
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
කිලෝ ග්‍රෑම් 1,014 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 32 ක අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත මුලින්ම ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් තොගය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද (2) උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
ගුවන් යානයෙන් ගොඩ බාන ලද මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ.

2025 නොවැම්බර් මස 04
465
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2215
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1667
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවට ලැබුණු ’’ෆයිසර්’’ තෑග්ග
පිටිගල මිලානෝ Thursday, 02 December 2021 01:31 PM
ආධාර සල්ලිවලින් නැතුව මෙහෙම එවන එක හොදයි. මතකනේ සුනාමි ආධාර වලට වුන දේ....?
Sriland Thursday, 02 December 2021 03:01 PM
වැක්සින් කෝටි 3 ක් විතර මුදල් ගෙවලා ගෙනාව ,මේවාට කියන්නේ තෑගි කියලා නෙමෙයි බිස්නස් ගටා කියලා .අසරණ මිනිසුන් ගොනාට අන්දන්න එපා.නිදහස් මාධ්‍ය අවභාවිතා කරලා.ස්තුතියි