08 March 2018 06:04 AM

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිමග්න වන පිවිතුරු පාලකයන් අපිට නැත. විශේෂයෙන් පිවිතුරු කියා දෙයක් අපේ මව්බිම තුල ඉතිරිව නැත.ගිලිහි ගිය රාජ්‍ය බලය අවලස්සන අන්දමින් හෝ ලබාගැනීමට දරන කුහක කතාය .

:       13       218

ajith Thursday, 08 March 2018 06:12 AM

ආණ්ඩුව වාසි ගැනීම කොහොම වෙතත් මේ කට්ටියටනම් මේ සිද්ධිය නිසා වාසි ගන්න හැකිවූ බව නම් පේනවා. මේ ගොල්ලන් කියන්නේ මේ රජය අපු දවසේ සිට මුස්ලිම් මිනිස්සුන්ට තමයි තැනක් තියෙන්නේ. මහා ජාතියට එහෙම නැහැ. මෙතනදීත් වෙන්නේ ඕකයි. ඕව කිව්වහම අපේ මිනිස්සුත් ඒවාට අහු වෙනවා. විල්පත්තුවේ ඉඩම් විනාශයට මුල පිරුවේ මේ කට්ටිය බව දැන් අමතක කරලා ඉන්නේ.

:       871       976

කොබා Thursday, 08 March 2018 06:20 AM

ඍජු තීන්දු ගන්න පුළුවන් නම් ඔය කිසි ප්‍රශ්නයක් මේ තරම් දුර දිග යන්නේ නැහැ, එත් ඒ තීන්දු ගන්න බැරි ඒ සඳහා අවශ්‍ය දේශපාලන බලය නැති නිසා වෙන්නත් පුළුවන්, එත් රට කරවන අය දැනගන්න ඕන මිනිස්සුන්ට කරුණු පැහැදිළි කරලා පෙන්වා දෙන්න, එහෙම තමන්ම ආදර්ශයක් දුන්නා නම් අධි සුඛෝපභෝගී වාහන සුවපහසු ව වෙනුවට රට ගැන හිතල කැපකිරීම් කරලා පෙන්නුවා නම් මිනිස්සු ඒ අනුව යමින් රට හදන්න කැපකිරීම් කරනවා, ආණ්ඩුවට අවශ්‍ය දේශපාලන බලයත් ලැබෙනවා. අවාසනාවට මේ රටේ දුර්ජන පිරිසක් දේශපාලනයට එන්නේ රටට සේවයක් කරන්න නෙවේ, ප්‍රතිපත්තියක් ඇතිව වැඩ කරන්න නෙවේ, ඔවුන්ගේ එකම උවමනාව බලය අරන් සැප විඳින්නත් තව හම්බ කරන්නත් පමණයි, මෙහෙම තක්කඩි තමයි ආණ්ඩු මාරු වුනත් ඇමතිකම් වල ඉන්නෙත්, පැරදුනත් මන්ත්‍රීකම් ඇමතිකම් ලැබෙන්නෙත්, මොවුන්ට අනුග්‍රහ කිරීමෙන් ම ජනාධිපති අගමැති ආදීන් මේ තත්වය වඩා හොඳ තත්වයකට පත් කරන්න උවමනා බව පෙන්වල නැහැ, මේ තත්වය තව දිගට ගෙන ගියොත් ඊ ළඟ ජනාධිපතිවරණයෙන් තමන්ට ඒකාධිපතියෙක් වැනි නායකයෙක් උවමනා කියන තත්වයට මිනිස්සු තල්ලු වෙනවා, දැනටත් සමීක්ෂණයක් කර බැලුවොත් රට හදන්න නම් ඒකාධිපතියෙක් ඕනා කියන පිරිස ඉතා විශාලයි,

:       33       179

CiscoThursday, 08 March 2018 09:25 AM

ඇයි ආණ්ඩුවට ඍජු තීරණ ගන්න බැහැයි කියන්නේ? ශිෂයින්ට ගහන්න ඍජු තීරණ ගන්න පුලුවන්නම් ඇයි මේ වගේ වෙලාවට තිරණයක් ගන්න බැරි....

