IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ක්‍රිකට් මැච් බලන්න මට වේලාවක් නෑ ඒ වෙලාවට හේන උදලු ගානවා

 

යාපනය සිට නුවර දක්වා දිවෙන ්-9 මාර්ගයේ ගමන් කරන විට පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි 127 කිලෝමීටර් කණුව අසලින් දකුණට හැරී කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට සට්ටම්බිකුලම නම් දුෂ්කර ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ හා අවට ගම්මාන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. 


දිනෙන් දින රටතොට සිදුවන ආර්ථික, දේශපාලන, සාමාජීය වෙනස්වීම් වැනි කාලීන සිදුවීම් පිළිබඳව රටේ ජිවත්වන පුරවැසියන් කුමන ආකාරයකින් දැනුවත් වී සිටි ද යන්න පිළිබඳව විමසන මෙවැන්නකු සමඟ විශේෂාංගයට මෙවර අපට හමු වූයේ ඉහත කී සට්ටම්බිකුලම ගම්මානයේ හේන් ගොවිතැනේ නිරතව සිටි එස්. අවීපාල (57) මහතා මෙසේ කතාබහට එක්වීය.

 

 
■ ගොවිතැන් කටයුතු එහෙම කොහොමද?

අස්වැන්න වැඩි තරමට කරගන්න දෙයක් නෑ. (සිනාසෙමින්), මාගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. ඒත් මෙවර සට්ටම්බිකුලම වැවේ ජලය සිඳීයාම හේතුවෙන් පසුගිය යල මහ කන්න දෙකම කර ගන්න බැරි වුණා. 

 


■ දැන් මොනවද කරන්නේ ?
වී ගොවිතැන කරගන්න බැරි වුණාට පස්සේ හේන් ගොවිතැන් පටන් ගත්තා. බණ්ඩක්කා, පතෝල, වැටකොලු, මිරිස් වගා කළා. ඒවා වතුර නැතිව විනාශවෙලා ගියා. මහත්තයලට පේන මේ බටු වගාව කරගෙන යන්නේ ළිදෙන් වතුර පොම්ප කරලා. 

 


■ රටේ දැන් හාල් මිල ඉහළ ගිහින්ද තියෙන්නේ?
රටේ නම් කොහොමද දන්නේ නෑ. අපේ ගමේ පහුගිය දවස්වල හාල් කිලෝ එකක් රු.110 ත් ගත්තා. ජිවිත කාලයටම ඔය තමා හාල් කඩෙන් ගත්තේ. මතක ඇති කාලෙක ඉඳලා ගොවිතැන් කරලා ඉතිරි කර ගත්ත වීවලින් තමයි කෑවේ. රට හාල් අපට පුරුදු නෑ. කැඳ වගේ. 

 


■ පොහොර සහානාධාරය දිගටම ලැබෙනවට කැමතිද?
කැමතියි. කතාවක් තියෙනවා ඒ පොහොර බාලයි. ඇඟට හොඳ නැති රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා. 

 


■ එළවළුවලට හොඳ මිලක් ලැබෙනවාද?
පහුගිය කාලේ බටු අස්වැන්න නෙළලා දඹුල්ලේ අරන් ගියා. කිලෝ එක රුපියල් පහටවත් දෙන්ඩ බැරි වුණා. බස් එකට ගොඩ වෙන්න ටවුමට එනවිට එළවළු කඩවල වම්බටු කිලෝ එක රුපියල් හැත්තෑවයි කියලා ගහලා තියෙනකොට දුක හිතුණා. අතර මැදියා තමයි හම්බ කරන්නේ. 

 


■ රජරට පුරා පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් ද?
ප්‍රවෘත්තිවලින් නම් නෙමෙයි දැනුවත් වුණේ. මේ වෙනකොට මටත් වකුගඩු රෝගය වැළඳිලා. අනුරාධපුර රෝහලේ සායනවලට යනවා.

 


■ කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයකට මත්තලින් වී මෙට්ටි්‍රක් ටොන් 4000 ක් රුපියල් 28 ගානේ නිකුත් කළා කියලා පුවතක් පසුගිය සතියේ අහන්න ලැබුණද?
දන්නේ නැහැ. එහෙමවෙලා තියෙනවා නම් අහස පොළොව නුහුලන අපරාධයක්. අපේ දාඩිය මහන්සිය නේද?

 


■ දඹදිව ගිය නඩයක කිහිපදෙනෙක් මැරුණා කියලා දන්නවද?
ගෙවල් ගාව කඬේ ළඟ කතා වුණා. දඹදිව යන්න සල්ලි තියෙන අය නෙමෙයි. තියෙන ආසාවට සල්ලි සම්මාදන් කරලා තමයි යන්නේ. ඒවගේ රට යවන අය ගැන රජය සොයා බලන්න ඕන.

