(නිමල කොඩිතුවක්කු)
ජාතික විරුජන සම්මාන උළෙල - 2020 සඳහා නාම යෝජනා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි වීර පොදුජන පදනම සඳහන් කරයි.
ජාතික විරුජන සම්මාන උළෙල සඳහා 2019 වසරේ ජනවාරි 01 සිට 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සමාජ ප්රගමනය වෙනුවෙන් සිදුකළ කාර්යන් වෙනුවෙන් සම්මාන පිරිනැමේ.
ඒ අනුව ජාතික විරුජන සම්මාන, විරුජන ප්‍රජා සබැඳියාව සම්මාන, ජෛව හිතකාමි සම්මාන, ශිෂ්‍ය විරුජන සමාජ ක්‍රියාකාරකම් සම්මානය යන අංශ හතර ඔස්සේ මෙවර සම්මාන පිරිනමනු ලබයි.
ජීවිත හෝ ශාරීරික අනතුරු නොසලකා අභීතව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ජීවිත බේරා ගැනීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික විරුජන සම්මානයත්, ජනවාර්ගික සබැඳියාව තර්ජනයට ලක්වූ අවසථාවක සාමය පවත්වාගෙන යාම උදෙසා ජීවිත පරදුවට තබා කටයුතු කිරීම වෙනුවෙන් විරුජන ප්‍රජා සබැඳියාව සම්මානයත්, ස්වාභාවික පරිසර සංරක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් කරන ක්‍රියා වෙනුවෙන් ජෛව හිතකාමි සම්මානයත්, සමාජ සේවය උදෙසා පාසැල් තුළ සිදුකරන කාර්ය භාර්යය වෙනුවෙන් ශිෂ්‍ය විරුජන සමාජ ක්‍රියාකාරකම් සම්මානයත් පරිනැමේ.
අයදුම්පත් සම්මාන අපේක්ෂක විසින් හෝ වෙනත් අයකු විසින් ඉදිරිපත් කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සාක්ෂි ඉදිරි පත් කළ යුතු බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වේ.
අයදුම්පත් ලැබිමෙන් පසුව විනිශ්චය මඩුල්ලක් විසින් සම්මුඛ පරීකෂණ සහ ඉදිරිපත් කර ඇති සාක්ෂි මත සම්මාන සඳහා පුද්ගලයන් තෝරා ගැනෙන අතර මේ පිළිවඳ වැඩිදුර තොරතුරු 038 2241 777 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2020 විරුජන සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි
Rata Perata Friday, 30 August 2019 06:20 AM
ආයෙත් ගල් බලකායවල් හදන්න වගේ එන්නේ, චන්ද ලඟයි නේ. අහුවෙන්න එපා මේ මගඩි වැඩ වලට නම්.
LaalFriday, 30 August 2019 02:58 PM
කරුණු කාරණා හොයන්නේ නැතුව නිකම් හිස් කතා කියන්න එපා. හොයලා බලලා අදහස් ප්‍රකාශ කරන්න. විරුජන සම්මාන ප්රදානය 1993 ඉඳලා සිය ගණනකට සම්මාන දීලා තියෙනවා. ඒ අතරින් මිනිස් ජීවිත බේරාගත් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. එම සංවිධානය කරන විශිෂ්ඨ සේවයට ගරහන්න එපා. ලංකාවේ සිද්ධ වෙන හැමදේම දේශපාලනයට ඈඳාගන්න එපා...
isuru Friday, 30 August 2019 02:14 PM
මෙයට එකම සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිඳුන් වේ..