ලංකාවේ රෝහල් අතරින් පළමු වතාවට තවත් පුද්ගලයකුගේ පාදයක් තවත් පුද්ගලයකුට බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් පසුගිය 24 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවිය. මෙම සැත්කම අපේ රටේ වෛද්‍ය ඉතිහාසෙය් රන් අකුරෙන් ලියැවෙනවා නොඅනුමානය. මෙම සැත්කම මේ මොහොත වන විට වාර්තා කිහිපයක් තබා තිබේ.
පළමු වාර්තාව මෙවන් සැත්කමක් අපේ රටේදී සිදුකළ ප්‍රථම වතාව වීමය. දෙවැනි වාර්තාව වන්නේ මෙවන් සැත්කමක් ලෝකයේ සිදුකළ සිවුවැනි රට අපේ රට වීමය. තුන්වැනි වාර්තාව වන්නේ මුළු ලෝකයේම මෙවන් ආකාරයට සිදුකළ පස්වැනි සැත්කම වීමයි.
මීට පෙර මෙවන් ආකාරෙය් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව, ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණී. එම රටවල් තුනේ මෙවන් ආකාරයේ සැත්කම් සිවු වරක් සිදුකොට ඇති අතර පස්වැනි සැත්කම පසුගිය 24 වැනි දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙසේ සිදුවිය.
කැබිතිගොල්ලෑවේ පදිංචිව සිටි 52 හැවිරිදි මොළය මියගිය පුද්ගලයකුගේ වම් පාදය රාජාංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින 32 හැවිරිදි විවාහක එක්දරු පියකුට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙෙස් බද්ධ කරනු ලැබිණ. මෙම පුද්ගලයා මීට වසරක පමණ පෙර අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමි වූ පුද්ගලයෙකි.
මෙම සැත්කම සාර්ථක අයුරින් සිදුකිරීමෙන් පසුව පසුගිය 26 වැනි දින මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ.
මෙහිදී මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම් මහතා මෙසේ පැවසීය.
මෙම සැත්කම ලංකාවේ රෝහල් අතුරින් අනුරාධපුර රෝහලේ තමයි පළමුවරට සිදුකළේ. ඒ වාගේම ලෝකයේ රටවල් අතරින් පස්වැනි වතාවටයි මේ සැත්කම සිදුකරන ලද්දේ. මීට පෙර මෙවන් ආකාරයේ සැත්කම් පිළිබඳව අවබෝධයක් නොතිබූ නිසා සැත්කම පිළිබඳව හොඳින් සිතා බලා සිදුකරන්න අපේ වෛද්‍ය කණ්ඩායමට සිදුවුණා. මෙම සැත්කමට පැය දහයකට අධික කාලයක් ගතවුණා.
රෝගියාගේ දණ හිසෙන් උඩ කලවා ප්‍රදේශය ආසන්නයෙන් මෙම සැත්කම සිදුකළා.
මෙම රෝගියා පාදය අහිමි වීමෙන් පසුව කෘත්‍රිම පාදයක් භාවිත කරලා තිබුණා. ඒ නිසා මාංශ පේශි තදවී තිබුණා. ඒ නිසා කකුළ බද්ධ කිරීමට සුදුසු ආකාරයට එම කොටස් සකස් කිරීමෙන් පසුව පියවරෙන් පියවරට සැත්කම සාර්ථකව සිදුකරන්න හැකියාව ලැබුණා. මෙම සැත්කම අපි කණ්ඩායමකෙග් උත්සාහයක්. අපිට මේ ආකාරයට අනාගතයේදී අත්දෙකම නැති රෝගියකුට අත් දෙකක් බද්ධ කිරීමේ හැකියාවක් තියෙනව. කොහොම වුණත් පාද බද්ධ කළ රෝගියාට බෙහෙත් දීර්ඝ කාලීනව භාවිත කිරීමට සිදුවෙනවා. යටි පතුලට දැනීම එනතෙක් කකුල පරිස්සම් කරගත යුතුයි. මේ සඳහා මාස අටක් පමණ ගතවෙයි කියලා හිතෙනවා.
මෙම සැත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහෙල් ප්ලාස්ටික් ශල්‍ය විශේඥ වෛද්‍ය අමිල සුපුන් රත්නායක මහතා මෙසේ පැවැසීය.
මෙම සැත්කම අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයේ සංධිස්ථානයක්. මෙවන් ආකාරයට ලංකාවේ සිදුකළ ප්‍රථම සැත්කම මෙයයි. සාමාන්‍යයෙන් අපි වෙනත් පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව බද්ධ කළත් මෙවැනි අවයව බද්ධ කිරීමක් සිදුකර තිබුණේ නැහැ. ෙම් ආකාරයට අත්දෙක වුණත් බද්ධ කිරීමේ හැකියාව තිබෙනවා.
මියගිය පුද්ගලයාගේත් රෝගියාගේත් පාදවල විශාල වෙනසක් දක්නට ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් උස පුද්ගලයෙකුගේත් සාමාන්‍ය උස පුද්ගලයකුගේත් කකුල් අතර විශාල වෙනසක් නැහැ. ලබා දෙන ඖෂධ හේතුවෙන් ස්නායු ඉතා ඉක්මණින් වැඩෙනවා. මේ හේතුවෙන් රෝගියා ඉක්මනින් සුවය ලබනු ඇතැයි තමන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජීවත්ව මොළය මියගිය මෙම 52 හැවිරිදි පුද්ගලයාගේ වකුගඩුද නුවර ප්‍රදේශයේ පදිංචි රෝගීන් දෙදෙනකුට බද්ධකොට තිබේ.
මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විෙශ්ෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම්, ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ එච්.එච්.ඒ.එස් රත්නායක, වකුගඩු රෝග වෛද්‍ය විශේෂඥ ප්‍රමිත් රාජක්‍රිෂ්ණ, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ටෙරන්ස් කාරියවසම් විශේෂඥ වෛද්‍ය ඩබ්.ඩබ්.එන්.සී. විජේසිංහ යන මහත්වරු එක්ව සිටියහ.
මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය අරුඩ් චෙල්වම් මහතා ද සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායම ද සැත්කම සිදුකළ අයුරු සහ ප්රවෘත්ති සාකච්ඡාව ද සේයාරුවලින් දැක්වේ.
අනුරාධපුර දයාරත්න, ඇඹෝගම අතුල බණ්ඩාර සහ බී. ජී. චතුරංග
සේයාරු : දයාරත්න ඇඹෝගම
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කකුලක් අහිමි වූ අයකුට වෙනත් අයකුගේ කකුලක් බද්ධ කළ සැත්කම