IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පිදුරුතලාගල නෙළු මල් පිපිලා

පිපෙන්නේ වසර ගණනකට එක සතියයි

 

ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථානයක් ලෙස සලකනු ලබන, මුහුදු මට්ටමින් අඩි 8280ක උසකින් පිහිටි ශ්‍රී ලංකාවේ මහ කන්ද නොහොත් පිදුරුතලාගල කඳු වැටිය ආශ්‍රිත රක්ෂිතය ප්‍රභාවත් කරමින් වසර ගණනාවකට පසු නෙළු මල් පිපී ඉතාම සුන්දර වූ දසුන් නිර්මාණය වී ඇත.   


නුවරඑළිය නගරයේ සිට කි.මී. 7ක් පමණ වූ මාර්ගය ඔස්සේ පිදුරුතලාගල දක්වා වැටී ඇති මාර්ගය දෙපස නෙළු මල් පිපී යන එන සංචාරකයන්ගේ සිත ගත නිවාලමින් මහත් පරිසර ආශ්වාදයක් ගෙන දෙන්නට සමත් වී ඇත. කහ පාට, සුදු පාට, නිල් පාට, දම් පාට යන වර්ණවලින් යුතු නෙළු මල් පිදුරුතලාගල දැක ගැනීමට යන එන කොයි කාගෙත් සිත සනහාලන්නක් බඳුය.   


වසර පුරා දීර්ඝ නිවාඩු කාලවලදී මෙන්ම අප්‍රේල් වසන්ත සමයේ දී පිදුරුතලාගල කඳු මුදුන දැක බලා ගැනීමට දේශීය හා විදේශීය සංචාරකයෝ මහත් කැමැත්තක් දක්වති. කඳු මුදුන නැග ගත් පසු ගම්පොළ ප්‍රදේශයේ දිස්වෙන කඳු පන්ති ද ඌව දිසාවේ අහස උසට විහිදී ඇති කඳු පන්ති ද ඉතා මැනවින් දර්ශනය වේ. ඒ මිහිදුම් රහිත වූ අවස්ථාවන් හිදීය. කෙසේ වුවත් නෙළු මල් ද පිපෙන්නේ වසර 8කට හෝ 12කට වරක් ලෙස සැලකේ. මේ පිදුරුතලාගල ආශ්‍රිත නෙළු මල් පිපුණු අවධියයි. පිදුරුතලාගල රක්ෂිතය තුළ පිපී අැති නෙළු මල් සොයා දැක ගැනීම ඉතා දුෂ්කර වුව ද පිදුරුතලාගල කඳු මුදුන දක්වා යන මාර්ගය දෙපස හැඩට පිපී ඇති මෙම පාරිසරික අසිරිය විඳ ගැනුමට කාට හෝ ඉඩකඩ ලැබෙන්නේ දින ගණනාවකි. ගෙවුණු වැසි සමය හේතු කොටගෙන පිදුරුතලාගල දැක ගැනුමට ආ දේශීය සංචාරකයන්ගේ පිරිස අඩුවක් දකින්නට ලැබුණි. එහෙත් අතරින් පතර නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි සංචාරකයන්ට ඒ වටිනා අවස්ථාව හිමි වුණු බව කිව යුතුය.   


සංචාරක ආකර්ෂණය දියුණු කිරීම සඳහා ඉකුත් දා පිදුරුතලාගල කඳු මුදුන ආශ්‍රිතව තැපැල් ලියුම් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එච්.එම්. අබ්දුල් හලීම් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිදුරුතලාගල කඳු මුදුනට ඒකරාශී විය. ඒ ගමනට එක් වූ සැවොම කතා කළේ පිදුරුතලාගල කඳු වැටියට යන මාර්ගයේ දෙපස පිපී තිබුණු මේ අපූරු නෙළු මල් ගැනය.   


පරිසරයට හිත ඇති සොබා දහමට ආදරය කරන කාට වුව ද තව දින ගණනාවක් තුළදී පිදුරුතලාගල කඳු මුදුන දක්වා ඇති මාර්ගයේ දෙපස හැඩට පිපී ඇති නෙළු මල් දැක ගැනීමේ වාසනාව හිමි වේ. එහෙත් එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් කඳු මුදුන දක්වා යෑමේ දී වාහනවලින් බැසීමට අවසර නොමැති නිසා ගමන් ගන්නා වූ වාහනවල සිටම ඒ අසිරිමත් දසුන් කාට වුව ද දැක ගැනීමේ හැකියාව හිමි කරගත හැක. මෙම අවස්ථාව ඔබට මගහැරී ගියෝතින් තවත් වසර ගණනාවක් යනතුරු හැඩට පිපුණු නෙළු මල්වල අසිරිය විඳ ගැනීමේ අවස්ථාව අහිමි වන බව කිව යුතුව ඇත.

 

පිදුරුතලාගල කඳු මුදුනට යන මාර්ගයේ හැඩට පිපුණු නෙක වර්ණයෙන් යුතු නෙළු මල්.

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා තැපැල් අමාත්‍යවරයා විසින් පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීම.

 

 

 


සටහන හා සේයා :
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

පිදුරුතලාගල නෙළු මල් පිපිලා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 175 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16143 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7900 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site