IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


යුද අපරාධ සොයන්න ජාත්‍යන්තරයෙන් ඉල්ලන සිවාජිලිංගම්

ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවලින් රණවිරුවන් සහ රජය ආරක්ෂා කර ගැනීමට විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් තිබියදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශය තුළින් දෙමළ ජනයාගේ මානව හිමිකම් කඩ වූ බැව් සනාථ වන බවට ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ ප‍්‍රකාශ කිරීමට කොටි හිතවාදීන්ට හා උතුරේ දේශපාලනඥයන්ට මඟ පෑදී තිබේ. 

 

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ කි‍්‍රයාවලියක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා රජය කෙරෙහි දෙමළ ජනයාගේ විශ්වාසයක් නොමැති බවත්, දෙමළ ජනයාගේ වාර්ගික අර්බුදයට විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති අතර ඔවුන් දෙමළ ජනයා හා ජාත්‍යන්තර ප‍්‍රජාව මුළා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.   


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 සැසිසවාරය පසුගිය සැප්තැම්බර් 19 වැනි දා ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එහිදි ප‍්‍රකාශ කර සිටියේ ගතවූ වසර දෙකහමාර තුළ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ජනතා අයිවාසිකම් සුරැකීම වැනි කරුණු පදනම් කර ගනිමින් 

සාර්ථක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කිරීමේ කාර්යය ඉටු කර තිබෙන අතර ඉදිරි කාලයේ එම කරුණු තව දුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බවයි. 30 වසරක් පුරා යුද්ධයක් පැවැති රාජ්‍යයක් හා බෙදී තිබූ රාජ්‍යයක් වශයෙන් ජනතාව තුළ සමගිය ඇති කොට සමගිය සහෝදරත්වය සහිත රටක් ගොඩ නැඟීමට සියල්ලන්ගේ සහය ලබා දෙන ලෙසටද ඔහු ඉල්ලා සිටියේය. 


ගරු ජනාධිපතිවරයා මෙම සැසිවාරයට සහභාගී වීමට දින කිහිපයකට පෙර හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විවාදයට තුඩු දෙන ප‍්‍රකාශයක් සිදු කර තිබිණි. හිටපු හමුදාපති ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කළ බවට වන සාක්ෂි තමා සතු බවට ඔහු ප‍්‍රකාශ කළේය. තමා යුද හමුදාපතිවරයාව කටයුතු කළ සමයේ ජගත් ජයසූරිය සිදුකළ සියලු අපරාධ පිළිබද තොරතුරු තමා සතු බැවින් ඕනෑම පරීක්ෂණයකදී ඒ පිළිබඳව සාක්ෂි ලබා දීමට තමා සූදානම් බවද ඔහු කියා සිටියේය. 


උතුරු පළාත් මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම්ට සරත් ෆොන්සේකාගේ මෙම ප‍්‍රකාශය කනට මී පැණි වත් කිරීමක් බඳු විය. පසුගිය 22 දින එක්සත් ජාතීන්ගේ 36 වැනි මානව හිමිකම් සැසිවාරයේ 27 වැනි හමුවේදී සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශය මූලික කර ගනිමින් මෙරට සිදු කෙරුණු යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ කි‍්‍රයාවලියක් ස්ථාපනය කරන ලෙසට ඔහු ඉල්ලා සිටියේ ෆොන්සේකාගේ ප‍්‍රකාශය පාදක කර ගනිමිනි. 


එම සැසියේදී ඔහු මෙලෙස සඳහන් කළේය. ‘ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනයාට එරෙහි ජනසංහාරක ක්‍රියාවලියක නිරත වුණා. එහෙත් ඒවාට වගකිවයුතු කිසිදු පුද්ගලයකුට මෙතෙක් දඬුවම් ලැබී නැහැ. මේවාට වගකිවයුතු ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් වශයෙන් උසස්වීම් පවා ලැබුවා. යුද හමුදාපතිවරුන්ට හෝ කිසිදු රණවිරුවකුට විරුද්ධව ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා. 


ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබෙනවා හිටපු යුද හමුදාපතිවරයකු වන ජගත් ජයසූරිය ඇතුළු හමුදා නිලධාරීන් 30 දෙනකු පමණ යටත් වූ දෙමළ ජනයා සම්බන්ධයෙන් යුද අපරාධ සිදු කළ බවට හා මානව හිමිකම් කඩකළ බවට සාක්ෂි ඇති බවට. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර අධිකරණමය කි‍්‍රයාවලියක අවශ්‍යතාව මෙවැනි සිදුවීම්වලින් මනාව තහවුරු වෙනවා. වින්දිත දෙමළ ජනයා වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණ කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක කරන ලෙසට හා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් මගින් දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා දීමට කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිනවා.’ යනුවෙන් ඔහු සඳහන් කර තිබේ. 


