IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මතට එරෙහි බක්මහ දිවුරුම

 

 

‘‘මතින් තොර රටක්’’ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පනාවකට අනුව සංවිධානය කර තිබූ බක්මහ දිවුරුම වැඩසටහන අප්‍රේල් 3දා කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.


ශ්‍රී ලංකාව යනු ලොව අන් කිසිදු ශිෂ්ටාචාරයකට හෝ චර්යා ධර්ම පද්ධතියකට හෝ පසුපසින් තැබිය හැකි රටක් නොවේ. සංස්කෘතික උරුමයන් පදනම් වූ සාඩම්බර ඉතිහාසයක් අපේ රටට තිබේ.


නමුත් මෑතක සිට ආසියාවේ කුඩු බෙදා හරින මධ්‍යස්ථානය බවට මෙසිරිලක පත්ව තිබේ. ගුවනින් සහ මුහුදින් ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වන අවස්ථා ද බොහෝය.
පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටේ මත්කුඩු තුරන් කිරීම සඳහා නව ප්‍රබෝධයක් ඇතිවිණි. ඒ අනුව සෑහෙන මත්කුඩු ප්‍රමාණයක් ද ප්‍රදේශ රැසකින් අත්අඩංගුවට ගැනීමට හැකි විය.


කොකේන් කිලෝ 769ක් පුත්තලමේදී පසුගියදා ගිනිතබා විනාශ කෙරිණ. ඒ නඩු අවසන් වූ කොකේන් තොග විනාශයට පත් කළ දෙවැනි අවස්ථාවද වෙයි.
තවත් පියවරක් ලෙස මහා පරිමාණ කුඩු ව්‍යාපාරයට සම්බන්ධව අත්අඩංගුවට පත්ව මරණ දඬුවම ලබා සිටින පුද්ගලයන් නැවත එම ව්‍යාපාරය කරන බවට අනාවරණය වූවහොත් ඔවුන් එල්ලා මැරීමට ද තීරණය කෙරිණ.


කොකේන් නමැති මත්ද්‍රව්‍ය ටොන් ගණනින් අත්අඩංගුවට ගැනුණු පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව මෙම පරිහානියෙන් ගලවා ගැනීමට ජනාධිපතිවරයා ද තද ප්‍රතිපත්තියක සිටියේය. මේ වසරේ ගත් සුවිශේෂී තීන්දුවක් නම් බක්මහ දිවුරුමයි.


රටම ගිල ගනිමින් තිබෙන මෙම මත්කුඩු ජාවාරම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් අරඹන ලද මේ මත්විරෝධී මෙහෙයුම් ජාලය ඉදිරියටම යමින් තිබේ.
ප්‍රබල මත් ජාවාරම්කරුවෝ ද, අද නීතියේ රැහැනට කොටුව සිටිති. ලබන වෙසක් පෝයට පෙර ගම්වල රහසේ නිෂ්පාදනය කෙරෙන හොර මත්වතුර මැඩලිය යුතු බවට ප්‍රසිද්ධ නියෝගයක් ද කර තිබේ.


තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාවට උදාකර දීම මතින් තොර රටක් නිර්මාණයෙහි ප්‍රධාන අරමුණයි.


මත්ද්‍රව්‍ය සඳහා ජාතියක්, ආගමක් හෝ ප්‍රදේශයක් වශයෙන් සීමා නොවී සියලු තැන්හිදී ඊට ගොදුරු වූ සියලුදෙනා වනසා දමන මහත් වූ ව්‍යසනයෙන් රටත්, ජනතාවත් මුදාගෙන සමෘද්ධිමත් රටක් හා නිරෝගී බුද්ධිමත් ජනතාවක් බිහිකිරීම උදෙසා නියත වශයෙන්ම ජාති ආගම් හෝ ප්‍රදේශ වශයෙන් භේදයකින් තොරව ලොකු කුඩා සියලුදෙනා මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව පෙළ ගැස්විය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.


‘‘බක්මහ දිවුරුම’’ විශේෂ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමැතිවරුද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක නිලධාරීහු පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීහු රාජ්‍ය නිලධාරීහු කලාකරුවන් සහ පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක් එක් වූහ.


මතට එරෙහි වැඩපිළිවෙළ පොලිසියේ හෝ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ පමණක් රාජකාරියක් වෙනවා වෙනුවට ත්‍රිවිධ හමුදාවේ රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම පෞද්ගලික අංශවල සියලු දෙනාගේ ද පාසල් සිසු සිසුවියන් හා ගුරු භවතුන්ගේ ද මාපියන්ගේ ද වගකීමක් යුතුකමක් බවට පත්කර මේ සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත්ව බලගැන්වීම මෙම බක්මහ දිවුරුමේ අරමුණයි.


මෙම දිවුරුම සිංහල හා දෙමළ භාෂාවෙන් කියැවීමට සම්බන්ධ කර ගැනීම ද විශේෂයකි.


මේ අනුව එකම දිනක එකම වෙලාවක මුළු රටම ‘‘මතින් තොර නිදහස් රටක්’’ වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා දෙනු ලැබිණි.

 

 

 

සටහන - ධනු විජේරත්න

 



අදහස් (0)

මතට එරෙහි බක්මහ දිවුරුම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 169 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site