
(ඩයනා උදයංගනී)
මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත විය.
සිරිලාල් කොඩිකාර මහතා මියයන විට 97 වැනි වියෙහි පසුවිය.
පිටිහුම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොඩිකාර මහතා ප්‍රචීන භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති අයකු විය.
1948 වසරේ ආරම්භ වූ ‘සිංහල ජාතිය’ පුවත්පතෙන් පුවත්පත් කලාවට පිවිසි සිරිලාල් කොඩිකාර මහතා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.
සිරිලාල් කොඩිකාර මහතා දවස පුවත්පතට ‘කොසොල් රජුගේ අලුත් සිහින’ නමින් රචනා කළ ලිපි මාලාව මෙන්ම ඇත්ත පුවත්පතට රචනා කළ ‘රංචාගොඩ ළමයා’ ලිපි මාලාව ද පාඨකයන් අතර ඉතා ජනප්‍රිය විය.
ඔහු බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ ද රංචාගොඩ ළමයා නමිනි.
වාමාංශික දේශපාලනයේ නිරත වූ සිරිලාල් කොඩිකාර මහතා සිය මාධ්‍ය කලාව තුළ පීඩිත ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද හඬ නැගීය.
ගත් කතුවරයකු ද වූ කොඩිකාර මහතා ‘මගේ සාක්කිය‘, ‘කැලිස්ටාගේ සවාරිය‘, ‘ටයර් සෑය‘, ‘කනේරු මල්‘, ‘මා දුටු කෝසල සිහින‘, ‘දියවැලක් ඔස්සේ‘, ‘ලෙයින් ලියූ කවි‘, ‘නොරජුන්ගේ අන්තප්පුරය‘, ‘ගහෙන් වැටුණු ගැහැනිය‘, ‘නයිල් ගඟේ කෙස් ගස‘, ‘විශ්වය තුළ විශ්ව‘ ආදී කෘතීන් ද රචනා කළේය.
කවියෙකු ලෙසද නමක් දිනාගත් සිරිලාල් කොඩිකාර මහතා මෙරට ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ පසන් කොඩිකාර මහතාගේ පියාණන්ය.
සිරිලාල් කොඩිකාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරිලාල් කොඩිකාර මහතා දිවි සැරිය නිමකරයි
Demuni Uduwara Friday, 19 November 2021 06:47 PM
පරම නිබ්බාන සුවය වේවා..!
kotagune Friday, 19 November 2021 07:49 PM
ඇත්ත පත්තරේ ඉන්දෙද්දී දුන් ගුරුහරුකම් අමරණීයයි.
සනත් ගමගේ Friday, 19 November 2021 08:15 PM
පුවත්පත් කලාව ගැන ගැඹුරු දැනුමක් ඇති මානව හිතවාදී පුවත්පත් කලාවේදියාණෙනි, ඔබතුමාට නිවන්සුව...!!!
මැක්ස් Friday, 19 November 2021 09:23 PM
තවත් විශිෂ්ටයකුගේ සමු ගැන්ම. නිවන් සුව ලැබේවා...!