නදී තෙරදී හමු වූ බමුණන්ගෙන් විශාඛාව ඔබ කොහේ සිට ආවේ දැයි ඇසුවාය.
අපි සැවැත් නුවරවම්හ. මිගාර සිටුතුමා තමයි එව්වේ. බමුණෝ කීහ.
ඔහුගේ පුතාට කුමරියක් සොයාද?
එසේය. කුමරිය.
ඔහුගේ නම කවරේද?
පුණ්ණ වඞ්ඪන.
තොප ඔහුට මා තෝරා ගත්තාද?
එසේය කුමරිය.
හොඳයි මගේ පියා ධනංජය සිටුතුමායි. එතුමා සමඟ කතා කර ගන්න කීවාය. පියාට අපට යන්න රථ එවන්න යැයි පණිවුඩයක් යැවුවාය. එතුමා රිය එව්වේය. සියල්ලෝම සිටු පායට ගියහ. විශාඛාව පියාට විස්තර කීවාය. සිටුතුමා ඔවුන්ට හොඳින් සත්කාර කළේය. පිටත්කර හැරියේය.
බමුණෝ සැවත් නුවරට ආහ. මිගාර සිටුතුමා හමු වුහ. විස්තර කීහ. එතුමා ධනංජය සිටුතුමා හමුවිය. සරණ මංගල්ලය කථාකර ගත්හ. පුණ්ණ වඞ්ඪන කුමරුට විශාඛා ගෙන ආවේය.
මිගාර සිටුතුමා නිගණ්ඨයන් සරණ ගිය කෙනෙකි. එබැවින් ඔවුන්ට දානයක් පිළියෙල කළේය. ඔවුහු දනට ආහ. සිටුතුමා විශාඛාවට පණිවිඩයක් යැවීය. ඒ රහතන් වහන්සේලා දැක ගන්නට එන්න කියාය. ඈ බෞද්ධ ආගමිකාවක් වූවාය. සතුටින් ආවාය. මේ නිගණ්ඨයන් දැක කෝප වූවාය. චී.චී. මේ කව්ද? ලැජ්ජා බය නැති අය. මොවුන් රහතන් වහන්සේලා වන්නේ කෙසේදැයි ඇසුවාය.
නිගණ්ඨයෝ කෝප වූහ. සිටුතුමනි, මේ කත ගෞතමයන්ගේ ශ්‍රාවිකාවකි. මෑ කාලකණ්ණිය. ඇයි මේ සිටුපායට ඇය ගෙනාවේ එළවා දමන්නයි කීහ.
ආර්යයනි මේ දුව මහා කුලයකය. තවම ළාබාලය. ඈ නොදැන යම් දේ කරන්නීය. ඔබ වහන්සේලා කෝප නොවනු මැනවි සිටුතුමා කීවේය.
නිගණ්ඨයෝ එය පිළි ගත්හ. දානය ගත්හ. යන්නට ගියහ.
මඳ වේලාවක් ගත විය. පිඬුසිගා වඩින තෙරනමක් සිටු පායට වැඩියහ. ඒ වන විට මිගාර සිටුතුමා අසුනකය. රන්තලියකට කිරි පැණි දාගෙන කයි. තෙරනම දිහාවත් නොබැලුවේය. විශාඛා තෙරුන් වෙත ගියාය.
ස්වාමීනී! වෙන ගෙදරකට වඩින්න. මගේ මාමා පුරාණය වළඳනවා කීවාය.
සිටුතුමා කිපුණේය. ඒ පුරාණය යැයි වසුරුවලටත් කියන නිසාය. දැසි දස්සන්ට එන්නැයි කෑ ගැසීය. ඔවුහු දුව ආහ. මෑ මෙතැනින් ගෙන යව. සිටු පායෙන්ද එළවනු. මෑ නපුරුයි. මා අසුචි කනවා කියනවා. එළවනු කීවේය. කෝපයෙන් දැඟලුවේය.
දැසි දස්සෝ කුමරිය ළඟට නොගියහ. බියේ සිටියහ. විශාඛා හඬ අවදි කළාය. පියාණෙනි මම එසේ බැහැර නොවෙමි. මා මෙහෙට ගෙනාවේ තීර්ථයෙන් දිය අදින කුම්භදාසියක් වගේ නොවෙයි. මවුපියන් ඇති දූවරු එසේ නොයන්නීය. මෙසේ වේ යැයි මගේ පියා මුලින් සිතීය. මා ඔබ පායට එන්න පෙර මෙනුවර සිටුවරුන් අට දෙනෙක් මගේ පියා කැඳවූහ. යම් දිනක මගේ දුවට දොසක් ඇතිවිය හැක. එවිට ඔබ එය පිරිසිදු කරන්න යැයි ඇප කොට ඇත. එබැවින් ඔවුන් කැඳවන්න. මගේ දෝෂ අදෝෂ කරන්න. ඈ කීවාය.
මිගාර සිටුතුමා ඔවුන් කැඳවීය. සිටුවරුනි මම රන් තලියක දමා කිරි පැණි කකා සිටියෙමි. මෑ මා අසූචි කනවා කීවාය. එම නිසා මේ කුමරියට දඬුවම් කරන්න. මෙහෙන් බැහැර කරන්න කීවේය.
ඔවුහු දුව එසේ කීවේද? ඇසුහ. ඔව් හැබැයි මා කීවේ පුරාණය අනුභව කරනවා කියාය. එයින් මා අදහස් කළේ අසූචී නොවේ.
එසේ නම් කුමක්ද?
පෙර කළ පින්වල ආනිසංස අනුභව කරනවා කියාය.
සිටුතුමනි දුව යුක්ති සහගතය.
එපමණක් නොවේ එක් මැදියම් රැයක දැසිදැස්සන් සමඟ සිටුපාය පිටුපස්සට ඈ ගියාය. සිටුතුමා කීය.
දුව එසේ කළාද සිටුවරු ඇසුහ.
ඔව් සිටුපාය පිටුපස වෙළඹක් පැටවකු වැදුවාය. බොහෝ දුක් වින්දාය. මෙහි කිසිවෙක් එය ගණන් නොගත්හ. මම ඔවුන් සමඟ ගොස් වෙළඹට සත්කාර කළෙමි.
සිටුතුමනි. මේ දුව ඔබ පායේ දැසි දස්සන් නොකරන වැඩ පවා කර ඇත. අපට නම් ඇගේ දොසක් නොපෙනේ. සිටුවරු කීහ.
මිගාර සිටුතුමා නිහඬවිය.
(ධම්ම පදට්ඨ කථා ඇසුරිනි)
හලලියේ කරුණාතිලක
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නැණවත් සිටු දුවක්