(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහ සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ය.
රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා වෙත යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇත.
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හ
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී.
ත්‍රිරෝද රථයේ නලාව නාද කළැයි උරණව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරමින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී අද (20) අලුයම එම බස් රථය මාර්ග
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැය
උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රන්ජන් ගැන හොයන්න අගමැතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
lankasri Thursday, 25 July 2019 01:33 PM
රන්ජන් ගැන නෙමේනේ හොයන්න ඕනේ එතුමා කියලා තියෙන දේවල් ගැනනේ හොයන්න ඕනේ. අපේ රටේ වැඩ ඔහොමම තමයි හඳ පෙන්නනකොට ඇගිල්ල දිහයි බලන්නේ හඳ දිහා නෙමේ.
ජයන්ත මිලානෝ Thursday, 25 July 2019 01:34 PM
ඇත්තටම ඉක්මනින්ම කලයුතු දෙයක්
Raveendra Thursday, 25 July 2019 01:48 PM
අනේ අපොයි ඇයි මේ
Perakum Thursday, 25 July 2019 01:49 PM
පේනවානේ අපේ රටේ දේශපාලනයේ මූලධර්ම. ජාතිය ආගම පදනම් කරගෙන මොන දේශපාලනයක්ද? දියුණු ලෝකය දෙස ඇස් ඇර බලන්න. ජාති ආගම් කුල මල පදනම් වූ දේශපාලනයක් ඇති රටක් කිසිදා දියුණු නොවේ.
රවින්ද්‍ර Thursday, 25 July 2019 02:57 PM
රන්ජන් ගැන හොයන්න නොවේ. රන්ජන්ගෙ වීඩියෝ වලින් හෙළිකරණ අපචාර ගැන හොයන්න
Hafeel Thursday, 25 July 2019 03:29 PM
මේ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් තමා කලිනුත් රවී කරුණානායක සම්බන්දව සොයා බලන්න කමිටුවක් පත් කලෙත් මේ අගමැති විසින්. අවසානයේ මාරපන මහතාගේ වාර්තාව අනුව මේ අගමැති කටයුතු කලෙත් නැහැ. ඒ නිසා මේකත් බොරු සංදර්ශනයක්.
NuwanFriday, 26 July 2019 06:45 AM
ජපානය, චීනය, කොරියාව... කොටින්ම එංගලන්තයද නොකිව්වට ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටක්.. හැකි නම් එසේ නොවේ යැයි එහෙ ගොස් පවසන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටම, සෞදිය... තව කොච්චර තියෙනවද?
m.w.n.ranesh Thursday, 25 July 2019 03:55 PM
මහත්වරුනේ මේ දිව කියන එක තියෙනවනේ ඒක එහෙම පිටින්ම අස්ථි වලින් තොරයි. ඉතින් මේ දිව හැම අතටම නැවෙනවනේ. ඒත් පොඩි අවුලක් තියෙනවා දිව දන්නේ නැ දිව තියෙන්නේ දත් 32 ක් මැද්දේ කියලා. එක පාරටම හැපිලා ලේ ගලන්න පුළුවන් හරි අමාරු වෙනවා ඒ වෙලාවට. වේදනාව දැනෙනවා තදටම. මේක කාටත් හොද පාඩමක් නේද. බුදු පියානෝ මේ ගැන කියලා තියෙනවා
gamarala Thursday, 25 July 2019 04:01 PM
කතා කියපුව ගැන සොයන්නත් කමිටු දැම්මට කමක් නැහැ, හැබැයි ජනතා මුදලින් සතයක්වත් වියදම් කරන්න නම් එපා.
Mann Friday, 26 July 2019 02:28 AM
මේ ලෝකයේ වැඩිම කමිටු පිහිටුවීම ගැන ගිනස් වාර්තාවේ හිමිකම කාටද?
Jagath France Friday, 26 July 2019 06:47 AM
රන්ජන් ගැන හොයන්න නොවේ. රන්ජන්ගේ වීඩියෝ වලින් හෙළිකරණ අපචාර ගැන හොයන්න..
mp Friday, 26 July 2019 07:15 AM
කටට පොරොප්පයක් විතරයි ඕනේ...!
Bamunuarachchi Saturday, 27 July 2019 01:36 PM
මේ ගොයියාව පන්නා දමන එක ඔයිට වඩා ලාභයි නේද? ගම්පහ ජනතාව මඤ්ඤන් මේවගේ අයට තමයි ඒ ගොල්ලෝ කැමති...