IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සංචාරකයන් ඇද බැඳ ගන්න ලස්සන වැඩක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩසටහනේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යතාරකා බාලසූරිය හා විදේශ කටයුතු,සංචාරක යන අමාත්‍යංශ ඉහලපෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී  ඊයේ (01) පැවැති මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්‍රී ලංකා තානාපතිවරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

මෙම සාකච්ඡාවේදී ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට මේ මාසය තුල තමන් නියෝජනය කරන රටට ආවේණික පරිදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා උපදෙස් දුන්නේය.

 



අදහස් (5)

සංචාරකයන් ඇද බැඳ ගන්න ලස්සන වැඩක්

siri Thursday, 02 December 2021 03:36 PM

ඔයිට වැඩිය හොඳ නැද්ද අර ගාලු කොටුවේ සංචාරකයින් ලවා කුණු එකතු කරන ශ්‍රමදාන පවත්වනවා වගේ දේවල් සිද්ධ නොවෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත්.

:       2       14

Sue Thursday, 02 December 2021 03:36 PM

සංචාරක ව්‍යාපාරය කරන්නදේශපාලකයින්ට පමණක් බැහැ.රටේ ජනතාව දැන්වත් කළ යුතුයි

:       1       9

Karunajeewa Thursday, 02 December 2021 04:31 PM

මැදපෙරදිග මිනිස්සු ලංකාවට එන්න පොරකමින් පෝලිම් වල ලතවෙනවා.

:       1       5

සුරලොව ඇල්මන් Thursday, 02 December 2021 04:45 PM

ඒ ගමන්ම මේ රටේ පිරිසිදුකම ඇතිකරන්න සංචාරකයන් සදහා පහසුකම් වැඩි කරන්න හොද ආගන්තුක සත්කාර ක්‍රම සලසන්න අනුරාධපුර ,පොලොන්නරුව සීගිරිය වැනි ප්‍රදේශවල ,මුහුදු ආශ්‍රිතව සංචාරක ප්‍රදේශවල රජයේ පිරිස් දැනුවත් කිරීමට යොදන්න (රැකියා දෙන්න පුළුවන් වේවි ) සංචාරකයන් සදහා ආරක්ෂක ක්‍රමයක් සකස් කරන්න

:       2       6

chithral Thursday, 02 December 2021 05:14 PM

නුවර එළියේ නගරයේ ප්‍රසිද්ධ වැසිකිලිය අපායක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site