:       17       832

කොබා Thursday, 08 March 2018 11:51 AM

සමාජජාලවල රවුමක් ගහලා ආවොත් ජාතිවාදී ප්‍රකාශ වලට කොයිතරම් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවාද? ශෙයාර් කෙරෙන සංඛ්‍යාව ඉතා ඉහළයි. කාලයක් තිස්සේ පැවතුණු යම්කිසි අසාධාරණයක් නිවැරදි කරලා යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ගත්තාත් ඔය කියන සමාජ ස්ථරයෙන් "ඇද්ද සහජීවනේ, මේ සහජීවනේ නිසා විනාශ වෙනවා"... මීට සමාන අදහස් දකින්න පුළුවන්... (මේක සිංහල අයට පමණක් වෙන් වුණු කාරණයක් නොවෙයි. මේ සමාජය ඉතා නරක අන්දමට බෙදී වෙන් වෙලා තියෙනවා. විවිධ ජනවර්ගවලට තමන්ගේ ජාතිය විශේෂයෙන් පෙරට තියාගෙන නොයෙක් සිදුවීම් ඒ ජාතියේ කණ්ණාඩියෙන් බලන්න යන එක මේ දෙයට උදාහරණයක්..) ඉතින් දුර්වල දේශපාලනඥයින්ට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔය කියන ස්තරය තරහ කරගන්න බැහැ. එ්ක තමයි මේ රජයේ ඍජු තීන්දු ගන්න බැරි කම. යම් හෙයකින් මේ බෙදීම තදින් පාලනය කරගන්න බැරි වුණොත් මේ තෙල්දෙණියේ සිදුවීම වගේ සුළු දෙයකින් ඉතා දරුණු ඛේදවාචකයක් අත් විඳින්න සිදු වේවි!!! එ්ක ඊළඟ සිවිල් යුද්ධය වේවි... මේකට තියෙන විසඳුම දරුණු ඒකාධිපතියෙක් පත්කර ගැනීම නොවෙයි. කල යුතු දෙය නම් ප්‍රබල ව්‍යවස්ථාවක් හදලා සර්කියුලර් ආණ්ඩුවක් හදන එක...

:       744       864

කොබාThursday, 08 March 2018 11:53 AM

ඒ දෙය මේ ආණ්ඩුව පත් වුණු මුල් වසර දෙක තුළ කරගන්න තිබුණා. එ්ත් අවාසනාවට අපට ඒ අවස්ථාව අහිමි වුණා. පසුගිය පළාත් පාලන ඡන්දයෙන් ඒ විසඳුමට අන්තිම ඇණයත් ගසා වල දැමුවා. මේ ගැටළු තේරුම් ගන්න තරම් ශක්තියක් නැති දේශපාලනඥයන්, සිවිල් ප්‍රජාවක් සිටීම මෙයට හේතුවයි. ඉතින් මට පෙනෙන අන්දමට අපි යන්නේ ස්වයං විනාශය වෙතටයි. ශිෂ්‍ය ගැටළු කියන්නේ ඔය ප්‍රධාන ප්‍රශ්නයේ අතුරු ශාඛාවක් විතරයි.

:       790       897

Ajith Thursday, 08 March 2018 01:27 PM

පොලිසිය බලන් ඉදිද්දි අපරද වෙලා තියෙන්නෙ. කගෙද එතකොට වරද??

:       872       769

John Thursday, 08 March 2018 02:16 PM

මේ තවත් රට ගිනි තියතියා යන චරිතයක් තමයි. මෑතකදී මාධ්‍යයට දුන් සියලුම වොයිස් කට් හොඳින් බලන්න. සිංගප්පූරුවේ වගේ ඉඳන් මෙවැනි ප්‍රකාශ කරා නම් මෙලහකට මරණ දඩුවමත් ලැබිලා. කොන්ද පණ තියෙන නායකයෙක් රටට නොමැති අවුල තමයි මේ ඔක්කොටම හේතුව....

