IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක

කේ බුද්ධික කුමාරසිරි
 
පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි  කියමින් එයට විරෝධය පල කර එම නගර සභාවේ එජාප කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු පිරිසක් නවගමුව පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක් අද (14) සිදු කළේය.
 

එම පිරිස දේව කන්නලව්වක් කරමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ කඩුවෙල මහ නගර සභාවේ ලැයිස්තු මන්තී‍්‍ර ධූර සඳහා අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මුදල් ලබා ගනිමින් මන්තී‍්‍රවරු පත් කර ඇති බවත් පක්ෂ ප‍්‍රතිපත්ති වලට එරෙහිව යමින් හිටපු නගර සභාවේ විපක්ෂ නායකවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද්වේෂ සහගත ලෙස ඉවත් කිරීමට කටයුතු තර ඇති බැවින් මෙම අකටයුත්තට දායක වූ අමාත්‍යවරයා ඇතුළු පිරිසට දඩුවම් ලබා දෙන ලෙසයි.
 
අනතුරුව කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු හිටපු මන්තී‍්‍රවරු සහ පාක්ෂිකයෝ නවගමුව නගර මධ්‍යයේ විරෝධතාවයක්ද පැවැත්වූහ.



අදහස් (15)

එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක

Ajith Nissanka Wednesday, 14 March 2018 05:10 PM

අනේ දෙවියනේ මේ කන්නලව්ව අසා හැමෝටම අං කුට්ටම බැගින් ලබා දෙන්න!

:       6       102

kumar (galf) Wednesday, 14 March 2018 05:36 PM

අනේ මෙගේම හරක් රැලක්....... පිළිම වලට පුලුවන්ද මන්ත්‍රී තනතුරු දෙන්න?

:       11       301

Sathyayaa Thursday, 15 March 2018 12:15 AM

පොල්ගහලා දෙවියන්ට කන්නලව් කරලා මන්ත්‍රී කම ලබා ගන්න පුලුවන්නම් ජනතාවගේ මුදල් බිලියන් වලින් නාස්තිකරලා මැතිවරණ තියන්නේ ඕනේ නැහැනේ.

:       4       35

gawus Thursday, 15 March 2018 12:19 AM

ඉතින් පොල් ගණන් යන්නැද්ද ?

:       3       13

sam Thursday, 15 March 2018 06:02 AM

එතකොට පත්තිනි දෙවියන් හැර ඉතුරු තිස් දෙකෝටි අනු නම ලක්ෂ අනු නම දහස් නමසිය අනු නමයක් වන ඉතිරි දෙවි වරු අනික් පක්ෂේ අයට උදව් කලොත් මොකද වෙන්නේ ?

:       3       28

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 15 March 2018 09:44 AM

මේ වගේ අයද මේ නගර සභාවට එන්න හදන්නේ

:       1       3

KASUNITuesday, 20 March 2018 07:17 AM

මමත් කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ. මෙයා කැම්පේන් කලේ නම් ටයි කෝට් දාගෙන. හැබැයි වැඩ නම් හරි ග්‍රාමියයි.

:       0       1

lalith Friday, 16 March 2018 12:38 AM

දෙවි වරුත් ඡන්ද දායකයෝ වගේ කියල හිතුවද හැමදාමත් රවට්ටන්න?

:       1       5

C.J.Ratnayeke Friday, 16 March 2018 10:46 AM

ඕනෑම කෙනෙකුට දේව කන්නලව්වක් කිරීමට අයිතියක් තියෙනවා.

:       51       24

p. de. silva - Canada Friday, 16 March 2018 02:48 PM

මෙහෙමත් මනුෂ්‍ය ආත්ම ලබා ඉපදී අමුතු විදිහට හැසිරීමක්නේ... පෙර කල පව් තමා. කලින් රටවටේ මහ පාරවල්, වට රවුම් හන්දිගානේ, පන්සල්, දේවාල, කෝවිල් ගානේ පොල්ගසමින්, ගම්මිරිස් අඹරමින්, උයන් කන හට්ටි මුට්ටි පොළොවේ ගසා බිඳිමින් ශාප කරපුවගේ ප්‍රතිඵල තමයි රටේ ජනතාවත්, රටත් විඳින්නේ... අමු කැවිලා වගේ හැසිරෙමින්.. උඩ බලන් කෙල ගැසූ විට වැටෙන්නේ තමාගේ මූණට බව නොදන්නා මෝඩ මිනිස්සු... මේවා දැන් දේව කෝප සහ ශාප බවට පත්වී බූමරංගයක් සේ නැවත එමින් පවතී. කෲර, බලලෝභී, වංචාකාර මැර දේශපාලකයන්ට ඇහුම්කන් දෙන්නන් සිටීම දුකට සහ රටේ අවාසනාවකි.

:       1       4

Kumar Friday, 16 March 2018 04:43 PM

මේ විදියට ලංකාව එක්ක දෙවියෝ තරහ වෙනවා. තමා හරියට සේවය කළා නම් ඡන්ද ලැබෙනවා නේද?

:       0       3

ajith Friday, 16 March 2018 10:33 PM

මේ වගේ මිථ්‍යාවෙන් පිරුණු හිවල්ලුන්ට ඡන්දය දෙන ගොන් ඡන්ද දායකයින් මීටත් වඩා මන්ද බුද්ධික පිරිසක් බව මොනවට පැහැදිලියි.

:       2       36

ajith Sunday, 18 March 2018 04:19 AM

දෙවියන්ට හැමදේම කරන්න පුළුවන් නම් දේශපාලකයෝ මොකටද?

:       2       3

NIMAL Monday, 19 March 2018 12:11 PM

තාමත් ඉන්නේ ගල් යුගයේද?

:       0       8

rocky Friday, 23 March 2018 01:55 PM

දෙයියියන්ට ප්‍රමාණවත් අල්ලසක් දුන්නා නම් මීට වඩා හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2822 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5053 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site