IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හෙරොයින් ළඟ තබාගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (10) නියම කළේය.

හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයිද පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වැල්ලවත්ත  ප‍්‍රදේශයේ පදිංචි මංජුල කුමාර නමැත්තාටය.

2013 අගොස්තු මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වැල්ලවත්තේදී හෙරොයින් ග්‍රෑම් 2 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ සුක්‍ෂම අන්දමින් සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑ 2 ක් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවම්  නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉමේෂා ධර්මදාස මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටියහ.

 



අදහස් (0)

හෙරොයින් ළඟ තබාගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site