:       321       435

suduputha Friday, 09 March 2018 03:20 AM

ඔබ කියන දේ හරි ආණ්ඩුව මේවා වෙන්න ඉඩ හැරලා දැන් ඒකෙන් වාසි ගන්නවා

:       840       1035

vidya Friday, 09 March 2018 03:21 AM

එනවා හලෝ අපේ ගමට. වාචාල දොඩන්නේ නැතිව කුඹුරක් අස්වද්දන.

:       37       69

Chandra Friday, 09 March 2018 03:54 AM

හැමදාම මොනවා හරි අව්ලක් කරලා දොඩවනවා .

:       230       347

ajithkaru Friday, 09 March 2018 05:49 AM

පවතින ආණ්ඩුවකට කොහොමද මේ වගේ සිදුවීම් වාසි වෙන්නේ. කල කෝලාහලය වැඩි වෙනකම් පොලිසිය නිහඩව බල සිටිය කියන්නෙත් ඔහෙලමයි. ඒක නිසා මුස්ලිම් වරුන්ට හිරිහැර උණා කියල කඳුළු හෙලන්නෙත් ඔයාලමයි. වරකදී කියනවා මුස්ලිම් ජාතියට රජය සලකන්නේ නැතය කියල ඒක කියල සිංහලයින්ට කියනවා මේ රජය මුස්ලිම්වරුන්ට ඕනේ දෙයක් කරන්න ඉඩ දෙනවා කියල. එහෙම වෙනකොට කවුද මේකෙන් වාසි ගන්නේ කියල අපිට නම් හොඳට තේරෙනවා. .

:       953       1068

gamini Saturday, 10 March 2018 03:48 AM

ගම්මන්පිල ලා ට වුවමනා වුදේ කෙරුනේ නැතිනිසා උඩු බුරනවා ජනතාව ඇත්ත දන්නවා

:       592       826

RAVINDRA Saturday, 10 March 2018 04:10 AM

ජාතිවාදී අන්තවාදය වැපුරුවේ කවුද කියා බුද්ධිමත් ජනතාව හොදින් දන්නවා .. වැදිබණ එපා .

:       732       1015

shehan Saturday, 10 March 2018 02:53 PM

අද දවසේ ඔබතුමා තරම් සතුටුවන කෙනෙක් මේ ලංකාවේ නැතුව ඇති. ජාතිවාදය අවුස්සලා දැන් කිඹුල් කඳුළු හෙලනවා. තනියම තරඟ කරලා ඡන්ද දහයක්වත් ගන්න බැරි මේ වගේ අය නිසා මුලු රටක් අද අඩාල වෙලා. පින් අයිතිවෙයි දැන්වත් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න රට ගිනිතියන්නේ නැතුව...

:       694       797

shehan Saturday, 10 March 2018 02:55 PM

මෙයාගේ පවුලේ අය (බිරිඳ, ළමයි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, අම්මා ඇතුලු අනෙක් අය ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ.) මෙයා ලංකාවට වෙලා පිරුවට ඇඳගෙන ජාතිවාදය ඇතිකරනවා. තමන්ගේ බලය රැක ගන්න ඔය කරන වැඩේ දැන්වත් නවත්වන්න.

:       122       356

පැට්‍රික් ෆෙර්නෑන්ඩෝ Monday, 12 March 2018 05:39 AM

වැසි කිළි විවුර්තව තිබෙන විට දුඟද පැතිරේ...මොහුත් එම පිලෙ තවත් අයත දුඟද පතුරුවයි...පතුරන දුගඳ රටට ම දැනේ.... හොරෙකු ත්වත් අය විවේචනය කිරීම හාස‍යය ජනකය.... වැසිකිලි කටවල් වැසීම ආණ්ඩුවේ යුතුකමයි..

:       568       793

Rathna Thursday, 15 March 2018 02:11 AM

ඔබතුමාට මම ගරු කරනවා.

:       65       0

rocky Monday, 19 March 2018 08:42 AM

අයියෝ .. මේ මූණත් තහඩුව දැන් වත් අයින් කරන්නකෝ!

:       0       1

Sugath Wednesday, 21 March 2018 03:58 AM

ජාතිවාදය අවුස්සන රටේ පුර වැසියන්ට නින්දා කරන දේවල් කරන පුද්ගලයන් මෙලොවෙන් තුරන් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site