(ශාන්ත රත්නායක)
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (14) එම අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තාය.
එම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණ) අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරී රැසක් සහභාගී වුහ.
කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය.
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.
දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.
පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා විසින් රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 30 සමග සැකකරුවකු අද (17) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍ර
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වෛද්‍ය සීතා අරඹේපොළ රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි
siri Friday, 14 August 2020 01:53 PM
අර ඡන්දෙ කාලේ එම්.සී.සී. ගිවිසුම ගැන කියපුවා වමාරන්නත් වෙයිද අප්පා? දැන් ඒ කතාව බොහොම ජනප්‍රිය වෙලා ගජරාමෙට බෙදාහරිනවා.
විජිත් Friday, 14 August 2020 03:55 PM
කතාකරලා වැඩක් නැහැ සිරි, තමන් දන්න රස්සාව කරගෙන, ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලින් හම්බකරන ලක්ෂ ගණනත් තියාගෙන, ඒ ඔක්කෝටමත් වැඩිය මිනිස්සුන්ගේ ගෞරවය නිතරම ලබමින්, වැදගත් විදිහට හිඳිමින්, නිදහසේ දැරියන් දෙදෙනාත්, සැමියත් සමග සතුටින් නිදහසේ, කාටවත් බොරු නොකර, කාටවත් බිය නොවී, කාටවත් හිස පහත් නොකර ජීවත්වන්නට ...දෙවියන් විසින් දුන් මහඟු අවස්ථාව ..." එපා " කියා ශ්‍රී ලාංකික දේශපාලනය නම් අසුචි වලට පැන්න කට්ට කයිරාටික දේශපාලුවන්ගේ මුසාබස් වලින් මුලාවුණු තවත් අහිංසකාවියක්...!!! මම පුද්ගලිකවම මෙතුමිය ගැන දුක්වෙනවා.
SLFriday, 14 August 2020 05:04 PM
දැන් එතකොට දේශපාලනේට එන්න ඕනෙම හොරුද?
මෝFriday, 14 August 2020 11:41 PM
විජිත්, අපි දේශපාලනය අසූචි වලක් කියලා ඒ වල සුද්ද නොකර දූෂිතයින්ට වල ඉහගෙනම කන්න ඉඩදී බලා නොදී උගත්කමක් ඇති බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යවා තක්කඩින් විස්තාපනය කළයුතුයි.
MD Saturday, 15 August 2020 05:51 AM
රටේ සියලු ජනතාව ඔහොම හිතන්න ගියොත් කවදා මේ රට ගොඩගන්න පුළුවන් වෙයිද? කාර්යයන් ජයගන්න ඇයගේ ශක්තිමත් භාවය මනාව පෙන්නුම් කර ඇත. ඇයට තව තවත් ඵම කාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය දීම අපගේ උතුම් අරමුණ විය යුතුයි...
KooralageSaturday, 15 August 2020 07:11 AM
අපි දැක්කා මෙයා ආණ්ඩුකාර පදවිය දරන කොට... විරුද්ධ පක්ෂ කොච්චර දොස් කිව්වද ඒ කාලේ? දැන් ඉතින් මොන මොන දේවල් කරයිද?
athula Friday, 14 August 2020 08:08 PM
කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අැමතිකම් ගෝඨාගේ වියත් මගට මෙහෙනම් අනිත් දේවල් ගැන කුමන කතාද? ..කාට කියන්නද ඉස්සර වියත්මගේ බෙරිහන් දුන්නේ මුළු රෝහල් පද්ධතියම මෙයාගේ යටතට අරගෙන ඉතා උසස් සේවයක් ජනතාවට දෙනවා කියලා... දැන් බලපුවාම 72 ට තව පහක් විතරයි.. පුස්වෙඩි...!!!
Puppa Saturday, 15 August 2020 01:31 AM
හොර දේශපාලුවන්ගේ වැඩකරගන්න දාන ඉත්තො ගාණටම වැටිලයි ඉන්නේ.
jayasekara Saturday, 15 August 2020 04:12 AM
අර පොළවේ පය ගහන අය යන ඉස්කෝලෙ නේද මෙයා ගියේ? නිකන් මතක් කළේ...
