IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


35 සීමාව ඉවත්කරන්නැයි උපාධිධාරි සංවිධානවලින් ඒකාබද්ධ ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ)

2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අයදුම් කළ හැකි උපරිම වයස් සීමාව ලෙස 35 යෙදීම ඉවත්කර රැකියා විරහිත උපාධිධාරී සැමට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය හා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී යොදා ඇති අවුරුදු 35 වයස් සීමා කොන්දේසිය ඉවත් නොකළහොත් 2013/2014 අධ්‍යයන වර්ෂවල බාහිර උපාධිධාරීන් සියලු දෙනාට දැඩි අසාධාරණයක් සිදුවන්නේ යැයි  ඔවුහු පවසති.  

පැවැති ආණ්ඩුව උපාධිධාරින්ට රැකියා දීමේදී 2013/2014 බාහිර උපාධිධාරීන් 2018 වර්ෂයේ දී බඳවා නොගැනීමෙන් එම උපාධිධාරීන්ගේ වයස් සීමාව මේ වනවිට අවුරුදු 35 ඉක්මවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සංවිධාන පවසයි.

පැවැති ආණ්ඩුව මෙම තත්ත්වයට සෘජුව වගකිව යුතු යැයි ද නව ආණ්ඩුව රැකියා සඳහා බඳවාගැනීම් ක්‍රියාවලියක් ආරම්භ කළ ද 2020 පෙබරවාරි 07 සිට 14 දක්වා දින හතක් වැනි ඉතා සීමිත හා කෙටි කාලසීමාවක් යටතේ අයදුම්පත් කැඳවීම හා වයස් සීමා පැනවීම ඇතුළු කොන්දේසි කීපයක් මගින් නැවතත් උපාධිධාරීන් විශාල සංඛ්‍යාවකට අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.

මෙම ඉල්ලීම් විධිමත් ලෙස කිරීම සඳහා ජනාධිපතිවරයාට ඒකාබද්ධ සංදේශයක් බාරදීමට තීරණය කර ඇතැයි ද රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය හා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව වැඩිදුරටත් පවසයි.



අදහස් (7)

35 සීමාව ඉවත්කරන්නැයි උපාධිධාරි සංවිධානවලින් ඒකාබද්ධ ඉල්ලීමක්

Rama Sunday, 09 February 2020 11:47 AM

එහෙම වයස වැඩිකළාම දැනට රැකියා කරන අයත් ඉල්ලුම් කරනවා. එතකොට තවත් වැඩි වෙනවනේ...

:       2       39

KamalSunday, 09 February 2020 12:39 PM

මෙයාලට ඕනෙ පින් පඩි සමග පින් පෙන්ෂන්. වැඩකරලා පඩි ගන්න කැමති නෑ.

:       0       4

Bamunuarachchi Sunday, 09 February 2020 01:00 PM

ඔව් ඔව් 50 කට්ටියටත් ඉල්ලන්න කියමු. 55 වෙනකොට ෆුල් පැන්ෂන් ලබාගන්න පුළුවනි නේද?

:       1       1

රසික Sunday, 09 February 2020 01:03 PM

දැනට ඉන්න රංචුවත් දෙගුණෙකටත් වඩා වැඩි එකේ, කරන්න වැඩක් නැතුව ගෙවල්වලට වෙලා පිංපඩි ගන්න එකේ තවත් බඳවාගන්නේ මොකටද මන්දා...

:       0       2

Aris Sunday, 09 February 2020 04:04 PM

55 වෙනකම් ඉල්ලුම් කළහැකි පරිදි දීර්ඝ කරන්න ඕනෑ. අවුරුදු 5ක් තිබුණාම ඇති වැඩකරලා අර දියවන්නාවේ කට්ටියට වගේ පැන්ෂන් ගන්න.

:       0       2

Perera Monday, 10 February 2020 05:11 AM

වයස් සීමාවල් නැති කරන්න. රටේ ඉහළ තනතුරු දරන නායකයෝ වෙන්න වයස් සීමාවක් නැතිකොට රටේ සාමාන්‍ය රැකියාවල් වලට මොකටද වයස් සීමාවල් ?

:       0       1

de silva Tuesday, 11 February 2020 07:58 PM

ඕක අවරුදු 45 වෙනකම් විතර ඉහල දමන්න , එතකොට අවරුදු 10 විතර රජයේ කන්තෝරුවක නිදි කිර කිර ඉඳලා, 55 විශ්‍රාම ගිහින් , සම්පුර්ණ විශ්‍රාම වැටුපම ජීවිතාන්තය දක්වා අවරුදු 20-30 ගන්න පුළුවන්, රජයේ සේවයට බඳවා ගන්න වයස අනිවාර්යයෙන්ම 28 දක්වාවත් පහල දමන්න ඕනේ, නැතිනම් උපාධිය කලට වෙලාවට සම්පුර්ණ කරගන්නේ නැතුව විශ්ව විද්‍යාලේ උද්ගෝෂණ වර්ජන කර කර ඉඳලා වයසට ගියහම රජයේ සේවය බලාපොරොත්තු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1142 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 505 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 444 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 276 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 492 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 464 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site