උතුරේ ජනයාට ඇති අර්බුද සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙලෙස සඳහන් කළේය. ‘රජයේ හමුදාව අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම් වැඩි ප‍්‍රමාණයක් තවමත් නිදහස් කර නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ ප‍්‍රශ්නයටත් මෙතෙක් විසඳුම් ලැබී නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට ජිනීවා නිර්දේශ මත ආරම්භ කෙරුණු කාර්යාලය තවමත් විමර්ශන ආරම්භ කර නැහැ. 


කලක් විමුක්තිකාමීන් වශයෙන් සටන් කළ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුනට කඩිනම් අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගැනුණා. මෙහිදී ශ්‍රී ලංකා හමුදාව ඔවුනට සිංහල ඉගෙන ගැනීම අනිවාර්ය කර තිබෙනවා. එවැනි ක්‍රියා මගින් ඔවුන්ගේ දෙමළ ජාතිකත්වය සහ සංස්කෘතියට බලපෑමක් ඇති විය හැකියි.

පුනරුත්ථානය කිරීමෙන් පසු එම පුද්ගලයන්ට තමන්ගේ නිවෙස් කරා යෑමට අවස්ථාව හිමි වුවද ඔවුන් තවමත් ජීවත් වන්නේ විවෘත සිරගෙදරක සිටින තත්ත්වයට නොදෙවැනිවයි. ඔවුන් නිරතුරුව බලධාරින්හට වාර්තා කළ යුතුයි. පුනරුත්ථාපන කඳවුරුවලදී රාජ්‍ය නිලධාරීන් වෙතින් තමන් විවිධ වධබන්ධනවලට හා ලිංගික අපයෝජනයට පාත‍්‍ර වූ බැව් නිදහස ලද ඇතැම් පුද්ගලයන් ප‍්‍රකාශ කර තිබෙනවා. 


ශ්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහයෙන් යුතුව 30/1 යටතේ 2015 සැප්තැම්බර් මාසයේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. එහෙත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ඵලදායික පියවරක් ගැනීමට රජය කටයුතු කර නැහැ. ඊට අමතරව ඔවුන් ඉටු කරන බවට පොරොන්දු වූ වෙනත් කරුණුද ඉටු කිරීම මේ වන විට ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව වත්මන් රජයෙන්ද දෙමළ ජනයාගේ වාර්ගික අර්බුදයට විසඳුම් අපේක්ෂා කළ නොහැකියි’ යනුවෙන් ප‍්‍රකාශ කර තිබේ. 


ඊළාම් යුද්ධයේ අවසන් සමයේ මෙරට හමුදාව අතින් දෙමළ ජනයාට එරෙහි යුද අපරාධ සිදු කෙරුණු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළේය. ඒවා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවිය යුතු බවටද යෝජනා කෙරිණි. එහෙත් එවැන්නක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකාව තුළම අපේ ප‍්‍රශ්න විසදාගත හැකි බවටත් ශ්‍රී ලංකා රජය කියා සිටියේය. ශ්‍රී ලංකා හමුදා කිසි විටෙක යුද අපරාධ සිදු කර නොමැති බවටත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ළඟම ඥාතීන්ගේ පවා මානව හිමිකම් ආරක්ෂා කර දීමට ඔවුන් පියවර ගත් බවත් පසුගිය ජුනි මාසයේ පැවැති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ලබා ගැනීමේ කමිටුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර අවධාරණය කළේය. ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවලින් රණවිරුවන් සහ රජය ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබියදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශය තුළින් දෙමළ ජනයාගේ මානව හිමිකම් කඩ වූ බැව් සනාථ වන බවට ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ ප‍්‍රකාශ කිරීමට කොටි හිතවාදීන්ට හා උතුරේ දේශපාලනඥයන්ට මඟ පෑදී තිබේ. 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 



අදහස් (0)

යුද අපරාධ සොයන්න ජාත්‍යන්තරයෙන් ඉල්ලන සිවාජිලිංගම්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 154 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16134 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2785 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5237 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3929 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site