(ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිටින මොහොමඩ් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් 2018 වසරේදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථාන දෙකකට කාල බෝම්බ ප්‍රහාර දෙකකට සම්බන්ධ බවට හෙළිව ඇතැයි පොලිසිය කියයි.
2018.02.06 දින පල්ලිය පාරේ නිවසකට හා සී බී කාසින් පටුමගේ ස්ථාපිත කර තිබු යහපාලනය සදහා වු ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාර 2 ක් පුපුරාවා හැර ඇති බවත්, එම පිපිරවීමේ සිද්ධියන් ද පාස්කු ප්‍රහාර මාලාවේ බෝම්බකරුවන් වන සහරාන් හසීම් කණ්ඩායමේ අනුගාමිකයන් විසින් සිදුකර ඇති බවට සිද්ධියෙන් වසර 3 ට පසු කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
කාන්තන්කුඩි බෝම්බ ප්‍රහාර දෙකේ කොටස් හා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ නඩු භාණ්ඩ වශයෙන් ලබා ගත් කොටස් හා සැසදෙන බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කාතන්කුඩි බෝම්බ ප්‍රහාර දෙකේ සැකකරුවන් වසර තුනකට පසුව අනාවරණය කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් ඊයේ (2) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහරාන්ලා 2018දී මඩකලපුවට බොම්බ ගහලා