IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සූ කී වසර 4 ක් හිරේ

හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය.

සූ කීට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර, අද (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

ජනතාව නොසන්සුන් කිරීම සහ 'කොවිඩ්19' වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට සූ කී වරදකාරිය විය.

ඊට අමතරව, රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදිය ද නායිකා සූ කී ට එල්ල වී ඇති අතර, ඒ සියලු චෝදනාවලට ඇය වරදකාරිය වුවහොත් ඇයට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව පැවැසෙයි.

තමන්ට එල්ල වන සියලු චෝදනා සූ කී ප්‍රතික්ෂේප කර ඇත.

76 හැවිරිදි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මෙම වසරේ පෙබරවාරි පළමු වැනිදාය.

මියන්මාර මහ මැතිවරණය පසුගිය වසරේ පැවැත්විණි. එයින් ද පහසු විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය.

එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ මහ මැතිවරණය දූෂිත බවට ය. හමුදා කුමන්ත්‍රණයක් තෙක් එම චෝදනා දුරදිග ගියේ ඉන්පසුවය.

හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවිය. ඒවා සම්බන්ධයෙන් බලපත්‍ර නොතිබුණු බව ද පැවැසිණි.

(රොයිටර්)



අදහස් (3)

සූ කී වසර 4 ක් හිරේ

jagath Monday, 06 December 2021 02:10 PM

මෙතුමිය නිදහස් විය යුතුයි.

:       0       0

gagana Monday, 06 December 2021 02:40 PM

කරුම රටක ඉපදුනු ඇය දැන් කුමක් කරන්නද.

:       0       0

SUNIL MILANO Monday, 06 December 2021 08:17 PM

ලෝක බලවතුන් මෙයට විරුද්ධව නැගීසිටිය යුතුයි. මෙතුමිය දැන් තනිවෙලා.. බලවත් යයි කියාගන්නා රටවල්. මෙතුමියට සිදුවූ අසාධාරණය ඉදිරියේ... මුනිවත රැකී..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site