IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සහරාන්ගේ ගෝලයෙක් මාවනැල්ලෙන් අල්ලයි

(ඉන්දිකා  රාමනායක, පී ශාන්ත.බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

ප්‍රාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන මොහොමඩ් සහරාන් ඇතුලු ඝාතකයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සහ සහරාන්ගේ  අන්තවාදි පන්ති වලට සහභාගි වීම  සම්බන්ධයෙන් සැකකරුවෙක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයේ මහනුවර  ඒකකය  මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන්  ලැබුණ තොරතුරු මත  පෙරේදා (2) සවස  ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකි.

පාස්කු දින  ප්‍රහාර මාලාවේ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම සැකකරු හම්බන්තොට   සිප්පිකුලම   ප්‍රදේශයේ දී මොහොමඩ් සහරාන් නැමැත්තා විසින් පවත්වාගෙන ගිය    අන්තවාදී   දේශන ඇතුළත් පුහුණු  කඳවුරකට  ද සහභාගි  වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අන්තවාදී කටයුතු වලට ආධාර අනුබල ලබා දීම,  තොරතුරු වසන් කිරීම   යන කරුණු වලට මොහු සම්බන්ධ බවට විමර්ශන වලදී හෙළි වී නිසා    සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මොහු    රඳවා  තබාගෙන   තවදුරටත්  ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය



අදහස් (0)

සහරාන්ගේ ගෝලයෙක් මාවනැල්ලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site