එෆ්.අස්ලම්
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මේ පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීමට යෝජනා විය.
වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වීමත් මත රජයට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොකළ යුතුයි යන ස්ථාවරයේ දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් පසුවන බව එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසීය.
මේ අනුව පාර්ලිමේන්තු කණ්ඩායම හෙට (10) සවස ද රැස්වී මේ පිළිබද සාකච්ඡා කිරීමට තීරණය කළ බවද එම මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්,මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ සුමන්තිරන් යන නියෝජිතයින් ඊයේ (8) සවස අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා රජයට එරෙහි විශ්වාසභංගයේ දී රජයට සහාය පළකරන ලෙසට දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වය සදහන් කර ඇත්තේ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතුව ඇති බවය.
2025 නොවැම්බර් මස 04
772
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධාන තීරණය පසුවට කල් යයි