IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


20 පරදවන්න සජිත් පෙරමුණ ගනී

 

(නිමල කොඩිතුවක්කු)


රට කොඩිවිනයක් බවට පත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(8) පැවසීය.


20 පරාජය කිරීමට පමණක් සීමා නොවී දහනමයෙන් ඔබ්බට ගිය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීමට තමන් කැපවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


දහනවයෙන් ඉදිරියට ජනතා ව්‍යාපාරය බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියස සංවිධානය කළ විරෝධතාවයට එක් වෙමින් සජිත් පේමදාස මහතා මේ බව පැවසීය.


විසිවන සංශෝධනයෙන් රටට සිදුවන විනාශය පිළිබඳව නගරයක් නගරයක් පාසා ගම් දනව් සිසාරා සම්මන්ත්‍රණ රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ප්‍රේමදාස මහතා පැවසීය.


මෙම සටන සමඟ එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන් ඇතුළු ප්‍රජාවට  තමන් ආරාධනා කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (20)

20 පරදවන්න සජිත් පෙරමුණ ගනී

sena Tuesday, 08 September 2020 02:05 PM

ඔබතුමාට සහයෝගය දෙන්නේ කවුද?

:       3       141

KooralageWednesday, 09 September 2020 04:17 AM

මුළු රටම ඔබතුමා සමගයි... මේ යන්නේ තනි ඒකාධිපති ගමනකට.

:       224       508

BamunuarachchiWednesday, 09 September 2020 05:37 AM

මෙයත් යනවා කියන්නේ තාත්තගේ අඩිපාරේ.

:       170       42

BamunuarachchiWednesday, 09 September 2020 05:38 AM

ඒ නිසානේ අන්ත පරාජයක් ලැබුවේ.

:       192       29

siri Tuesday, 08 September 2020 02:06 PM

ඉස්සරවෙලා එජාපය පරද්දන්න පෙරමුණ ගත්තා. දැන් මොකක්ද මේ නටන්න හදන නාඩගම..? මෙයාගේ කී දෙනෙක් 20ට අත උස්සයිද? කියලා කියන්නත් බැහැ. එල්ලුම්ගස් ගිය මිනිස්සු නීති හදන තැනට පත්වන උතුම් රටක අපි ඉන්නේ.

:       308       276

mp Tuesday, 08 September 2020 03:11 PM

පාර්ලිමේන්තුවේ බලය තියෙනවද ඔයාට?

:       482       312

Thushara Tuesday, 08 September 2020 03:28 PM

සිදුවෙන දෙයට එක්සත් ජාතික පක්ෂයත් වගකිව යුතුයි. 2015 මිනිස්සු ඡන්දෙ දුන්නේ ලොකු විශ්වාසයක් තියාගෙන. ඒ විශ්වාසය බිඳීමේ එක් ප්‍රතිඵලයකට තමයි මේ මුහුණ දෙමින් සිටින්නේ.

:       60       368

GalaparaWednesday, 09 September 2020 04:25 AM

2015 දිනුම විනාශ කලේ තනිකරම රනිල්.

:       0       361

chandima Tuesday, 08 September 2020 04:09 PM

කාලයක් කොට ඇද්දා... මේපාර නම් කරඬුව වඩම්මන්නයි යන්නේ...

:       109       74

සිරිබිරි Tuesday, 08 September 2020 05:09 PM

එයා පෙරමුණ ගත්තා නම් ඉතින් ආයේ මොනවා බලන්නද? වැලේ වැල් නැහැ .

:       0       0

Prabha Tuesday, 08 September 2020 05:23 PM

පියතුමා බලයෙන් මත්වී නටපු නාඩගම් මෙයාත් නටයි කියලා බය ඇති.

:       0       0

Laksitha Paris Tuesday, 08 September 2020 06:11 PM

ගෙදර යන්න.

:       0       0

Kalu Tuesday, 08 September 2020 06:33 PM

සභාවේ සිනහා.. හාහා!!!

:       0       0

toni Tuesday, 08 September 2020 11:08 PM

20 පරද්දන්න ඔය කට්ටියට කවදාවත් බැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 09 September 2020 02:48 AM

පෙරමුණ අරගෙන කරපුවා අපි දැක්කා. පරාද වීමේ ගොඩට මේකත් දාගන්න.

:       291       76

සිරිබිරි Wednesday, 09 September 2020 02:54 AM

කරන්න බැරි දේවල් ම තමයි කියවන්නේ. පහුගිය කාලේම ඕක කරා .

:       57       0

subaddra Wednesday, 09 September 2020 04:15 AM

සජිත් සහ පැරදීම කියන වචනයත් අතර හොඳ සම්බන්දයක් ඇත.

:       209       117

රුවන් ආර් Wednesday, 09 September 2020 04:55 AM

දේශපාලන අනාථාගාරය... ඔව් මොනව හරි කියන්න. නැත්නම් මිනිස්සුන්ට අමතක වෙලා යයි මෙහෙම කට්ටියක් හිටියද කියලා.

:       108       0

Bamunuarachchi Wednesday, 09 September 2020 05:35 AM

ඔබ පෙරමුණ ගත්ත මොනවද හරිගියේ.

:       154       13

isuru Wednesday, 09 September 2020 07:32 AM

රට කාලා, සමගිය විනාශ කරලා දැන් බයිලා ගහනවා.

:       119       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 129 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 300 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 506 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1433 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3639 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site