IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සජබ විරෝධය නියමිත පරිදි

(නිමල කොඩිතුවක්කු)

පොලීසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය යොදා වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළත් කොළඹ හයිඩ් පිටියේ  පැවිත්විමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව හෙට (16) පස්වරුවේ පවත්වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ.

සමගි ජනබලවේගය කොළඹ හයිඩ් පිටියේදී පවත්වන විරෝධතාවය සම්බන්ධයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

ආණ්ඩුවේ මර්ධනයට සහ තර්ජනවලට බියවී සමගි ජනබලවේගය ජනතාව වෙනුවෙන් සංවිදානය කර ඇති විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔව්හු සඳහන් කළහ.

ආණ්ඩුවේ වැඩපිලිවල හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවියන්, රාජ්‍ය සේවකයන් ඇතුලු රටේ සෑම ජනතාවටම ඒ සදහා එක්වන්නැයි ආරාධනා කර සිටින බවත්  ඔව්හු එහිදී පැවසූහ.



අදහස් (6)

සජබ විරෝධය නියමිත පරිදි

SUNIL MILANO Monday, 15 November 2021 02:58 PM

මෙයාලට අවශ්‍ය විරෝධතාවයට වැඩිය කොරෝනා පතුරවලා රට අස්ථාවර කරන්න .මේ සමගි බලවේගය නෙමෙයි කුරුම්බා බලවේගයක්

:       10       12

SuddaMonday, 15 November 2021 03:25 PM

හරියට හරි. රාජිතට තමයි වැඩියෙන්ම ඔය වුවමනාව තියෙන්නේ.. එයා විතරයි සෞඛ්‍ය කරන්න දන්නේ කියලා පෙන්නන්න. අනික් අයට ඕනෑ අයට හෙන වැදිලා හරි තමන් බලයේ ඉන්න ක්‍රමයක් හොයාගන්න එක. සජිත් සහ රංජිත් මද්දුම බණ්ඩාර කරුණාකරලා ගෙනෙන අයගේ ලැයිස්තුවක් හදන්න කියලා මන්ත්‍රී සහ සංවිධායක රැළට කියන්න. එකෙක්ට කොරෝනා හැදුණොත් මේ පාරවත් හරියට පිළිවෙලට රට පුරා බෝවෙන එක අඩු කරන්න සහ ඔවුන්ට කන්න දෙන වගකීම ගන්න...

:       5       9

Raveendra Monday, 15 November 2021 03:07 PM

හයිඩ්පාර්ක් පිටිය කිවූ පමණින් අපගේ මතකය දිවයන්නේ උගත් බුද්ධිමත් "ගොනානොගේ " තාත්ත දියවනාව පට්ටියේ ලොක්කා වී සිටි අවදියේ ලලිත් ඇතුලත්මුදලි මහත්මයා ප්‍රමුක පිරිස නව පක්ෂයක් ( රාජ අලියා) පිහිටවා පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබු මෙම පිටියට ඊට පෙර දින රාත්‍රී "ප්‍රේමදාසගේ" වම සහ දකුණු අත් වන පින්වත් අහිංසකයන් දෙදෙනෙක් වන මාළු නිහාල් ,සොත්ති උපාලි විසින් පල්දෝරු බව්සරයක් (ගලී බව්සරයක්) මුළු හයිඩ්පාර්ක් පිටියටම විසුරුවා හැර එම මංගල රැලිය කඩාකප්පල් කල විදිය. "මෙම අවලන් වැදගත්" වැඩ පිලිබදව රටේ පුරවැසියන් 99.99% නොදන්නෝය. මක්නිසාදයත් වැඩිපිරිසක් අද ඊයේ ඉපදුනු කිරි දරුවන් බැවිනි. පුතානෝද තාත්තාගේ ඒ නිවට වීර ක්‍රියාව නොදන්නවා ඇති. මොකද ඔහු තාමත් ළදරුවෙක් බැවිනි.

:       6       11

Raveendra Monday, 15 November 2021 03:20 PM

සජබ නමැති පැණි වරකා ගෙඩිය... "පෙනුමෙන්" ඉදිලා සුවඳයි සැමතැනම... "බලයටම" රොද බැදී නිල මැස්සන්ට... ප්‍රතිඵලය දරුණුය පුරවාගත් පව්වලට...

:       3       8

ගමේ එකාලා Monday, 15 November 2021 04:13 PM

රවින්ද්‍ර කියන්නේ වහලෙක් වෙන්ඩැ. ඔහුට මතක නැතුව ඇති වත්මන් ආණ්ඩුවේ ඉන්න අය රැස්වීම් කඩාකප්පල් කරන්ඩ කරපු දේවල්? මිනිමරාගත්තු හැටි ,කරපු දුෂන ? බල තණ්හාවෙන් පිස්සු වැටිලා කරපු හරිය. පාස්කු ප්‍රහාරයට යටින් ඉදන් ගේම දුන්නෙ කවුද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා. දැන් සැපද ?

:       0       0

ranga Monday, 15 November 2021 04:52 PM

සමගි පොකුරක් දෙසැම්බරයේ හදමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 769 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site