IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෙලෙන්දිවා පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්  නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම  හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සංශෝධිත   මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට    ශ්‍රේෂ්ඨාධිකරණය අද (03 ) අවසර ලබා දුන්නේය.

ඒ අනුව  එම විරෝධතා  ලබන ජනවාරි මාසයේ ගොනු කරන ලෙස නියම කෙරිණ.

එල්. ටී.බී.දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ  මෙම  පෙත්සම කැඳවූ අවස්ථාවේදී   නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය සදහන්  කලේ  මෙම සංශෝධිත පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.
ඒ සදහා කල් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව ඊට අවසර දුන් අධිකරණය පෙත්සම ජනවාරි මස කැඳවීමට නියම කලේය. වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක  පෙරේරා  විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස් .ආර්.ආටිගල , විනිමය සුරැකම් කොමිෂන් සභාව , කොළඹ කොටස් වෙළදපොළ , සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙකු  නම් කරනු ලැබ සිටිති.

පසුගිය වසරේ මාර්තු මස  04 වැනි දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යට‌ෙත් "සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්" සමාගම පිහිට වූ අතර එහි අයිතියෙන් සියයට සියක්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතු වන අතර  රාජ්‍යය සතු ව්‍යවසායක ආයතනයක් වන මෙම සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කටයුතු වන්නේ සත්කාරක සේවා සැපයීම බව සඳහන්  විණි.
මෙම සමාගම පාලනය කිරීම සදහා නියෝජිත ආයතන මෙරටේ හෝ විදේශයන්හී පිහිට වීමට බලතල  එහි අධ්‍යක්ෂ මණ්ඩලය ට හිමි වේ. එය  රටේ ආරක්ෂාවට සහ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් බව පෙත්සම් කරු කියයි. විගණකාධිපතිවරයාට මෙම සමාගමේ විගණන කටයුතු සිදු කිරීමට ඇති බලය අහිමි වේ.
පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වයටද මෙම සමාගමේ කටයුතු බරපතල ලෙසද බලපානු ඇතිබව  පෙත්සමෙහි සදහන් වේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ස්ථාපිත සෙලන්දිවා  සමාගම සතු  බලතල මගින්  මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට තීරණය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එසේම එම සමාගම සතු කොටස් , කොළඹ කොටස් වෙළද පොළේ ලැයිස්තුගත කිරීම වළක්වාලන අතුරු නියෝගයක්ද නිකුත්කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීම විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නියම කරන ලෙසද , පෙත්සම් විභාගයට අවසර දෙන ලෙසද ,  වගඋත්තර කරුවන් ට නොතීසි නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙත්සම්කරු  වෙනුවෙන් පෙනී සිටියේය.

 



අදහස් (0)

සෙලෙන්දිවා පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site