(බිඟුන් මේනක ගමගේ)
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිරදඬුවම් නියම වූවකු මුණගැසීමට බාහිර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වතාවක් වුවද හිටපු නගරාධිපතිවරයා මුණගැසීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී ඔහුගේ නෑසිය මිතුරන්ට බන්ධනාගාර පරිපාලනයෙන් ලැබී ඇතැයි පැවසීය.
වසර පහක සිරදඬුවම් නියම වූවකු සාමාන්‍ය ගණයේ අපරාධකරුවකු හැටියට සැළකුව ද ඔහුට හිමිව ඇත්තේ විශේෂ ගණයේ අපරාධකරුවකුට හිමි වන අවස්ථා යැයි ද එම ප්‍රකාශකයා කීය.
ඒ අනුව ඔහුට බන්ධනාගාරයට පිටතින් ගෙනෙන කෑම දිය නොහැකි නමුත් මෙම විශේෂ වරප්‍රසාදිත තත්ත්වය යටතේ ඔහුට බාහිරින් කෑම සැපයීම සිදුවන්නේ යැයි ද කියති.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට වසර පහක සිරදඬුවම් නියම කෙරුණේ 2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිටි හිටපු නගරාධිපතිවරයා පසුගියදා හදසියේ අසනීප වී තංගල්ල රෝහලට ද ඇතුළත් කර තිබිණි.
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා
රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජ
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි
sirimal Tuesday, 03 September 2019 10:00 AM
අනිත් හිරගෙවල්වල ඉන්න දේශපාලන සබඳතා තියෙන අයටත් එහෙමම තමා ඉතින්. නරකාදියට ගිහිල්ල හරි හොරු අල්ලනවා, කුඩු කාරයෝ එල්ලනවා, මාත් එක්ක ඒ සෙල්ලන් බැහැ කියලයි බෙරිහන් දුන්නේ. දැන් ඒවා අමතකයි. කාටද කියන්නේ?
sugathTuesday, 03 September 2019 11:41 AM
එකනම් ඇත්ත. කව්රු ආවත් ඔච්චරම තමා.
mahida Tuesday, 03 September 2019 10:31 AM
දැන් දුප්පතාට විතරයි, හිරගෙවල් අනිත් අයට හෝටල්...
Hafeel Tuesday, 03 September 2019 10:41 AM
ලොක්කන්ට තියන ලෙඩ ගෝලයින්ට බෝවන්නේ නැත්නං...
ලුම්බිණි Tuesday, 03 September 2019 11:08 AM
බන්ධනාගාර පරිපාලනයේ මේවට උදවු දෙන උන්ට කවුද දඬුවම් දෙන්නේ?
රවින් Tuesday, 03 September 2019 11:29 AM
ඇත්තෝ කති බොති. නැත්තෝ ලේවකති.
සිරිමල් Tuesday, 03 September 2019 11:59 AM
මොහු සිටින්නේ අඟුණකොල පැලැස්සේ නේද? එහි පාලකයින් වැඩිදෙනෙක් එම පැත්තේ අය වෙන්න ඇති... ඔවුන් හිතනවාද දන්නේ නැහැ එම හිරකරුවාගේ නායකයා ජනපති වෙනවා කියලා. මේ හිරකරුට සලකා තිබුනොත් උසස්වීම් ගැනීමට හෝ වෙනත් වරප්‍රසාද ගැනීමට මෙහි නිලධාරීන් එහෙම කරනවා ඇති. ඔවුනුත් මනුෂ්‍යයෝය. අශාවන් ඇත්තෝය.
Chanak los angeles Tuesday, 03 September 2019 01:38 PM
දැන් ඔහොම නම් සාටකයන් බලයට ආවොත් මොහු සමග සියලු අපතයන් රොත්තම එළියට ගන්නවා සිකුරුයි.