 


■ මැති ඇමැතිවරු නව දෙනෙකුට කෝටි 37 ක සුඛෝපභෝගි වාහන ගන්න හදනවා කියා දන්නවාද?
ඒක අලුත් ප්‍රවෘත්තියක්ද? හැමදාම ඇහෙන කතාවක්. තවම ගත්තේ නැත්නම් ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. නියඟයෙන් පීඩාවුණු ගොවීන්ට වන්දි ලෙස ඒ මුදල් බෙදා දෙන්න කියලා.

 


■ ජනාධිපතිවරයා හා කෘෂිකර්ම ඇමැතිවරයා රජරටින් බිහිවෙලා තියෙන එක ගැන ගොවියෙක් ලෙස ඔබ කොහොමද දකින්නේ?
රජරටින් විතරක් නෙමෙයි ජනාධිපති කොළඹින් පත් වුණත් අපි හම්බ කරොත් තමයි අපිට කන්න ලැබෙන්නේ. රජරට කියලා විශේෂයක් නැහැ. 

 


■ පාසල් නිල ඇඳුමේ පාට වෙනස් කරන්න යනවා කියලා දන්නවාද?
ඒ ගැන නම් දන්නේ නෑ.

 


■ බැඳුම්කර වංචාවක් ගැන හා සයිටම් කියලා උපාධි ආයතනයක් ගැන දන්නවාද?
හැමෝම කතා වෙනවා. ඒ අය දන්නේත් නෑ මං හිතන විදියට ඒ මොකක්ද කියලා.

 


■ ජංගම දුරකතන පාවිච්චි කරනවාද?
ඔව්, දඹුල්ලේ මාර්කට් එකට කතා කරලා එළවළු මිල දැනගන්නයි, දරුවන් ගෙදරින් පිටව ගියාම කොහෙද ඉන්නේ කියලා දැනගන්නයි විතරක් පාවිච්චි කරනවා. වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. මොකද කාඞ් එකක් දැම්මම පහුවදා බලනකොට සල්ලි නැහැ.

 


■ ක්‍රිකට් මැච් එහෙම බලනවද?
ඕවට වේලාවක් නැහැ. ඒ වේලාවේ හේනේ වල් ටිකක් උදුළු ගානවා.

 


■ ෆේස්බුක්/ ගූගල් ගැන දන්නවාද?
ෆේස්බුක් කියන වචනේ නම් අහලා තියෙනවා. ඒ ගැන මොනවත්ම දන්නේ නැහැ. 

 


■ කෝටි එකොළහක ඖෂධ තොගයක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල කල් ඉකුත් වනවා කියලා පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ ගැන දන්නවද?
නැහැ, එහෙම වෙනම නම් රජය හොයලා බලන්න ඕන. අපි බෙහෙත් ගන්න ඉස්පිරිතාලේට ගියාම භාගයක්ම බෙහෙත් ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ.

 


■ පත්තර කියවනවාද?
අනේ නෑ. හේන් වැඩවලට ගියාම පත්තර කියවන්න වේලාවක් නෑ. අනික පත්තරයක් ගන්නව නම් ලොකු දුරක් ගෙවා මිහින්තලයට හරි ගල්කුලමට හරි යන්න වෙනවා.

 


■ රූපවාහිණි නරඹනවාද?
කලාතුරකින් බැලෙනවා. ඒත් ප්‍රවෘත්ති යන වේලාවට හේනේ. සත්තු එළවන්න ගිහිල්ලා. 

 


■ ආණ්ඩුවෙන් ඉල්ලන්න දෙයක් තියෙනවද?
ඔව්. වැරදි කරන අය කවුරු උනත් පක්ෂ පාට නොබලා අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලනවා. මේ ගම්මානවල වැව්වලට ජලය පුරවන්න පුළුවන් ජල යෝජනා ක්‍රමයක් ඉක්මනින් ඇති කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. 

 


■ අනාගත බලාපොරොත්තු මොනවාද?
මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ ඇස් දෙක පියවෙන්න කලින් ඒ අයට හොඳ අනාගතයක් හදලා දෙන්න තමයි ඉතින්.

සටහන - ඡායාරූප 
අනුරාධපුර චතුරංග සඳරැස්ගම 



අදහස් (0)

ක්‍රිකට් මැච් බලන්න මට වේලාවක් නෑ ඒ වෙලාවට හේන උදලු ගානවා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 204 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site