IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


රන්ජන් එක්ක සෙල්ෆි ගැහුවේ හර්ෂණ - බිල්ලට ගියේ ජේලර්


(නිමන්ති රණසිංහ)
 
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අවස්ථාව සලසාදුන්නැයි බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.
 
අගුණකොළපැළැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක මහතා සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව ද ඔහු සදහන් කළේය.
 
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (15)

රන්ජන් එක්ක සෙල්ෆි ගැහුවේ හර්ෂණ - බිල්ලට ගියේ ජේලර්

Kiraa Tuesday, 09 March 2021 09:42 AM

බලාගෙන... මිනිහාට දුරකථන අහුවෙන්න තියන්න එපා. ආයෙත් කෝල් කරයි අරයාට..

:       59       51

fairoos Tuesday, 09 March 2021 09:57 AM

එක රටක්.. එක නීතියක්...

:       5       17

Chinthaka Tuesday, 09 March 2021 10:42 AM

මේ වැඩේ හින්දා නිලධාරියෙකුගේ වැඩ තහනම් වුණා.

:       0       0

මනෝජ් Tuesday, 09 March 2021 10:54 AM

පහත් තැනින් යයි ගලා ජලේ,

:       0       1

Asanga Tuesday, 09 March 2021 11:32 AM

අනේ අපොයි එතකොට කවුද මේකේ වැරදිකාරයා. බලන අපිද.?

:       0       0

Kamal Tuesday, 09 March 2021 11:43 AM

දුමින්ද ගහපු සෙල්ෆි වලට කාගෙවත් වැඩ තහනම් වුනේ නෑනේ...

:       1       1

qatar sita Tuesday, 09 March 2021 11:44 AM

නීතිය ගැන දන්නා අයම නීති කඩනවා නම් තව මොන කතාද?

:       0       0

Ruhunu Tuesday, 09 March 2021 12:48 PM

ජේලර්වරු පගාවට ඕනෑ දෙයක් කරනවා.

:       8       12

sanath Tuesday, 09 March 2021 02:54 PM

එතකොට, දුරකථනය සිර මැදිරියට ගෙන ගිය මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් වෙන්නේ නැද්ද?

:       2       36

gunarathnaWednesday, 10 March 2021 01:48 AM

මන්ත්‍රී කෙනෙකුට දුරකථනයක් ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නය රංජන් එක්ක සෙල්ෆි ගහපු එක. මේවා නතර කරන්න නම් කරන්න ඕනේ මෙහෙම තමයි. නැතිව මන්ත්‍රීලාට විරුද්ධව කටයුතු කරන්න බැහැ. මේක දැකපුවාම අනික් ජේලර්ලා බය වෙනවා.

:       0       3

Bandara Wednesday, 10 March 2021 01:46 AM

හොඳ වැඩේ... !!!

:       0       1

Senarath Wednesday, 10 March 2021 03:32 AM

මෙයාලා දන්නේ ගැලරියට වැඩ කරන්න විතරයි. රටට වැදගත් කිසිම දෙයක් මෙයා කරලා තියෙනවද? රටට දැනෙන වැඩක් නොකරන කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න හොඳ නැහැ. ජනතාවගේ සල්ලිවලින් පඩි කකා ජනතාවම ගොනාට අන්දවනවා.

:       0       3

sriyal Wednesday, 10 March 2021 04:02 AM

ලොක්කෝ වැරැදි කළාම, පොඩි අයව වැරැදි වහලා බිල්ලට දෙනවා. කැකිල්ලේ නඩු තීන්දුව තමයි ඉතින්..

:       0       1

nihal Wednesday, 10 March 2021 04:10 AM

තුෂාර, ඔයා වැරැදි වැඩ කරන්න එපා..

:       0       0

Chinthaka Wednesday, 10 March 2021 05:04 AM

මන්ත්‍රීවරයා පොරක් වෙන්න හදනකොට අහිංසක රාජ්‍ය නිලධාරියෙක් ගෙදර...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට
2025 ජනවාරි මස 19 26 0

දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කිය


දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 19 57 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේ


විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට
2025 ජනවාරි මස 19 341 0

කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරය


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 570 0

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි
2025 ජනවාරි මස 19 327 0

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් ‍බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක


කෝටි 28 හිමිකරු මාට්ටු
2025 ජනවාරි මස 19 755 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 361 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 594 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site