සේන Saturday, 15 August 2020 04:52 AM
රටට, දැයට ආදරය කරන ගෞරවණීය චරිතයක්. මුදල් හම්බ කරන්න දේශපාලනයට නොම ආ වග ඉතා පැහැදිලියි. එහෙම අවශ්‍යතාවක් තිබේ නම් ඇයට ඒ සඳහා තම වෘත්තියට යෙදාගත හැක. වියත්මග හරහා ජනගත වූ මෙවැනි රත්තරන් මිනිසුන් දෙස ඇතැමුන් තවම බලන්නේ තමන්ට හිමි පහත් පෙළේ දේශපාලනික ඇසින්වග පෙනේ. දේශපාලන මඩ ගොහොරින් පිටතට විත් උතුම් මිනිසුන් දෙස බලා සිටින කාලය එළැඹී ඇත.
PathiranaSaturday, 15 August 2020 10:55 AM
මොන පිස්සුද සේන මහත්තයෝ..? ලංකා දේශපාලනයේ රටට වැඩකරන්න එන කවුරුවත් නැහැ. වෘත්තියෙන් සල්ලි හම්බ කරන්න නම් ඉස්පිරිතාලෙට ගිහින් වැඩ කරන්න ඕනෙ... මේක කොච්චර ලේසි වැඩක්ද? නිකම්ම ඉඳලා 10% 20% කොමිස් කෑලි පිටරට බැංකුවල තැන්පත් වෙනකොට...
Ranabahu Devinuwara. Saturday, 15 August 2020 05:00 AM
අනේ මන්දා, දයාසිරි මහත්තයාගේ මුහුණ ... තරමක් උණු වතුරෙන් හේදුවා කියලා කතාවක් යනවා. සමහර විට ගුප්ත ක්රමයක්ද කියලා දැනගන්න විදිහක් නැහැ. මොනවා වුණත් ඔබතුමිය හොඳම වෙදදුරුවරියක් කියලා දන්නවා. ඔබතුමියට සුබ අනාගතයක්... තෙරුවන් සරණයි.
MD Saturday, 15 August 2020 05:40 AM
සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ඔබතුමියට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!
Prabha Saturday, 15 August 2020 11:25 AM
අර අනම් මනම් කතාවලින් වැඩක් නැහැ. කොරෝනාවෙන් දැනට ලෝකයේ ලක්ෂ ගාණක් මියගිහින්... අර කිව්ව රහස් බෙහෙත ලෝකෙට දීලා ලංකාවට පළමු නොබෙල් සම්මානය අරන් එන්න.
thilak kumara Saturday, 15 August 2020 11:58 AM
ඔය වඳින විදිහ නම් කපටි දේශපාලුවන් අනුගමනය ක්‍රමයටමයි.
Kumar (Galf) Saturday, 15 August 2020 06:07 PM
යූ එන් පී කබ්බෝ ෆෝම් වෙලා තියෙන විදිය දැක්කහම හිතා ගන්න පුලුවන් සිරිකොතේ මේ දවස් වල යූ එන් පී බත් බැලයින්ට කන්න ඉඳුල්වත් නැතුව ඇති කියලා. රනිල්ගේ ගෝලයො ටික හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අය ජනාධිපතිවරනෙට කලින් කොච්චර මඩ ගැහුවද? කෝ ඉතින් අඩුම ගානේ රනිල්ට තමන්ගේ ආසනේවත් දිනා ගන්න පුලුවන් වුණාද? අපි දැක්කනේ සීනු කාරයෝත් එක්ක කරටකර තරග කරන ලස්සන. අන්තිමට සීනු කාරයොත් ගත්තා ආසන තුනක්. දැනුත් ඉතින් කොච්චර මඩ ගහන්න හැදුවත් මෙතුමියට රනිල් ආයෙත් පාර්ලිමේන්තු එනවා බොරු.