IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘සහල් ආනයනය කරනවානම් යල අස්වැන්න ගැන හිතන්න‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම අවසන් කර සහල් ආනයනයට  නැවතත් අවසර ලබාදෙන්නේ නම් යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක්  එය  කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති  මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය  1 වැනිදා  රැස්විය.

මෙහිදී  සභාපති  අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ  දේශීය  වී ගොවියාට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම මෙන්ම  පාරිභෝගිකයාට සාධාරණ මිලකට, ගුණාත්මක භාවයෙන් හෙබි සහල්  පරිභෝජනයට  අවස්ථාව සලසා දීම සඳහා මේ තත්වය තාර්කිකව විශ්ලේෂණය කර, පුරෝකථන වලට එළඹිය යුතු බවයි.

එහිදී ආනයන අපනයන අධ්‍යක්ෂ ජනරාල්වරිය  අනාවරණය කර සිටියේ   දැනට ලැබී ඇති දත්ත අනුව, අපේක්ෂිත යල අස්වැන්න ගියවර මෙන් මෙවරද 2/3ක් පමණක් වීමට ඉඩ ඇති බවයි.

එම අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා කාරක සභාවට පෙන්වා දුන්නේ,   බලපත්‍ර රහිතව සහල් ආනයනයට  ඉඩදීමෙන්  ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනයට  ව්‍යාපාරිකයන්  පෙළඹීම හේතුවෙන් දේශීය ගොවියා අසීරුතාවයන්ට මුහුණ පෑම වැළෑක්වීමට මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතු බවයි.  ඉන්දියාව හා සන්සන්දනය කර බැලීමේදී සෑම ආර්ථික මටිටමකම පුරවැසියන්ට අඩු  මිලට  මිලදී ගත හැකි සහල්  වර්ගයක් දේශීය වෙළෙඳපොළේ  තිබීම  වැදගත් බවද හෙතෙම  ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යවරයාගේ නියමය පරිදි  කැකුළු,  නාඩු ,සම්බා  ඇතුළු සහල් වර්ග ආනයනයට   අවසර ලබාදෙන  අතිවිශේෂ ගැසට් පත්‍රයක්  සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා මෙහිදී පැවැසුවේ නිවැරදි සහ තාර්කික තක්සේරුවකින් තොරව  මෙවන් නියෝග වලට එළඹීම මඟින් ඇතිවන සාර්ව බලපෑම සම්බන්ධව  නිලධාරීන්  මෙයට වඩා විමර්ශනාත්මකව කටයුතු කිරීම වැදගත් බවයි.

සහල් වෙළෙඳපොළ සම්බන්ධ  පාරිභෝගික අයිතීන් පිළිබඳව කටයුතු කරන පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා සක්‍රීය ලෙස ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව සහ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් යෙදීමේ වැදගත්කමද  කාරක සභාවේදී  සාකච්ඡාවට ලක්විය.

විසර්ජන පනත් කෙටුම්පත රජයේ ප්‍රතිපත්තීන්ට කෙතරම් දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී අනුමැතිය ලැබිණ.

කාරක සභාව හමුවට පැමිණ සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසා සිටියේ   2021 අයවැය පුරෝකථන සපුරාගැනීමට හැකිවූයේද යන්නයි.

සියලුම ණය පියවා ගැනීමට දේශීය අරමුදල් පමණක් භාවිත කරන්නේ නම්, නුදුරු අනාගතයේදී පොලී අනුපාත ඉහළ යාමක්  ඇතිවිය හැකි බවත්  එය දේශීය පෞද්ගලික  කර්මාන්ත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති  බවත්    මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා මෙහිදී   පෙන්වා දුන්නේය.



අදහස් (2)

‘සහල් ආනයනය කරනවානම් යල අස්වැන්න ගැන හිතන්න‘

චන්දන Friday, 03 December 2021 12:57 PM

යල අස්වනු ගැන හිතන්න එපා. අනිවාර්යෙන් හාල් 150ට යනවා. ඒක නවත්වා ගන්න නම් රටින් ගෙන්වා පාලනය කරන්න ඕනෑ...

:       1       3

Bamunuarachchi Friday, 03 December 2021 05:17 PM

රජයේ සහතික මිලට රජය වී මිලට ගන්නවා නම් අස්වැන්නක් ගැන හිතන්න දෙයක් නැහැ. ගොවියාට, රජයට වී විකුණාගන්න පුළුවන්... ගොවියා වැඩිමිලට මෝල් කාරයාට වී විකුණනවා නම් රජයට පාරිභෝගිකයා ගැන හිතන්න වෙනවා. එමනිසා සහල් ආනයනය කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 244 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 394 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site