IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රිදීමාලියද්දේ නිවසකින් ගුවන් යානා ප්‍රහාරක උණ්ඩ තොගයක් සොයා ගනී

(නිශාන්ත කුමාර)

ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන  සී.බී.සී වර්ගයට අයත්  විදේශීය රටක නිෂ්පාදනය කරන ලද  ජීව උණ්ඩ හැත්තෑ තුනක්  ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක්  අද (05) සැකකරුවෙකු  සමඟ   රිදීමාලියද්ද  කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව  රිදීමාලියද්ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නිවාඩු ලබා පැමිණී 35 හැවිරිදි යුද හමුදා සෙබලෙකි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි  බර අවි සඳහා යොදනු ලබන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-95 වර්ගයේ ජීව උන්ඩ 24 ක්, සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-81 වර්ගයේ ජීව උන්ඩ 49 ක්  , එෆ් එන් එම් වර්ගයේ මිලිමීටර් 5.81 ජීව උන්ඩ 273  ක්, විදේශීය රටක හෝ මෙරට නිෂ්පාදිත 5.81 උණ්ඩ යොදන යකඩ බැරල් එකක් ,බෝර 12 යකඩ බැරල් එකක් සහ ඒවා අසුරා තිබූ මලු කීපයක් තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හමුදා සෙබලාට අයත් කාමර දෙකකින් යුත් නිවසේ එක් කාමරයක් තුළ මෙම උණ්ඩ තොගය ගබඩා කර තිබිණී.

මොහු කුමන හේතුවක් සඳහා මෙම උණ්ඩ රැගෙන විත් ඇද්දැයි මේ වන තුරුත් අනාවරණය වී නොමැති බවත් සැකකරු හෙට (6) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.



අදහස් (7)

රිදීමාලියද්දේ නිවසකින් ගුවන් යානා ප්‍රහාරක උණ්ඩ තොගයක් සොයා ගනී

wije Tuesday, 05 March 2019 04:26 PM

අනේ පව් එයා නිකම් සෙල්ලම් කරන්න ගෙන්න ඇති.

:       0       273

anura Tuesday, 05 March 2019 04:57 PM

තුවක්කුව පස්සේ ගේන්න වෙන්නැති උණ්ඩ විතරක් නොවැ ගෙනල්ල තියෙන්නේ

:       0       241

abaran Tuesday, 05 March 2019 08:42 PM

උණ්ඩ තියේ නම් තුවක්කුවක් හදාගන්න එක කජ්ජක්යැ?

:       0       1

Mahee Wednesday, 06 March 2019 03:14 AM

ආසාවට ගෙනාපු සෙල්ලම් බඩු හින්ද දැන් ඉතින් හිරේ විලංගුවේ ලැගහල්ලකෝ. තමන් හමුදාවේ හිටිය පලියට ඔහොම දේවල් ළඟ තියාගන්න එක වැරදියි කියල යාලුවෙක්වත් කියල දුන්නේ නැද්ද?

:       0       51

Chandima Wednesday, 06 March 2019 07:44 AM

පස්සේ කාලෙක කාට හරි විකුණගන්න පුළුවන්නේ කියලා හිතන් ගෙනාවද ?

:       0       3

sirimal Wednesday, 06 March 2019 09:13 AM

අනුමානයක් නැහැ මත්තල ගුවන් තොටුපලේ ඉඳල පකිස්තානයට පහර එල්ල කරන්නට රිදීමාලියද්දට උඩින් පියාසර කරන ඉන්දියානු ගුවන් හමුදාවේ යානා වලට දමල ගහන්න තමා ඕවා ගෙනැත් තියෙන්නේ. මත්තල ඉන්දියාවට විකුණුවේ ඒවගේ වැඩ වලට කියලනේ ඔය විපක්ෂයේ සමහරු කියන්නේ.

:       15       38

lal Wednesday, 06 March 2019 12:17 PM

මෙය සැහැල්ලුවෙන් සැලකීමට නුසුදුසු බැරෑරුම් දෙයක්. බොහෝ විට රාජ්‍ය නායකයින් රාජකාරී කටයුතු සඳහා මෙන්ම යාලු මිත්‍රයන් බැලීමට පවා යොදා ගන්නේ හෙලිකොප්ටර් යානාය. එබැවින් කුමන අරමුණකින් මෙම අවි ආයුධ රැස් කලේද කියා සොයා බැලිය යුතුයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site